DFCC Remittances – “බඩු මල්ලක්” ප්‍රවර්ධන වැඩසටහන

ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන කාල සීමාව:

  • මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 ජූලි මස 15 වන දින සිට 2025 ඔක්තෝබර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ.

සුවිශේෂී ප්‍රතිලාභ

  • සෑම මසකම තෝරාගත් ජයග්‍රාහකයින් 70 දෙනෙකු සඳහා රු. 10,000/= වටිනා මුදල් වවුචරයක් පිරිනැමේ.
  • මෙම වවුචර දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙලේ සුපිරි වෙළඳසැලක් හරහා භාවිතයට ගත හැක.
  • විදේශගතව සිටින හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි ගනුදෙනුකරුවන් සඳහා රු. 10,000/= ක මුදල් බැර කිරීමක් (සෘජුවම DFCC බැංකු ගිණුමට) සිදු කෙරේ.
  • ඔබට ආසන්නතම DFCC බැංකු ශාඛාවෙන් වවුචර ලබා ගැනීමේ පහසුව සලසා ඇත.

සුදුසුකම් ලැබීමේ නිර්ණායක

  • ප්‍රවර්ධන කාලය තුළදී Lanka Money Transfer (LMT) හරහා DFCC බැංකු ගිණුමකට විදේශ ප්‍රේෂණයක් ලැබිය යුතුය.
  • සෑම මසකම LMT හරහා ප්‍රේෂණ ලබන පළමු DFCC බැංකු ගිණුම් 70 තෝරා ගනු ලැබේ.
  • සම්පූර්ණ ප්‍රවර්ධන කාලය තුළ එක් ගනුදෙනුකරුවෙකුට එක් ත්‍යාගයක් පමණක් හිමි වේ.

අවශ්‍ය ලියකියවිලි

මෙම වැඩසටහන සඳහා අමතර ලියකියවිලි අවශ්‍ය නොවේ. සුදුසුකම් ලැබීම සඳහා ඔබගේ DFCC බැංකු ගිණුමට LMT හරහා විදේශ මුදල් ප්‍රේෂණයක් ලැබීම ප්‍රමාණවත් වේ.

Frequently Asked Questions (FAQs)

01.මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණ කුමක්ද?

    මෙම වැඩසටහන මඟින් DFCC බැංකුවේ 70 වන සංවත්සරය සැමරීම අරමුණු කරන අතර, LMT හරහා මුදල් ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන්ට ත්‍යාග පිරිනමමින් මුදල් ප්‍රේෂණ එවන සහ ලබන ප්‍රජාව සමඟ අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි. මෙය අපගේ ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනැගීමට ඇති කැපවීම විදහා දක්වයි.

02.ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන කාල සීමාව කුමක්ද?

    මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 ජූලි මස 15 වන දින සිට 2025 ඔක්තෝබර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ.

03.සුදුසුකම් ලබන්නේ කවුද?

    DFCC බැංකු ගිණුමකට LMT හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබන ඕනෑම අයෙකු සුදුසුකම් ලබයි. සෑම මසකම පළමු ප්‍රතිලාභී ගිණුම් ලාභීන් 70 තෝරා ගනු ලැබේ.

04.”පළමු ගිණුම් 70″ තීරණය කරන්නේ කෙසේද?

    ජූලි මාසය සඳහා වන ත්‍යාගය සඳහා ජූලි 15 වන දින සිට ලැබෙන පළමුව විදේශ මුදල් ප්‍රේෂණ එවූ, කළ 70 සුදුසුකම් ලබයි. ඉතිරි මාස තුන සඳහා ගිණුම් හිමියන් තෝරා ගැනීම අදාළ මාසයේ පළමු වන දින සිට මුල් ගිණුම් බැර කිරීම් වලට අනුව සිදු කෙරේ.

05.ප්‍රවර්ධන කාලය තුළදී ගනුදෙනුකරුවෙකුට එක් වතාවකට වඩා ජයග්‍රහණය කළ හැකිද?

    නැත, මුදල් ප්‍රේෂණ කිහිපයක් ලැබුණද, මාස 4ක සම්පූර්ණ ප්‍රවර්ධන කාලය තුළදී ගනුදෙනුකරුවෙකුට එක් ත්‍යාගයක් පමණක් ලැබිය හැක.

06. තෝරාගත් ගනුදෙනුකරුවන් සඳහා වන ත්‍යාගය කුමක්ද?/strong>

    තෝරාගත් සෑම ගනුදෙනුකරුවෙකුටම ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි අලෙවිසැල් ජාලයක් හරහා භාවිත කළ හැකි රු. 10,000 ක් වටිනා වවුචර ලැබෙනු ඇත.

07. ගනුදෙනුකරු විදේශගතව සිටී නම් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි නම් කුමක් සිදුවේද?

    එවැනි අවස්ථාවලදී, වවුචරයක් වෙනුවට රු. 10,000 ක් සෘජුවම ගනුදෙනුකරුගේ DFCC බැංකු ගිණුමට බැර කරනු ලැබේ.

08. මුදල් වවුචර බෙදා හරින්නේ කෙසේද?

    අදාළ මුදල් වවුචර DFCC බැංකු ශාඛා වෙත යවනු ලබන අතර, අදාළ ජයග්‍රාහකයාට ඒවා බෙදා හැරීමේ වගකීම DFCC බැංකු ශාඛා සතු වේ.