DFCC බැංකුව තම වෙබ් අඩවියට ඩිජිටල් ආදායම් බදු ගණකයක් ඇතුළත් කරයි
March 30, 2021
තම නිල වෙබ් අඩවිය හරහා ගනුදෙනුකරුවන්ට ලබාදෙන ඩිජිටල් සේවාවන් වැඩිදියුණු කිරීමට දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, එම වෙබ් අඩවියට ඩිජිටල් ආදායම් බදු ගණකයක් (Digital income tax calculator tool) ඇතුළත් කිරීමට DFCC බැංකුව කටයුතු කර තිබේ. මෙරට බැංකු ක්ෂේත්රයේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන DFCC බැංකුවේ වෙබ් අඩවිය මගින් ලබාදෙන, පුළුල් පරාසයක පැතිරුණු ඩිජිටල් සේවාවන් අතරට අලුතින්ම එක්වන සේවාව මෙයයි.
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් අනුව පහසුවෙන් භාවිතා කළ හැකි වන ආකාරයට මෙම ආදායම් බදු ගණකය සැලසුම් කර ඇත. රැකියාව, ආයෝජන සහ ව්‍යාපාරික ආදායම ඇතුළුව විවිධාකාරයේ ආදායම් ක්‍රම වලට අනුව, ශ්‍රී ලංකා රුපියල් වලින් මීට දත්ත ඇතුළත් කළ හැකි වේ. වෙනත් ආදයම් සහ ‘සුදුසුකම් ලබන ගෙවීම්’ වැනි අතිරේක තොරතුරුද මීට ඇතුළත් කළ හැකි අතර, ගනුදෙනුකරුට අනන්‍ය වූ තොරතුරු අනුව පහසුවෙන් භාවිතා කළ හැකිවන පරිදි සමස්ත ක්‍රියාවලියම සැලසුම් කර තිබේ.
Collapsible ආකාරයට සකස් කර ඇති පිරවිය යුතු හිස්තැන්, එකිනෙකට වෙනස් ආදායම් මාර්ග වෙන් වෙන්ව සඳහන් කිරීමට ගනුදෙනුකරුට අවස්ථාව සලසයි. කුලී ආදායම්, ලාභාංශ සහ උපදේශන ආදායම් (consultation income) ඇතුළු තවත් බොහෝ දේ මෙම ස්ථාන වල සඳහන් කළ හැක.
එමෙන්ම ගනුදෙනුකරුවන්ට කැමති පරිදි, තම ආදායම් මාසික හෝ වාර්ෂික ලෙස සඳහන් කිරීමට අවස්ථාව ලබා දී ඇත. ආදායම මාසික වශයෙන් සඳහන් කරන අවස්ථා වලදී මෙම ගණකය මගින් එම දත්ත ස්වයංක්‍රීයව වාර්ෂික දත්ත බවට පරිවර්තනය කරනු ලැබේ. ‘Tips’ කොටස මගින් මෙම ක්‍රියාවලිය සම්බන්ධ ගැටලු වලට සෘජුව විසඳුම් ලබාගැනීමේ අවස්ථාව සලසා දී ඇති අතර, එමගින් ක්‍රියාවලිය සහ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැක. ගණන ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් අනතුරුව, එහි ප්‍රතිඵල ගනුදෙනුකරුගේ පරිශීලනය උදෙසා මුද්‍රණය කළ හැකි අතර, එසේ නොමැති නම් PDF ක්‍රමයට ලබාගත හැක.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “අපගේ අතිනවීන වෙබ් අඩවියට මෙම ගණක ක්‍රමවේදය ඇතුළත් කළේ ගනුදෙනුකරුවන්ගේ පහසුව සැලකිල්ලට ගනිමිනුයි. ඔවුන් වෙනුවෙන් එම වෙබ් අඩවියට ඇතුළත් කර ඇති විශේෂාංග හා ක්‍රමවේද රාශියක් අතරට මෙම ක්රමවේදයත් දැන් එක්වී තිබෙනවා. එමෙන්ම මෙය 2025 වසර වනවිට මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ වැඩියෙන්ම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීමේ අපගේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.”
රු. 250,000 ට වැඩි මාසික ආදායමක් උපයමින් ආදායම් බදු ගෙවන කාණ්ඩයට ඇතුළත් වී සිටින DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් වෙතින් මෙම නව ආදායම් බදු ගණක විශේෂාංගයට ඉතා යහපත් ප්‍රතිචාරයක් හිමිවනු ඇතැයි බැංකුව විශ්වාස කරයි. මෙම කාණ්ඩයට අයත් ගනුදෙනුකරුවන් අතරින් බහුතරයක් DFCC Pinnacle සහ DFCC Prestige සාමාජිකයන්, Infinite සහ Signature කාඩ්පත් හිමියන් සහ රු. මිලියන 5 ට වැඩි ණය ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් සමන්විත වනු ඇත.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.