
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුව තරුණ පරපුරේ ඉංග්‍රීසි අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා නැංවීමට ආරම්භ කළ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට
July 18, 2022

DFCC බැංකුව රටේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර කීපයකට පෙර ආරම්භ කළ දීපව්‍යාප්ත ප්‍රජා සත්කාර වැඩසටහනක් වන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව 5 වන වරටත් ක්‍රියාත්මක කර තිබේ. ප්‍රධාන අංශ 6 ක් යටතේ DFCC බැංකුවේ ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, ‘සැමට ඉංග්‍රීසි’ යනු ඒ අතරින් ‘අධ්‍යාපන’ අංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනකි
මෙම වසරේ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන යටතේ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන් පිරිසකට තම ඉංග්‍රීසි භාෂා හා ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරගැනීමට අවස්ථාව හිමි විය.
The DFCC සැමට ඉංග්‍රීසි වැඩසටහන හේතුවෙන් 2017 වසරේ සිට 2021 වසර දක්වා ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුර, පොළොන්නරුව, යාපනය, බදුල්ල, අනුරාධපුර සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් 350 කට අධික පිරිසකට අවස්ථාව ලබා දුන් අතර, DFCC බැංකුවේ දීර්ඝකාලීන තිරසාර සංවර්ධන ක්‍රමෝපාය යටතේ, අභියෝග වලට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවනු ලැබේ.
“ශ්‍රී ලංකාවේ මෙන්ම පිටරටවලත් රැකියා සඳහා, ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර තිබීම ප්‍රධාන සුදුසුකමක් ලෙස සැලකෙනවා. එම නිසා මෙරට තරුණ පරපුරට තම ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වීමට අප තීරණය කළා. එමගින් ඔවුන්ට තම පෞද්ගලික හා වෘත්තීය දියුණුව ළඟාකර ගැනීම සඳහා අවස්ථා රාශියක් උදාවෙනවා. එමෙන්ම ඉංග්‍රීසි භාෂාව දැන සිටීම මගින් ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේ තමන්ට කැමති පරිදි තොරතුරු ලබාගෙන දැනුම වැඩිදියුණු කරගැනීමටත්, නව දැක්මකින් යුතුව ලෝකය දෙස බැලීමට අවස්ථාව ලැබෙනවා. අඛණ්ඩව 5 වන වසරටත් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
මාස 4 ක කාලසීමාවක් පැවැත්වෙන DFCC සැමට ඉංග්‍රීසි වැඩසටහන DFCC බැංකුව වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ Gateway Language Institute මගිනි. වැඩසටහනට එක්වන තරුණ තරුණියන්ට අනාගතයේ රැකියා සොයාගැනීමට ලැබෙන අවස්ථාවන් තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් වෘත්තීමය කුසලතා සංවර්ධනයද එහි විෂය මාලාවට ඇතුළත් කර ඇත. පාඨමාලාවේ කථන ඉංග්‍රීසි පුහුණුව මාස තුනක කාලයක් සිදුකරනු ලබන අතර ඊට රැකියා වෙළඳපොළට අවශ්‍ය සන්නිවේදනය, මූලික ව්‍යාකරණ හා වාක්‍ය ව්‍යුහය, සවන්දීම, කියවීම සහ ලිවීම යන කුසලතා වැඩිදියුණු කිරීම ඇතුළත් වේ. මීට අමතරව දෙදෙනෙකු හෝ කණ්ඩායම් වශයෙන් සිදුකරන සාමූහික ක්‍රියාකාරකම්ද ඊට ඇතුළත් ය. මාසයක කාලයක් පැවැත්වෙන වෘත්තීමය කුසලතා සංවර්ධනය යටතේ කණ්ඩායමක් ලෙස එක්ව වැඩ කිරීම, කාලය කළමනාකරණය, කථනය, ඉදිරිපත් කිරීම, ලිවීම සහ සම්මුඛ සාකච්ඡා වලට මුහුණ දීම වැනි කුසලතා වැඩිදියුණු කෙරේ. DFCC බැංකුවේ ශාඛා පිහිටා ඇති ප්‍රදේශ ආසන්නයේ මෙම පාඨමාලාවන් පැවැත්වෙන නිසා, අයදුම්පත් කැඳවීමේ දැන්වීම් අදාළ ශාඛාවල ප්‍රදර්ශනය කෙරුණු අතර, මූලික ඇගයීමකින් අනතුරුව පාඨමාලාවන්ට සුදුස්සන් තෝරාගන්නා ලදි.
පාඨමාලාව සහ එය හැදෑරීමේදී අවශ්‍ය වන ලිපිද්‍රව්‍ය ආදිය නොමිලේ මෙහිදී පිරිනමනු ලබන අතර, පාඨමාලාව සාර්ථකව නිමකරන තරුණ තරුණියන්ට DFCC බැංකුව සහ Gateway Language Institute වෙතින් වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ. මීට අමතරව එම තරුණියන්ට, DFCC බැංකුව විසින් සිදුකරන ලද මූලික තැන්පතුවක් සහිත ඉතිරි කිරීමේ ගිණුමක්ද නොමිලේ හිමි වේ. පාඨමාලාව අතරතුර ඉහළම දක්ෂතා පෙන්නුම් කරන තරුණ තරුණියන්ට DFCC බැංකුවේ සීමාවාසික පුහුණු අවස්ථා හිමි වීම තවත් විශේෂත්වයකි.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.