
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීම සඳහා 2023 වසරේ ප්‍රථම ‘ව්‍යාපාරික හමුව’ මොරවකදී සාර්ථකව පවත්වයි
March 28, 2023

DFCC බැංකුව මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘ව්‍යාපාරික හමුව’ වැඩසටහන් මාලාවේ 2023 වසරේ පළමු වැඩසටහන පසුගියදා මොරවක ප්‍රදේශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ වී තිබේ. 2023 පෙබරවාරි 10 දින මොරවකදී පැවති මෙම ප්‍රථම වැඩසටහනට මොරවක සහ ඌරුබොක්ක යන ප්‍රදේශවල ව්‍යවසායකයෝ 50 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ. 2023 වසර තුළ රටේ පළාත් සියල්ල ආවරණය වන පරිදි තවත් මෙවැනි වැඩසටහන් මාලාවක් පැවැත්වීමට DFCC බැංකුව මේ වනවිට කටයුතු යොදා ඇත.
අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීම සහ නවෝත්පාදන ආකල්ප වර්ධනය කරගැනීම ඇතුළුව, ව්‍යවසායකයන්ට වැදගත් වන කරුණු රාශියක් මෙම වැඩසටහන තුළදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, DFCC බැංකුවේ උප සභාපති (සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) චන්දන වනිගසේන මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදි. DFCC බැංකුවේ මොරවක සහ ඌරුබොක්ක ශාඛාවල කාර්ය මණ්ඩල විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට බැංකුවේ දකුණු පළාත් සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන කණ්ඩායමේ සහයෝගයද හිමි විය. වැඩසටහනේ ආරාධිත දේශනය සිදුකරන ලද්දේ, නිව් ලංකා සිනමන් (පුද්.) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අමිල සිරිවර්ධන මහතා විසිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (අන්තර්ජාතික බැංකු සේවා, මුදල් ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී) ඇන්ටන් ආරුමුගම් මහතා මෙසේ පැවසී ය. “ප්‍රජාවන් නගාසිටුවීම යනු අපගේ තිරසාරත්ව ඉලක්ක අතර ප්‍රධානතම ඉලක්කයක්. එම ඉලක්කය ළඟා කරගැනීමේදී අප විශේෂයෙන්ම ව්‍යවසායිකාවන් ඇතුළුව රටේ සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රය කෙරෙහි දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. රටේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම ව්‍යාපාර කාණ්ඩයයි. එය දියුණු කිරීම තුළින් ප්‍රාදේශීය ප්‍රජාවන් නගාසිටුවමින්, ජාතික මට්ටමින් ආර්ථිකය දියුණු කිරීමට අපට හැකියාව ලැබෙනවා. එම අරමුණ වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට හැකි වීම අපට මහත් සතුටක්.”
වැඩසටහනට සහභාගී වූ ව්‍යවසායිකාවක වන ඒ. ඩී. රේණුකා මහත්මිය එය අගය කරමින් මෙසේ සිය අදහස් පළකළා ය. “මෙවැනි කාලෝචිත වැඩසටහනක් ක්‍රියාවට නැංවීම පිළිබඳව අප DFCC බැංකුවට ස්තූතිවන්ත විය යුතුයි. මේ වැඩසටහන නිසා අපගේ සැඟවුණු හැකියාවන් හා කුසලතා රැසක් හඳුනා ගැනීමට අපට හැකි වුණා. එමෙන්ම ඵලදායී ව්‍යාපාර යෝජනා රැසක් සාකච්ඡාවට ලක්කරමින්, ඒවා ප්‍රයෝගික ලෙස ක්‍රියාවට නැංවිය හැකි ආකාරයන් හඳුනා ගැනීමටත් අපට අවස්ථාව ලැබුණා. ‘ව්‍යාපාරික හමුව’ මගේ අධිෂ්ඨානයත් ධෛර්යයත් දෙගුණ තෙගුණ කළ බව මා කියන්නේ ඉමහත් සතුටකින්.’
DFCC බැංකුව යනු මෙරට ප්රමුඛ පෙළේ වාණිජ බැංකුවකි. සිය ව්‍යාපාර බැංකුකරණ කණ්ඩායමේ මෙහෙයවීම යටතේ DFCC බැංකුව මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් හා සේවාවන් එකතුවක් පිරිනමයි. DFCC iConnect වැනි ඩිජිටල් මූල්‍ය කළමනාකරණ විසඳුම්වල සිට, ඉහළම මට්ටමේ ව්‍යාපාරික බැංකු සේවාවන්, ඉතුරුම්, ආයෝජන සහ ණය පහසුකම් ඇතුළු තවත් සේවාවන් රාශියක් DFCC බැංකුව මේ වනවිට හඳුන්වා දී ඇත. කාන්තාවන් වෙනුවෙන්ම සැලසුම් කළ ‘DFCC ආලෝකා’ මෙරට ව්‍යවසායිකාවන්ගේ උන්නතිය වෙනුවෙන් මූල්‍යමය හා මූල්‍යමය නොවන සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ලොව ප්රමුඛ පෙළේ මූල්‍ය සම්පාදන ආයතන හරහා මෙරට ව්‍යවසායිකාවන්ට ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාවද උදාකර දී තිබේ.

DFCC’ව්‍යාපාරික හමුව’ වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක්
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.