විශේෂ නිවේදනය – DFCC Bank PLC

විශේෂ නිවේදනය

විශේෂ නිවේදනය

DFCC බැංකුවේ ගනුදෙනුකාර භවතුන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි!


නව ගිණුම් අංකය පිළිබඳව


අපගේ වටිනා ගනුදෙනුකාර භවතුනි,


ඔබ දන්නා පරිදි DFCC බැංකුවේ ප‍්‍රධාන නව මෙහෙයුම් පද්ධතිය පසුගිය දා ක‍්‍රියාත්මක කළ අතර ඒ සම්බන්ධයෙන් පහත තොරතුරු පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.


  • ඔබට නව ගිණුම් අංකයක් ලබා දී ඇත. ඒ නමුත්, අපි පැරණි සහ නව ගිණුම් අංක දෙකම, අපගේ නව පද්ධතියට අන්තර්ගත කර ඇති නිසා ඔබගේ සියලු ගනුදෙනු සිදු කිරීම සඳහා පැරණි ගිණුම් අංකය ඉදිරියටත් භාවිතා කළ හැකිය.
  • ඔබගේ පැරණි ගිණුම් අංකය සහිත දැනට භාවිතා කරනු ලබන චෙක් පොත ඉදිරියටත් භාවිතා කළ හැකිය.
  • ඔබට ඔබගේ පැරණි ගිණුම් අංකය භාවිතාකර SLIPS/CEFTS හරහා ඕනෑම ආකාරයක ගනුදෙනුවක් සිදු කළ හැකිය.
  • ඔබගේ සියළුම ගනුදෙනු සඳහා ඩෙබිට් කාඩ්පත ඉදිරියටත් භාවිතා කළ හැකිය.
  • ඔබගේ දැනට බැංකුව වෙත ලබා දී ඇති ස්ථාවර නියෝග සඳහා කිසිඳු වෙනසක් සිදු නොවේ.

පාරිභෝගික කේන්ද්‍රීය සහ ඩිජිටල් සේවා පහසුකම් වලින් පරිපූර්ණ බැංකුවක් වශයෙන් ඔබගේ නව ගිණුම් අංකය හරහාද, කිසිඳු බාධාවකින් තොරව ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය සියළුම කටයුතු සකසා ඇත.


නව ගිණුම් අංකයට අදාළ තොරතුරු සඳහන් ලිපියක් ඉදිරි දින කිහිපය තුලදී තැපැල් මාර්ගයෙන් ඔබට ලැබෙනු ඇත.


තවද, වැඩිදුර සහාය ලබාගැනීම සඳහා කරුණාකර ළඟම ඇති DFCC බැංකු ශාඛාව සමඟ සම්බන්ධ වන ලෙස හෝ අපගේ (24X7‍) සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙසද ඉල්ලා සිටිමු.


මේ සම්බන්ධයෙන් ඔබට සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප‍්‍රකාශ කර සිටින අතර ඔබගේ ඉවසීම සහ අවබෝධය වෙනුවෙන් අපගේ අවංක ස්තූතිය පලකර සිටින්නෙමු.


නිතර අසන ප්‍රශ්න පිරික්සීම සඳහා මෙතැන ක්ලික් කරන්න.


බැංකු කළමණාකරුවන්ගේ විස්තර පිරික්සීම සඳහා මෙතැන ක්ලික් කරන්න.


පින්නකල් කළමණාකරුවන්ගේ විස්තර පිරික්සීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

Skip to content
page-default-temp.php