
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුවේ iConnect සේවාව ‘වඩාත්ම නිර්මාණශීලී ආයතනික බැංකුකරණ යෙදවුම’ ලෙස ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි
October 25, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව හඳුන්වා දී ඇති DFCC iConnect යෙදවුම (App), 2021 Global Banking Finance Awards 2021 සම්මාන ලබා දීමේ වැඩසටහනේදී ‘වඩාත්ම නිර්මාණශීලී ආයතනික බැංකුකරණ යෙදවුම’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය. Global Banking & Finance Review සඟරාව මගින් මෙම සම්මාන වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
සියලුම දෙනා වෙත ආර්ථික හා සමාජයීය ප්රතිලාභ ළඟා කර දෙමින්, වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව දක්වන දායකත්වය මේ වනවිට ජාත්‍යන්තර අවධානයට ලක්වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි. එමෙන්ම රටේ යහපත මුල්කර ගනිමින්, පාරිභෝගික කේන්ද්‍රීය, නව්‍ය හා ඵලදායි විසඳුම් හඳුන්වා දීමට බැංකුව දරන උත්සාහයේ සාර්ථකත්වයද මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
ශ්‍රී ලංකාවේ සමාගම් හා ආයතන වලට තම එදිනෙදා මූල්‍ය කටයුතු වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා DFCC බැංකුව විසින් කලකට ඉහතදී DFCC iConnect යෙදවුම හඳුන්වා දෙන ලදි. මීට පෙර මෙම යෙදවුම Asiamoney සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා (දේශීය බැංකු)’ සහ ‘මුදල් කළමනාකරණ සේවා විශිෂ්ටයා – ශ්‍රී ලංකාව’ යන සම්මාන හිමිකර ගැනීමට සමත් විය. මේ සියලු ජයග්රහණයන් ඔස්සේ DFCC iConnect මෙරට ආයතනික බැංකුකරණ යෙදවුම් සම්බන්ධ සුවිශේෂී පූර්වාදර්ශයක් බවට පත්වී තිබේ.
2011 වසරේදී ආරම්භ වූ Global Banking and Finance Review සම්මාන උළෙල, ලොව මූල්‍ය ක්ෂේත්රය තුළ නවෝත්පාදනය, ජයග්රහණයන්, ක්රමෝපායන්, සහ එහි සාධනීය වෙනස්කම් ඇගයීමට ලක්කරයි. මූල්‍ය ක්ෂේත්රයට අදාළ කිසියම් අංශයක් තුළ සුවිශේෂී සාර්ථකත්වයක් පෙන්නුම් කරන සියලුම සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “DFCC iConnect යෙදවුම මේ ආකාරයට ‘වඩාත්ම නිර්මාණශීලී ආයතනික බැංකුකරණ යෙදවුම’ ලෙස ජාත්‍යන්තර සම්මාන උළෙලකදී ඇගයීමට ලක්වීම අප ලද සුවිශාල ගෞරවයක්. මෙය නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර තලයේ පාරිභෝගික සේවාවක් ලබාදෙමින්, සියලුම දෙනා වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාව සහිත අනාගතයක් නිර්මාණය කිරීමට අප දරන උත්සාහයට ලැබුණු ජාත්‍යන්තර ඇගයීමක් ලෙස අප දකිනවා. ඉදිරියටත් නවෝත්පාදනය හා ඩිජිටල් පරිවර්තනය ඔස්සේ රටේ බැංකු හා මූල්‍ය ක්ෂේත්රය ජයගනිමින්, ජනතාවගේ ජීවනෝපාය මාර්ගයන්ට අත්වැලක් වෙමින් සහ, රටේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් ලෙස පුළුල් සමාජ-ආර්ථික වටිනාකම් නිර්මාණය කරමින් ඉදිරියටම යාම අපගේ බලාපොරොත්තුවයි.”
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.