
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුව ‘Agile Design Thinking’ 2023 සම්මාන උළෙල මඟින් නවෝත්පාදන අංශයේ විශිෂ්ටතම සේවක පිරිසකට සම්මාන පිරිනමයි
February 20, 2023

ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් වන DFCC බැංකුව සෑම විටම තම කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන ආකල්ප සහ, එම ආකල්ප ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. DFCC Agile Innovation Centre සහ DFCC බැංකුවේ මානව සම්පත් අංශය මේ සඳහා නායකත්වය දෙන අතර, ඒ ඔස්සේ වර්තමාන ව්‍යාපාර ලෝකයේ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි, පරිවර්තනයේ නියමුවන් පිරිසක් බිහිකිරීමට බැංකුවට හැකියාව ලැබී ඇත. මෙම අරමුණ වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමටද DFCC බැංකුව 2022 වසරේදී කටයුතු කළේ ය.
මෙම පුහුණු වැඩසටහනට සහභාගී වූ පිරිස අතරින් විශිෂ්ටතම හැකියාවන් පෙන්නුම් කළ පිරිසක්, පසුගියදා පැවති ‘DFCC Agile design thinking Capacity Training certificate Awards 2023’ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූහ. DFCC Agile Innovation Centre මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. බැංකුවේ මධ්‍යම හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරන 45 දෙනෙකුට මෙම පුහුණු වැඩසටහනට සහභාගී වීමේ අවස්ථාව උදා විය. DFCC බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටින Innovation Quotient team (IQ) හි විශේෂඥයන් විසින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවන ලද අතර, පුහුණුව අවසානයේදී පුහුණුකරුවන් සහ සම- වෘත්තිකයන්ගේ තෝරාගැනීම අනුව පුහුණුවට සහභාගී වූවන් අතරින් 34 දෙනෙක් රන්, රිදී සහ ලෝකඩ කාණ්ඩ යටතේ සම්මාන දිනාගත්හ.
මෙම පුහුණු වැඩසටහන, වර්තමාන ලෝකයේ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා DFCC Agile innovation Centre of Excellence විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක එක් අදියරකි. ස්වයංක්‍රීයකරණය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු වීම, Big Data, නව තරගකරුවන් ක්ෂේත්රයට පිවිසීම සහ ගනුදෙනුකරුවන්ගේ චර්යාවන් වේගයෙන් වෙනස් වීම වැනි සාධක මෙම අභියෝගවලට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. සාමාන්‍ය පුහුණු ක්‍රමයට මෙන්ම මාර්ගගත ක්‍රමයටද පවත්වන ලද මෙම පුහුණු වැඩසටහන තුළදී, නවෝත්පාදන බිහිකිරීම, ඒවා පරීක්ෂා කිරීම, ආදර්ශ ව්‍යාපෘති (Prototypes) නිර්මාණය කිරීම, ව්‍යාපාර යෝජනා පිළියෙල කිරීම සහ ආයෝජකයන් වෙත ඒවා ඉදිරිපත් කිරීම යනාදිය කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු විය.
මෙහිදී අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසී ය. “වර්තමාන ව්‍යාපාර ලෝකයේ පවතින අභියෝග හමුවේ සැබෑ වෙනසක නියමුවන් ලෙස ඉදිරියට පැමිණීමට අවශ්‍ය දැනුම හා කුසලතා අපගේ සාමාජික සාමාජිකාවන් තුළ වර්ධනය කරවීම අපගේ ඉලක්කයයි. මෙම අභියෝග ජයගැනීමට නම් අප අලුත් තත්ත්වයන්ට ඉක්මනින් හැඩගැසිය යුතු වනවා. අප ගනුදෙනුකරුවන්ගේ හා ජනතාවගේ යහපතට ප්‍රමුඛත්වය දෙන බැංකුවක් නිසා, මේ ඉක්මන් බව අපට අත්‍යවශ්‍යයි. මෙම පුහුණු වැඩසටහන, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා මැනැවින් සපුරාලන අතරම තම දියුණුව සාක්ෂාත් කරගැනීම සඳහා අපගේ කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීමේ පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. සම්මානලාභීන් ඇතුළුව, මෙම වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව ලැබූ සියලුම දෙනාට මගේ සුබපැතුම් පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම, සෑම විටම සාම්ප්‍රදායික චින්තනයෙන් ඔබ්බට යමින් නව ආකල්ප ඔස්සේ ලෝකය දකින මෙන් මා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.