
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුව දේශීය කෘෂිකර්මාන්තය ආශ්රිත ව්‍යාපාර නැංවීම සඳහා ‘කෘෂිබල’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙයි
July 27, 2021

මෙරට ආර්ථික සංවර්ධනයට අත්වැලක් වෙමින්, අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා වන තම ප්‍රතිඥාව සපුරාලීමේ අරමුණ පෙරදැරිව ‘DFCC කෘෂිබල’ නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට DFCC බැංකුව කටයුතු කර තිබේ. දේශීය කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත කටයුතු වල නිරත වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා අනෙකුත් සමාගම් ඉලක්ක කරගෙන මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.
‘DFCC කෘෂිබල’ ණය යෝජනා ක්‍රමය යටතේ 7% ක් වැනි සහනදායී ස්ථාවර වාර්ෂික පොලියක් යටතේ රු. මිලියන 100 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි අතර, එම ණය මුදල ආපසු ගෙවීම සඳහා ණය පහසුකමේ ස්වභාවය අනුව වසර 5 ත් 7 ත් අතර කාලයක් හිමි වේ. මෙම ණය යෝජනා ක්රමයේ මූලික අරමුණ වන්නේ, COVID-19 වසංගත රෝග ව්‍යාප්තිය නිසා ඇති වූ බලපෑමෙන් මිදී නැවතත් සාර්ථක ලෙස ඉදිරියට යා හැකි ශක්තිමත් පදනමක් නිර්මාණය කරගැනීම සඳහා මෙම ව්‍යාපාර වලට අත්වැලක් වීම ය.
වැවිලි කටයුතු (තේ / රබර් / පොල් / මල් වගාව / භෝග මාරුව/ අන්තර්භෝග වගාව), පශු සම්පත්, කිරි කර්මාන්තය, කෘෂිකාර්මික පිරිසැකසුම් (සහල් මෝල්, ධාන්‍ය පිරිසැකසුම්, පලතුරු සහ එළවළු සැකසුම්, විජලනය කිරීම ආදිය), ගබඩා ඉදිකිරීම සහ ගබඩා පහසුකම් පුළුල් කිරීම, වාණිජ කෘෂිකර්ම හා අධි-තාක්ෂණික කෘෂිකර්ම කටයුතු වර්ධනය කිරීම (පාලිත පරිසර කෘෂිකර්මාන්තය / අපනයන කෘෂිකාර්මික භෝග / කාබනික ගොවිතැන් / තවාන් / බීජ නිෂ්පාදනය / බිංදු ජල සම්පාදනය / පටක රෝපණය ආදිය), සහ කාබනික පොහොර නිෂ්පාදනය හඳුන්වා දීම සහ ධාරිතාව වර්ධනය කිරීම වැනි කටයුතු සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාගත හැකි වේ.
ශ්‍රී ලංකාව කාබනික වගාව වෙත යොමුවෙමින් සිටින මේ ඓතිහාසික සන්ධිස්ථානයේදී, ‘DFCC කෘෂිබල’ ණය යෝජනා ක්‍රමය හරහා රට තුළ කාබනික පොහොර නිෂ්පාදනයට අත්වැලක් වීමට DFCC බැංකුව අපේක්ෂා කරයි. කාබනික පොහොර සඳහා මතුවෙමින් පවතින ඉල්ලුම සපුරාලීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන් හා ව්‍යාපාර වලට අවශ්‍ය මූල්‍යමය අත්වැල මෙමගින් හිමිවනු ඇත.
ආර්ථික වර්ධනය සහ මූල්‍ය ස්ථායිතාව ළඟා කරගැනීමට හැකිවන පරිදි දේශීය කර්මාන්ත නඟාසිටුවීම සඳහා මෙවැනි සහනදායී මූල්‍ය යෝජනා ක්‍රම හඳුන්වාදීම අතිශයින්ම වැදගත් බව DFCC බැංකුව තරයේ විශ්වාස කරයි. ප්රාග්ධනය ලබාගැනීම දුෂ්කර වීම සහ මන්දගාමී ආර්ථික තත්ත්වයන් නිසා මුදල් ප්‍රවාහය සීමා වීම යනාදී හේතු, රටේ ආර්ථික සංවර්ධනයට දැඩි බාධාවක් බවට පත්වී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ, රටේ විශාල පිරිසකගේ ජීවනෝපාය මාර්ගය වන, සහ මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන කෘෂිකර්මාන්තය සඳහා මෙවැනි ණය යෝජනා ක්‍රමයක් ඔස්සේ මූල්‍ය පහසුකම් සැපයීම, අතිශයින් කාලෝචිත පියවරක් ලෙස හැඳින්විය හැකි ය.
එමෙන්ම, අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්විට ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් වී තිබුණද, රැකියා, ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ යනාදිය සම්බන්ධයෙන් තවමත් බරපතළ සීමාවන් පවතින බව DFCC බැංකුව වටහාගෙන ඇත. මේ නිසා, අරමුදල් සම්පාදනයේදී කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර සඳහා මෙන්ම, සේවායෝජනය, කළමනාකරණය සහ තීරණ ගැනීම යනාදිය සම්බන්ධයෙන් සැලකිය යුතු කාන්තා දායකත්වයක් සහිත, සහ කාන්තාවන්ට පැහැදිලි ලෙසම ප්රතිලාභ හිමිවන ව්‍යාපාර වලට ප්‍රමුඛත්වය ලබාදීමට DFCC බැංකුව අපේක්ෂා කරයි. ආර්ථික වශයෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කරගැනීම සඳහා දායක වීම මෙහි පරමාර්ථය වී තිබේ.
මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “මෙම නව ණය යෝජනා ක්‍රමය සමගින්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා දායක වීමට ලැබීම අපට මහත් සතුටක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් ව්‍යාපාර වල වර්ධනයට මංපෙත් විවර කරමින්, ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ‘කෘෂිබල’ යෝජනා ක්‍රමයට හැකියාව තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය ඔස්සේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර වල ආර්ථික හා මූල්‍යමය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා අන්තර්කරණය වැඩිදියුණු කිරීම අපගේ තවත් අපේක්ෂාවක්. ‘කෘෂිබල’ ණය යෝජනා ක්‍රමය යනු, DFCC බැංකුව ආර්ථික ශක්තිය හා තිරසාරත්ව කරා යන ගමනේ වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි අතර, බැංකුවේ දීර්ඝකාලීන අරමුණ හා ක්‍රමෝපාය මගින් ලැබෙන සමාජ-ආර්ථික ප්රතිලාභ මෙමගින් අපට පැහැදිලි ලෙස දැකගැනීමට අවස්ථාව ලැබේවි.”
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.
ඡායාරූපය: වැල්ලවාය ප්‍රදේශයේ උද්යෝගීමත් ව්‍යවසායකයෙකු වන සමන් උදයකුමාර මහතා වෙත ප්‍රථම ‘DFCC කෘෂිබල’ ණය පහසුකම පිරිනමන ලද අවස්ථාව. (වමේ සිට): දිනිත් ගුණරත්න මහතා (ණය නිලධාරී – DFCC වැල්ලවාය ශාඛාව), සමන් උදය කුමාර මහතා (ව්‍යාපාරික), චන්දන ගරුසිංහ මහතා (උප සභාපති/ ප්‍රාදේශීය කළමනාකරු) සහ අමිල දෙනිපිටිය මහතා (ශාඛා කළමනාකරු – DFCC වැල්ලවාය ශාඛාව)