
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුව අඛණ්ඩව 3 වන වරටත් Euromoney Cash Management – Market Leader සම්මානය දිනාගනී
November 7, 2023

වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් DFCC බැංකුව අඛණ්ඩව 3 වන වරටත් Euromoney Cash Management – Market Leader සම්මානය දිනාගැනීමට පසුගියදා සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණය, වර්තමාන ආර්ථික පරිසරය තුළ සාර්ථක වීමට ව්‍යාපාර සවිබල ගන්වන, නව්‍ය, සේවා-නැඹුරු සහ පාරිභෝගික-කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සැපයීමේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම නැවතත් තහවුරු කරයි.
DFCC iConnect යනු නවීන තාක්ෂණය භාවිතා කරමින් සුරක්ෂිත, කාර්යක්ෂම හා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව සකස් කළ හැකි ඩිජිටල් ගෙවීම් විසඳුම් සහ මුදල් කළමනාකරණ විසඳුම් සපයන ඩිජිටල් බැංකු සේවාවකි. එමෙන්ම මෙම සේවාව තවදුරටත් කාර්යක්ෂම කරමින් නිරතුරුවම නවතම තාක්ෂණය සමගින් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමටද DFCC බැංකුව පියවර ගනී.
“අඛණ්ඩව 3 වන වරටත් Euromoney Cash Management – Market Leader සම්මානය හිමි වීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. එය විශිෂ්ටත්වය හා නවෝත්පාදනය උදෙසා අප තුළ ඇති කැපවීම නිරූපණය කරමින්, වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස අප සතු ස්ථානය නැවතත් තහවුරු කර තිබෙනවා. ඉදිරියේදී මෙය තවත් දියුණු කරමින් ගනුදෙනුකරුවන්ට මීටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි. හුදෙක් සේවාවක් සැපයීමෙන් නොනැවතී, විශ්වාසය සහ දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවා ගැනීම ඉලක්ක කරගත් අපගේ පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රවේශය නිසා, අප මෙරට සෑම ප්‍රමාණයකම ව්‍යාපාරවල ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී තිබෙනවා. ඒ වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ස්තූතිවන්ත වන අතරම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවාවන් අතර පෙරමුණේ සිටීමට අප දක්වන කැපවීම නැවත වරක් අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
ව්‍යාපාරවල එදිනෙදා කටයුතුවලදී අවශ්‍ය වන මැදිහත්වීම අවම කරමින්, ඒවා වඩාත් කාර්යක්ෂම හා පහසු කිරීමේ හැකියාව DFCC iConnect සතු ය. එමෙන්ම වේගයෙන් වෙනස් වන මූල්‍ය සේවා ක්ෂේත්රය තුළ ඉක්මනින් අනුවර්තනය වීමට එයට ඇති හැකියාව නිසා ක්ෂේත්රයේ ප්රමුඛයෙකු බවට පත්වීමට එයට හැකියාව ලැබී තිබේ. ඉහළම තලයේ දත්ත ආරක්ෂණ ප්රමිතීන් අනුගමනය කරන DFCC iConnect සේවාව, දැඩි මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව ක්‍රියාත්මක වන අතර, එම නිසා ගනුදෙනුවල ආරක්ෂාව මෙන්ම විනිවිදභාවයද තහවුරු වේ.
ඉහත සඳහන් ගුණාංග හේතුවෙන් DFCC iConnect යනු ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයකට ගැළපෙන සේවාවක් බවට පත් වී ඇත. මෙය සැලසුම් කර කළමනාකරණය කරනු ලබන්නේ ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින පළපුරුදු වෘත්තිකයන් කණ්ඩායමක් විසිනි. ඔවුන්ගේ දක්ෂතාව හේතුවෙන් තරගකාරීත්වය අභිභවා ඉදිරියටම පැමිණීමට DFCC iConnect සේවාවට හැකි වී තිබේ.
මේ වනවිට DFCC iConnect සේවාව පූර්ණ වැඩිදියුණු කිරීමකට ලක්කෙරෙමින් පවතින අතර, 2024 වර්ෂයේ මුල් භාගයේදී එය වඩාත් කාර්යක්ෂම සේවාවක් ලෙස නව අංග රැසක්ද සමගින් යළි දියත් වනු ඇත. මෙම වෙනස්කම් අතරට වෙළඳ මූල්‍ය සේවා සහ සැපයුම් දාම මූල්‍ය පහසුකම් මොඩියුල ඇතුළත් කිරීම ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වී තිබේ.
අඛණ්ඩව 3 වන වරටත් Euromoney Cash Management – Market Leader සම්මානයෙන් පිදුම් ලැබීම තුළින් පන්නරය ලබමින්, ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් වැඩිදියුණු කරමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම DFCC බැංකුවේ අරමුණ වී ඇත.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.