
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුව, LankaSign ආයතනය සමඟ ගිවිසුම්ගත වීමත් සමඟින් බැංකු ගණුදෙනු සඳහා Lankasign හරහා ඩිජිටල් අත්සන් භාවිතය ක්‍රියාවට නංවයි.
September 19, 2023

DFCC බැංකුව නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් LankaSign හරහා යෙදූ ඩිජිටල් අත්සන් පිළිගැනීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව DFCC බැංකුව ශ්‍රී ලංකාවේ මෙම සේවාව ලබාදෙන ප්‍රථම බැංකු කිහිපය අතරට එක් වී සිටී.
ලෝකය වැඩි වැඩියෙන් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවෙමින් සිටින මෙවන් යුගයක, සුරක්ෂිත සහ විශ්වාසනීය ඩිජිටල් අත්සන් භාවිතය තුළින් බැංකු ගණුදෙනු කිරීමේ නව ක්‍රමවේදයන් අත්‍යවශ්‍ය වී තිබේ. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින් DFCC බැංකුව LankaSign යෙදවුම හරහා මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට පුරෝගාමී සහ ප්‍රමුඛතම ගෙවීම් ජාලය වන LankaPay විසින් LankaSign බලගන්වනු ලබයි.
මින් ඉදිරියට LankaSign හි ලියාපදිංචි වී සිටින DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට, බැංකුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම ලිපිලේඛන සහ ඉල්ලීම් සඳහා ඩිජිටල් අත්සන භාවිතා කිරීමට හැකියාව ලැබේ. මෙමගින් බැංකුකරණ ක්‍රියාවලීන් වඩාත් සරල වීම සහ කඩදාසි භාවිතය අවම වීම මෙන්ම ඉලෙක්ට්‍රොනික ගනුදෙනුවල විශ්වාසනීයත්වය ඉහළ යාමද සිදු වේ. එමෙන්ම ඩිජිටල් අත්සන් භාවිතා කරන විට ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනු සහ ගිණුම් ආදිය බාහිර පුද්ගලයන්ගේ ග්‍රහණයට හෝ වෙනස් කිරීම්වලට ලක් නොවන බවට විශ්වාසයෙන් යුතුව අදාළ ගනුදෙනු සිදුකළ හැක.
“තිරසාරත්වය සහ ඩිජිටල් නවෝත්පාදනය සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට අප සෑම විටම උත්සාහ කරනවා. LankaSign යෙදවුම හරහා යෙදූ ඩිජිටල් අත්සන් පිළිගැනීම යනු ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා සුරක්ෂිත බැංකු සේවා අත්දැකීමක් විඳගැනීමට ලැබෙන අවස්ථාවක්. එමෙන්ම මෙමගින් කඩදාසි භාවිතය අවම වන නිසා, එය පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් අප දරන ආකල්පවලට සමගාමී පියවරක් ලෙසත් හැඳින්විය හැකියි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
මෙබඳු පියවර මගින් පෙනී යන්නේ DFCC බැංකුව දිගින් දිගටම තාක්ෂණික නවෝත්පාදනය හා තිරසාරත්වය සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට දක්වන උනන්දුවයි. තවමත් මෙරට Green Climate Fund (GCF) සාමාජිකත්වය හිමි ප්‍රථම සහ එකම බැංකුව DFCC බැංකුව වීම විශේෂත්වයකි.
“තිරසාරත්වය සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන අනාගතයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. එවැනි අනාගතයක් තුළ නිෂ්පාදන හා සේවාවන් සියල්ල ඉතාමත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස භාවිතා කිරීමට හැකි වනවා. අප දකින්නේ විශිෂ්ට අත්දැකීම් සහ තිරසාර මූල්‍ය සේවාවන් යනු එකම කාසියක දෙපැත්ත ලෙසයි. මින් එක් අරමුණක් හඹා යාම තුළින් අනෙක් අරමුණද ඉටුකරගැනීමට පුළුවන්. මේ සියල්ල ඔස්සේ ඩිජිටල් බැංකුකරණයේ නව යුගයක් උදාවනු දැකීම අපගේ ප්‍රර්ථනාවයි.” DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසංග උඩුවෙල මහතා පැවසී ය.
DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් මෙරට තිරසාර ප්රයත්නයන් සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටී. 2020 වසරේදී මෙරට තුළ නිල වශයෙන් තිරසාර ක්රමෝපායක් ප්‍රකාශයට පත්කළ ප්‍රථම බැංකුව බවට පත් වූ DFCC බැංකුව, මෑතකදී හරිත ස්ථාවර තැන්පතු ක්රමයක්ද හඳුන්වා දුන්නේ ය. 1988 වසරේ සිටම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රාශියක් සඳහා මූල්‍ය පහසුකම් සපයමින් එම බැංකුව, රටේ තිරසාර පරිවර්තනය ශක්තිමත් කිරීමට දායක වී තිබේ.
LankaSign යෙදවුම සමඟ ලියාපදිංචි වී DFCC බැංකුව මගින් ලබාදෙන මෙම සුවිශේෂී නව සේවාව භාවිතා කරන ආකාරය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 0112350000 අංකයෙන් DFCC බැංකුවේ පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සහය සේවාව අමතන්න
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.