
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක්
December 15, 2023

DFCC බැංකුව DFCC Junior ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගියදා ක්‍රියාවට නැංවිය. මේ යටතේ, DFCC Junior ළමා ඉතුරුම් ගිණුම්වල රු. 7,500 ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විට එම ගිණුම් හිමියන්ට Digital Smart LED අත් ඔරලෝසුවක් හිමි වනු ඇත. මීට අමතරව මෙම ප්‍රවර්ධන වැඩසටහනේ විවිධ තල යටතේ තවත් තෑගි හිමිකර ගැනීමට එම දරුවන්ට අවස්ථාව හිමි වේ.
තිරසාරත්වය හා අධ්‍යාපනය නැංවීම මෙන්ම ජීවන ඉලක්ක හඹා යාම දිරිගැන්වීම අරමුණු කරගෙන DFCC Junior නිරන්තරයෙන් විවිධාකාර වූ ක්‍රියාකාරකම් සංවිධානය කරයි. ලෝක ළමා දිනය නිමිත්තෙන් පසුගිය ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී DFCC බැංකුවේ ශාඛාවලදී වැඩසටහන් රාශියක් සංවිධානය කරන ලද අතර, ඒ අතරට චිත්‍ර හා රචනා තරග, රුක්රෝපණ වැඩසටහන්, ක්‍රීඩා හා වෙනත් කුසලතා තරග, සෞඛ්‍ය හා වෛද්‍ය කඳවුරු, අධ්‍යාපන වැඩමුළු සහ සම්මන්ත්රණ ඇතුළු වැඩසටහන් රාශියක් ඇතුළත් විය.
මෙම වැඩසටහන් මගින් දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්දට අමතරව, වගකීම්සහගත බව සහ අනාගතයට සූදානම් වීම වැනි ගුණාංගද වර්ධනය වනු ඇතැයි DFCC බැංකුව බලාපොරොත්තු වෙයි. ඉදිරියටත් මෙවැනි අර්ථවත් හා ඵලදායී වැඩසටහන් ඔස්සේ තම ළමා ගිණුම් හිමියන්ගේ යහපත වෙනුවෙන් කැපවීම DFCC බැංකුවේ අපේක්ෂාව වී ඇත.