
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC Junior ගිණුමෙන් මෙවරත් වටිනා අවුරුදු තෑගි
April 11, 2023

“DFCC Junior” ගිණුම හරහා දරුදැරියන්ට තෑගි පිරිනමන අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. දරුවන් කුඩා අවධියේදීම ඉතිරි කිරීමට යොමුකරවීම අරමුණු කරගත් මෙම වැඩසටහන මගින් DFCC Junior ගිණුම් හිමි දරුවන්ට වටිනා තෑගි පිරිනමනු ලබයි.
මෙවර “DFCC Junior” අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනේදී රු. 10,000/-, 25,000/-, 40,000/-, සහ 50,000/- මුදල් තැන්පතු සඳහා පිළිවෙළින් රු. 1,000, 2,000, 3,000, සහ 4,000 බැගින් වන DSI තෑගි වවුචර හිමිවනු ඇත. 2023 අප්‍රේල් 30 දින දක්වා වලංගු වන මෙම දීමනාව, දැනටමත් “DFCC Junior” ගිණුමක් හිමි දරුවන්ට මෙන්ම අලුතින් “DFCC Junior” ගිණුම් ආරම්භ කරන දරුවන්ටද හිමි වන අතර, දිවයින පුරා විසිරුණු DFCC බැංකු ශාඛා 139 අතරින් ඕනෑම ශාඛාවකදී ලබාගත හැකි වේ.
පෞද්ගලික මට්ටමින් මෙන්ම සමාජයක් වශයෙන් ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරගැනීමේ වැදගත්කම අවධාරණය කරමින්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ පැවසී ය. “ඉතිරි කිරීම් මගින් අපගේ ජීවිත වඩාත් යහපත් වනවා වගේම, එය රටේ ආර්ථිකයත් ශක්තිමත් කරනවා. වඩාත් සාර්ථක ලෙස ඉතිරි කිරීමට නම්, එය පුරුද්දක් ලෙස නිතිපතා සිදුකළ යුතු වන අතර, ඒ සඳහා ජීවිතයේ මුල් කාලයේදීම එම පුරුද්ද ඇතිකරගැනීම වැදගත්. “DFCC Junior” ගිණුමේ මූලික අරමුණ වන්නේ මෙයයි. දරුවන් වැඩි වැඩියෙන් ඉතිරි කිරීමට පෙළඹවීම සඳහා මේ ආකාරයට අලුත් අවුරුදු සමයේ ඔවුන්ට ත්‍යාග පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. තම දෙමාපියන් හෝ භාරකරුවන් සමග ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත පැමිණ ඉතුරුම් ගිණුමක් ආරම්භ කරන මෙන් අප අවුරුදු 15 ට අඩු දරුදැරියන් සියලුම දෙනාට ආරාධනා කරනවා.” ආසිරි ඉද්දමල්ගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.
DFCC බැංකුව මේ වනවිට දරුවන් වෙනුවෙන් “DFCC Junior” සහ “DFCC Teen” නමින් ගිණුම් දෙකක් හඳුන්වා දී තිබේ. දරුවන් තුළ කුඩා අවධියේ සිටම ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකිරීම ඉලක්ක කරගත් “DFCC Junior” ගිණුම ඔවුන්ට විවිධ අවස්ථාවලදී ත්‍යාගද පිරිනමන අතර, දෙමාපියන් හෝ භාරකරුවන් සමග DFCC බැංකු ශාඛාවක් වෙත පැමිණෙන ඕනෑම දරුවෙකුට “DFCC Junior” ගිණුමක් විවෘත කළ හැකි වේ.
අවුරුදු 13 ත් 18 ත් අතර දරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති “DFCC Teen” ගිණුම, දරුවන්ට විධිමත් ලෙස මූල්‍ය ස්වාධීනත්වය හුරු කරවන අතර, එය ඔවුන්ට දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමට ලැබෙන අගනා අවස්ථාවකි.
මීට අමතරව DFCC බැංකුව ඉහළ පොලියක් සහිත දීර්ඝකාලීන ස්ථාවර තැන්පතු, “DFCC Xtreme Money Market” Savings වැනි ඉතුරුම් ගිණුම්, වැටුප් ලබන වෘත්තිකයන් සඳහාම වෙන්වුණු “DFCC Winner” ගිණුම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දී ඇති “DFCC ගරු සරු” ගිණුම සහ කෙටිකාලීන ස්ථාවර තැන්පතු වැනි සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. මේ සියල්ල මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රයේ වඩාත්ම තරගකාරී අනුපාත සහ ප්රතිලාභ ගනුදෙනුකරුවන් වෙත පිරිනමයි.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.