
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් 1% ක Cashback දීමනාවක්
March 14, 2023

DFCC බැංකුව තම කාඩ්පත් හිමියන්ගේ අවශ්‍යතාවන් නිවැරදිව හඳුනා ගනිමින්, ඔවුන්ට වසරේ දින 365 පුරාම 1% ක Cashback දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇත. වෙනත් පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන් මෙන් නොව DFCC බැංකුවේ මෙම Cashback දීමනාවෙන් ලැබෙන මුදල් DFCC ඉතුරුම් ගිණුමක් වෙත යොමු කළ හැකි නිසා, කාඩ්පත් හිමියන්ට වඩාත් පැහැදිලි සහ ප්‍රායෝගික ලෙස ඉතුරුම් ප්රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව හිමි වේ. ගනුදෙනුකරුවන්ගේ රුචිකත්වය සහ සුදුසුකම් අනුව, Mastercard සහ Visa කාඩ්පත් වර්ග රැසක් අතරින් තමන්ට කැමති කාඩ්පත් වර්ග තෝරාගත හැකි අතර, එම කාඩ්පත් හරහා විශේෂයෙන්ම උත්සව කාලසීමාවන් ඇතුළුව වසර පුරාම විවිධාකාර වට්ටම් සහ දීමනා හිමි වේ.
DFCC Pinnacle කාඩ්පත් හිමියන්ට ඉන්ධන, ආපනශාලා, උපයෝගීතා සේවා බිල්පත් සහ විදේශ ගනුදෙනු සඳහා සහතික කළ 3% ක CashBack දීමනාවක් හිමි වන අතර, DFCC World Mastercard කාඩ්පත් හිමියන්ට විදේශ ගනුදෙනු සඳහා අනිවාර්යයෙන්ම 1.5% ක CashBack දීමනාවක් හිමි වේ. Visa Prestige කාඩ්පත් හිමියන්ට ඉන්ධන සහ උපයෝගීතා සේවා බිල්පත් සඳහා 3% ක අනිවාර්ය දීමනාවක් හිමි වන අතර, Visa Salary Partner කාඩ්පත් හිමියන්ට ඉන්ධන සඳහා 3% ක අනිවාර්ය CashBack දීමනාවක් හිමි වේ. මීට අමතරව, එම කාඩ්පත් හිමියන් සියලුම දෙනාට අනෙකුත් සියලුම ගනුදෙනු සඳහා 1% ක CashBack දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.
කාඩ්පත් හිමියන්ගේ ජීවන රටාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට, කාඩ්පත් වර්ගය අනුව එකිනෙකට වෙනස් වරප්‍රසාද හා ප්රතිලාභ හිමි වුවද, ඔවුන් සියලුම දෙනාට සෑම ගනුදෙනුවක් සඳහාම අවම වශයෙන් 1% ක CashBack දීමනාවක් හිමි වේ. මීට අමතර තවත් දීමනා සහ වට්ටම් රාශියක් ඔවුන්ට හිමි වන අතර, නවතම චිප් තාක්ෂණයන්ගේ පහසුව සහ කාර්යක්ෂමතාව අත්විඳීමටද ඔවුන්ට මෙමගින් අවස්ථාව ලැබේ.
කාඩ්පත් හිමියාගේ හෝ ඔහු/ඇය විසින් නම්කරනු ලබන වෙනත් පුද්ගලයෙකුගේ DFCC ඉතුරුම් හෝ ජංගම ගිණුමකට මෙම දීමනාව බැරකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර, එහිදී එම ඉතුරුම්වලට පොලියක්ද හිමි වීම ඔවුන්ට ලැබෙන අමතර වාසියකි.
“DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් දේශීයව හා ජාත්‍යන්තරව පිළිගනු ලබන අතර ඒවා භාවිතා කිරීමේදී ප්රතිලාභ රාශියක් හිමි වෙනවා. සෑම ගනුදෙනුවකදීම අනිවාර්යයෙන්ම 1% ක Cashback දීමනාවක් හිමි වීම ඒ අතරින් ප්‍රධානයි. මෙය ගනුදෙනුකරුවන්ට ලැබෙන සුවිශේෂී ඉතිරියක් වන අතර, එම ඉතුරුම් ඔවුන්ට පසුව වෙනත් අරමුණු සඳහා භාවිතා කිරීමට හැකි වෙනවා. ඊට අමතරව, විශේෂයෙන්ම සංචාරක කටයුතු සම්බන්ධ ප්රතිලාභ පිරිනමන කාඩ්පත්ද ඇතුළුව, කාඩ්පත් වර්ගය අනුව තවත් විශේෂ දීමනා හා වරප්‍රසාද රාශියක් හිමිකර ගැනීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමිවෙනවා.” DFCC බැංකුවේ උප සභාපති සහ කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.

DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.