
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් කාඩ්පත් හිමියන්ට වැඩි මූල්‍යමය නිදහසක් සමඟ නම්‍යශීලීත්වය ගෙනෙන ප්රතිලාභ රැසක්
March 14, 2023

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට වැඩි මූල්‍යමය නිදහසක් හා නම්‍යශීලීත්වයක් හිමි වන ආකාරයට තම ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පිරිනමන ප්රතිලාභ තවදුරටත් වැඩිදියුණු කර තිබේ. ඒ අනුව Gold, Platinum, Signature, Infinite, World MasterCard සහ අනෙකුත් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම සහ කාඩ්පත් මත පිරිනමන ණය වැනි සේවාවන් සඳහා වඩාත් හොඳ සේවාවක් සමග ඉහළ නම්‍යශීලීත්වයක් අත්විඳීමට හැකි වනු ඇත.
වෙනත් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ටද, එම කාඩ්පත්වල ශේෂය DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කිරීම මගින් මෙම ප්රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ. මෙම ක්‍රමය යටතේ ඔවුන්ට වඩාත් හොඳ සේවාවක්, සහනදායී පොලී අනුපාත සමග වැඩි ඉතිරියක්ද හිමි වනු ඇත.
DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබාදෙන පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගනුදෙනුකරුවන්ට රු. 10,000/- කට වැඩි ගනුදෙනු සඳහා මාස 60 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වන අතර, ඒ සඳහා අයකෙරෙනුයේ මූලික ගාස්තුවක් හා සේවා ගාස්තුවක් පමණි. මේ නිසා මෙම සේවාව, වර්තමානයේ ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි වඩාත්ම සහනදායී පහසු ගෙවීමේ ක්‍රම අතරින් එකක් ලෙස සැලකෙන අතර, මෙමගින් ඔවුන්ට කරදරයකින් තොරව රිසි සේ තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට හැකියාව ලැබේ.
DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මත ණය ලබාදීමේ සේවාව මගින් කාඩ්පත් හිමියන්ට තම ණය සීමාවෙන් 75% ක් දක්වා ක්ෂණික ණයක් ලබාගත හැකි අතර, ක්ෂේත්රයේ අවම පොලී අනුපාත යටතේ එම මුදල ආපසු ගෙවීම සඳහා ඔවුන්ට මාස 60 ක් දක්වා කාලය හිමි වේ. මෙය කාඩ්පත් හිමියන්ට අනපේක්ෂිත වියදම් හෝ හදිසි මුදල් අවශ්‍යතා හමුවේ ලැබෙන සුවිශාල සහනයකි.
“’කාටත් ගැළපෙන බැංකුව’ ලෙස හැඳින්වෙන DFCC බැංකුව, මෙරට බැංකු ක්ෂේත්රයේ වසර 65 කට වැඩි උරුමයක් සහිත බැංකුවක්. ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාව සහ මිලදී ගැනීමේ හැකියාව වැඩිදියුණු කරන සහ මූල්‍ය පිරිවැය අවම කරන නව්‍ය සහ පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීමට අප කැප වී සිටිනවා. මේ ආකාරයට ක්‍රෙඩිට් කාඩ්පත් මගින් හිමිවන ප්රතිලාභ තවදුරටත් පුළුල් කිරීම, මෙම උත්සාහයේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම සියලුම නිෂ්පාදන හා සේවාවන් සඳහා වෙළඳපොළේ හොඳම පොලී අනුපාත සමගින් සෑම ගනුදෙනුවක් සඳහාම 1% ක CashBack දීමනාවක් ලබා දීම මගින් අපගේ ගනුදෙනුකරුවන්ට විශේෂයෙන් වර්තමාන ආර්ථික තත්ත්වයන් තුළ වැඩි මූල්‍ය නම්‍යශීලීත්වයක් සමග, මූල්‍ය කළමනාකරණය කාර්යක්ෂමව සිදුකිරීම සඳහා විකල්ප රාශියක්ද හිමිවනවා.” DFCC බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය

DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.