
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුවේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ සුවිශේෂී වාසි රාශියක්
April 6, 2023

DFCC බැංකුව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් “WOWrudu” නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. මේ යටතේ, DFCC බැංකුවේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අලෙවිසැල් 400 කට වැඩි සංඛ්‍යාවකදී 50% ක් දක්වා වට්ටම් හිමි වනු ඇත. මීට අමතරව, සාමාන්‍යයෙන් මුළු මුදලම එකවර ගෙවා මිලදී ගැනීමට අපහසු භාණ්ඩ මිලදී ගැනීමට තම කාඩ්පත් හිමියන්ට අවස්ථාව සලසා දීම සඳහා විශේෂ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමටද DFCC බැංකුව මෙවර පියවර ගෙන තිබේ. ඇඳුම් පැළඳුම් සහ ගෙදරදොර භාණ්ඩ ඇතුළුව තවත් භාණ්ඩ වර්ග රාශියක් සඳහා මෙම වට්ටම් හා දීමනා හිමි වනු ඇත.
“අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මේ අවුරුදු සමයේ “WOWrudu” වැඩසටහන දියත් කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය රටේ බොහෝ දෙනෙකුට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබෙන කාලසීමාවක් බව අප දන්නවා. ඔවුන්ට සුවිශේෂී සහනයක් සලසමින්, අලුත් අවුරුද්දේ සතුට සිත් සේ අත්විඳීමට අවස්ථාව ලබාදීමට අපට අවශ්‍ය වුණා. පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුව වශයෙන්, ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන, අපගේ හවුල්කාර අලෙවිසැල් ජාලය හරහා ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන වට්ටම් හා දීමනා පිරිනැමීමට අප සෑම විටම උත්සාහ කරනවා. DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රෙඩිට් කාඩ්පත් අතරින් එකක් බවට පත් වී තිබෙන්නේ ඒ නිසයි.”
මීට අමතරව DFCC බැංකුවේ කාඩ්පත් හිමියන්ට 1% සිට 3% දක්වා CashBack දීමනාවක්ද හිමි වේ. මෙම CashBack දීමනාව DFCC බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමකට බැරකෙරෙන අතර, එම ගිණුමේ ශේෂය අනුව පොලියක් හිමි වීම කාඩ්පත් හිමියන්ට ලැබෙන අමතර වාසියකි. තවද සියලුම DFCC ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ණය සීමාවට සාපේක්ෂව 75% ක් දක්වා ණය පහසුකම් ලබාගැනීමටද අවස්ථාව සලසා දී ඇත.
වෙළඳපොළේ අවම සේවා ගාස්තුවක් යටතේ පිරිනමන පහසු ගෙවීමේ ක්‍රම තුළින් ගනුදෙනුකරුවන්ට අදාළ මුදල ආපසු ගෙවීම සඳහා මාස 60 ක් දක්වා කාලයක් හිමි වේ. එමෙන්ම නම්‍යශීලී ක්‍රමවේදයක් යටතේ වෙනත් ක්‍රෙඩිට් කාඩ්පත්වල ශේෂයන් DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමක් වෙත බැර කර, වඩාත් හොඳ ගාස්තු සහ සේවා අත්විඳීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දී ඇත.
ඔබ මෙතෙක් DFCC ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගෙන නොමැති නම්, අදම ඒ සඳහා අයදුම් කර මේ සුවිශේෂී වට්ටම් හා දීමනා සමග සෑම ගනුදෙනුවක් සඳහාම 1% සිට 3% දක්වා සුවිශේෂී CashBack දීමනාවක්ද අත්විඳින්න.