
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුව තම තිරසාර සංවර්ධන ක්රමෝපායන් සාර්ථක ලෙස ක්රියාවේ යෙදවීම වෙනුවෙන් ‘Best Management Practices Company Awards 2023’ හිදී සම්මානවලින් පිදුම් ලබයි
March 28, 2023

DFCC බැංකුව තම තිරසාර සංවර්ධන ක්රමෝපායන් සාර්ථක ලෙස ක්රියාවේ යෙදවීම වෙනුවෙන්, පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2023’ හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers of Sri Lanka) විසින් මෙම සම්මාන උළෙල පසුගියදා සංවිධානය කරන ලදි.
DFCC බැංකුවේ ප්‍රථම නිල තිරසාරත්ව ප්‍රතිපත්තිය, ක්‍රමෝපාය හා සැලසුම් මාලාව 2020 වසරේදී ප්‍රකාශයට පත්කරන ලද අතර, ඒ ඉදිරි වසර 10 ක කාලසීමාව වෙනුවෙනි. මේ යටතේ, 2030 වසර වන විට මෙරට තිරසාරත්වය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙන බැංකුව බවට පත්වීමට DFCC බැංකුව උත්සාහ කරයි. ඒ, තිරසාර ආර්ථික වර්ධනයකට ඉඩකඩ පවතින ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම, යහපත් සමාජ හා පාරිසරික බලපෑම් ඇතිකිරීම සහ තිරසාර සේවා ස්ථාන සහ ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම යනු අරමුණු පෙරදැරිව ය. තමන් විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති සියල්ල, අදාළ සියලුම පාරිසරික සහ සමාජයීය රෙගුලාසිවලට අනුකූල සහතික කරගන්නා අතරම, තම සේවාවන්ට අදාළ පාරිසරික හා සමාජයීය අවදානම් අවම කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ DFCC බැංකුව සමාජ හා පාරිසරික කළමනාකරණ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කර ඇත.
DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසුවේ, මෙම සම්මාන හිමි වීම යනු, තිරසාර සංවර්ධන ප්‍රවර්ධන ක්‍රමවේදයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක් බවයි. එමෙන්ම බැංකුවේ තිරසාරත්ව උත්සාහයන් මෙලෙස ඇගයීමට ලක්කිරීම සම්බන්ධයෙන් තම ස්තූතිය පළකළ ඒ මහතා, ඉදිරියේදී තවත් සන්ධිස්ථාන රාශියක් පසුකිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වන බවද පැවසී ය. මෙම සන්ධිස්ථාන අතරට හරිත මූල්‍ය සේවාවන් සපයන බැංකුවක් බවට පත්වීම, ‘Carbon Neutrality’ තත්ත්වය ළඟා කරගැනීම, කඩදාසි භාවිතය හැකිතාක් අවම කිරීම, කාටත් සමාන අවස්ථා ලබාදෙන සේවායෝජකයෙකු බවට පත්වීම සහ කාන්තාවන් නායකත්ව තනතුරුවලට පත්වීමේ සම්භාවිතාව ඉහළ නැංවීම ආදිය ඇතුළත් වී ඇත.
DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපාය, එක්සත් ජාතීන්ගේ තිරසාරත්ව සංවර්ධන ඉලක්ක 13 ක් සමග සමගාමී වෙයි. අධ්‍යපනය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, හදිසි ආපදා සහන, ව්‍යවසායකත්වය, පරිසර සංරක්ෂණය සහ ක්‍රියාකාරීත්වය/ව්‍යායාම යන ප්‍රධාන අංශ හය, DFCC බැංකුවේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් මගින් ආවරණය වේ. මේ ආකාරයට විශිෂ්ට ලෙස තම තිරසාරත්ව ක්‍රමෝපාය ක්රියාවේ යෙදවීම වෙනුවෙන් DFCC බැංකුවට සම්මාන හිමි වීම, තිරසාරත්වයට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා මෙරට අනෙකුත් සමාගම් හා ආයතනද යොමුකරවන සාධකයක් වනු නො-අනුමාන ය.

DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි සහ මානව සම්පත් ප්‍රධානී සොනාලි ජයසිංහ මහත්මිය සහ උප සභාපතිනි/ප්‍රධානී සහ අලෙවිකරණ සහ තිරසාර සංවර්ධන ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය සම්මාන පිළිගනිමින්

DFCC බැංකුවේ කණ්ඩායම තමන් වෙත හිමි වූ සම්මාන අතැතිව
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.