
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුවේ සේවය කරන සාමාජිකාවන්ට හරසර පිරිනමයි විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය සඳහා වූ කැපවීමද අවධාරණය කරයි
March 28, 2023

DFCC බැංකුව තම කාර්ය මණ්ඩලයේ සේවය කරන කාන්තාවන් ඇගයීම සහ බැංකුවේ සාර්ථකත්වය උදෙසා ඔවුන් ලබාදෙන දායකත්වය සිහිපත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් පසුගියදා සංවිධානය කළේ ය. සතියක් පුරා පැවති මෙම වැඩසටහන් මාලාවේදී ස්ත්‍රී-පුරුෂ සමානත්වය තහවුරු කිරීමේ වැදගත්කම මෙන්ම, විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය උදෙසා DFCC බැංකුව දක්වන කැපවීමද අවධාරණය කරන ලදි. මෙම ප්‍රධානතම අංගය ලෙස පැවති සංවාදමය වැඩසටහනට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ප්‍රවීණ බැංකු නිලධාරිනියක මෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිනිය වන කිමාර්ලි ප්‍රනාන්දු සහ ව්‍යවසායිකාවක සහ ‘Butter Boutique’ හි නිර්මාතෘ රුක්ෂි නෙත්තිකුමාර යන මහත්මීහු සහභාගී වූහ. එහිදී ඔවුහු රැකියා ස්ථානයන් තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පවත්වා ගැනීමේ වැදගත්කම සහ ඒ සම්බන්ධයෙන් තමන් සතු අත්දැකීම් විස්තර කළහ. මීට අමතරව DFCC බැංකුවේ ශාඛා ජාලය තුළ කනිෂ්ඨ සාමාජිකාවන්ට අවශ්‍ය මගපෙන්වීම් ලබාදීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ඇගයීමට ලක්කිරීමද මෙහිදී සිදුකෙරිණි.
කාර්ය මණ්ඩලය තුළ මෙන්ම නායකත්ව තනතුරු තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් DFCC බැංකුවේ තිරසාර සංවර්ධන ක්‍රමෝපාය තුළ ප්‍රමුඛතම අවධානයක් යොමුකර තිබේ. එම තිරසාරත්ව ක්‍රමෝපායෙහි සඳහන් අරමුණුවලට සමගාමී වන පරිදි සිය ප්‍රතිපත්ති, ක්‍රියාවලි සහ ක්‍රියාපටිපාටි විශ්ලේෂණයට ලක්කර වැඩිදියුණු කිරීමද බැංකුව නිරන්තරයෙන් සිදුකරයි. DFCC බැංකුව යනු කාටත් සමාන අවස්ථා ලබාදෙන සේවායෝජකයෙකු වන අතර, සාමාජිකයෙකු හෝ සාමාජිකාවක බඳවාගැනීමේ සිට ඔහු හෝ ඇය විශ්‍රාම ගැනීම දක්වා සමස්ත ක්‍රියාවලිය තුළ විනිවිදභාවය හා සමානාත්මතාව පවත්වා ගැනීමටද බැංකුව නිරන්තරයෙන් පියවර ගනී. ඉදිරියටත් විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරන අතරම සිය කාර්ය මණ්ඩලයේ මෙන්ම රටේ හා ආර්ථිකයේ සියලුම මට්ටම් තුළදී කාන්තාවන් සවිබල ගැන්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත.

DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.