DFCC බැංකුව සහ UTE එක්වී යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනමයි
November 19, 2021
DFCC බැංකුව පසුගියදා United Tractors and Equipment (පුද්.) සමාගම (UTE) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ, UTE වෙතින් යන්ත්‍රෝපකරණ මිලදීගන්නා පාරිභෝගිකයන්ට DFCC බැංකුව විශේෂ ලීසිං පහසුකම් ලබා දේ. බැකෝ යන්ත්‍ර, එක්ස්කැවේටර්, මෝටර් ග්‍රේඩර්, ස්කිඩ් ස්ටියර්, රෝලර්, ජෙනරේටර්, කම්පැක්ටර්, එයාර් කම්ප්‍රෙසර්, වෙල්ඩින් ප්ලාන්ට්, සහ ගබඩා යන්ත්‍රෝපකරණ (ෆෝක්ලිෆ්ට්, ලිෆ්ට් ක්‍රේන්, පැලට් ට්‍රැක්) වැනි යන්ත්‍රෝපකරණ වර්ග රාශියක් සඳහා මෙම ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබේ. මෙම එකඟතාව හේතුවෙන් රටේ කර්මාන්ත රාශියකට සුවිශේෂී ප්රතිලාභ අත්වනු නොඅනුමාන ය.
UTE හෝ UTE-CAT ලෙස ප්‍රකට United Tractors and Equipment (පුද්.) සමාගම ශ්‍රී ලංකාවට ඉහළම තලයේ ඉංජිනේරු හා කාර්මික විසඳුම් හඳුන්වා දෙන සමාගමකි. දශක 7 කට වැඩි කාලයක් තිස්සේ එම සමාගම මෙරට යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියේ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ඉදිරියෙන්ම සිටී. ඉදිකිරීම්, බලශක්ති නිෂ්පාදනය, භාණ්ඩ හැසිරවීම හා ගබඩා කිරීම, වෙල්ඩින් කටයුතු සහ ඉංජිනේරු විසඳුම් යනාදී ක්ෂේත්‍ර රාශියක ප්රමුඛයෙකු ලෙස සැලකෙන UTE සමාගම Caterpillar, Dexion, BT, JLG, FS Curtis, Fuji, Esab, Bohler, සහ Donaldson වැනි ලෝ ප්‍රකට සන්නාම රාශියකින් එන නිෂ්පාදන මෙරටට හඳුන්වා දී තිබේ. මෙරට විශාලතම පාරිභෝගික සේවා කණ්ඩායම සහ Caterpillar යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් පුහුණුව ලැබූ කාර්මිකයන් කණ්ඩායම් UTE සතු වන අතර, පංචිකාවත්ත, මාතර, කුරුණෑගල, අනුරාධපුර සහ කිලිනොච්චිය යන ප්‍රදේශ වල පිහිටි ශාඛාවන් ඔස්සේ එම සමාගම දීපව්‍යාප්තව තම සේවාවන් ලබා දෙයි.
මෙම විශේෂ දීමනාව UTE විසින් අලෙවි කරනු ලබන සියලුම යන්ත්‍රෝපකරණ සඳහා වලංගු වන අතර, පාරිභෝගිකයන්ට DFCC බැංකුවේ ලීසිං සඳහා විශේෂ පොලී වට්ටමක්ද හිමි වේ. එමෙන්ම පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාව පරිදි ආපසු ගෙවීමේ ක්‍රමවේදය සැලසුම් කරගැනීමේ හැකියාව පවතී. මීට අමතරව යන්ත්‍රෝපකරණ වල සාමාන්‍ය විකිණුම් මිලට විශේෂ වට්ටම්ද හිමිවන අතර, ප්‍රථම සේවා වාරය සහ යන්ත්‍රෝපකරණ සඳහා දුරස්ථ නිරීක්ෂණ පහසුකම් නොමිලේ ලබාදීමටද සැලසුම් කර තිබේ. මේ සියල්ල, කාර්මික ක්ෂේත්රයේ ව්‍යවසායකයන්ට උසස්ම ප්‍රමිතියෙන් යුත් යන්ත්‍රෝපකරණ සහනදායී ලෙස මිලදී ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු නොඅනුමාන ය.
ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම සඳහා, මෙවැනි යන්ත්‍රෝපකරණ පහසුවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට DFCC බැංකුව සෑම විටම උත්සාහ කරයි. සහනදායී ලීසිං පහසුකම් ලබාගැනීම දුෂ්කර වීම රටේ ව්‍යාපාර හා ජීවනෝපාය මාර්ග වල දියුණුවට විශාල බාධාවක් වී පවතින අතර, එම තත්ත්වයට විසඳුමක් වශයෙන් මේ ආකාරයට UTE සමග අත්වැල් බැඳගෙන මෙම සුවිශේෂී ලීසිං විසඳුම පිරිනැමීමට DFCC බැංකුව කටයුතු කළේ ය.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.
ඡායාරූපය:
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා සහ UTE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති හේවාගීගන මහතා අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව
(වමේ සිට) UTE සමාගමේ සහකාර සාමාන්‍යධිකාරී (ඉදිකිරීම් හා නිෂ්පාදන ක්ෂේත්‍ර) රනිල් මැද්දේපොළ, සාමාන්‍යාධිකාරී (විකුණුම්) දුමින්ද පෙරේරා, ප්‍රධාන අලෙවි නිලධාරිනී අනසූයා ගුණසේන, සහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති හේවාගීගන සමග DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ, ජ්‍යෙෂ්ඨ පාරිභෝගික වත්කම් කළමනාකරු අසංක පටබැඳිගේ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ලීසිං) චාමර පීරිස් සහ අලෙවි කළමනාකරු (පාරිභෝගික තැන්පතු සහ ණය) කෝෂල කිඳෙල්පිටිය යන මහත්ම මහත්මීන්