
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC Pinnacle ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට Pearl Bay Water and Leisure Park හිදී 30% ක වට්ටමක්
February 16, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන DFCC බැංකුව පසුගියදා Pearl Bay සමග සුවිශේෂී හවුල්කාරීත්වයකට එළඹුණේ ය. මේ යටතේ මෑතකදී ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද ජල ක්‍රීඩා සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සංකීර්ණය වන Pearl Bay සඳහා 30% ක වට්ටමක් හිමිකර ගැනීමට DFCC Pinnacle ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අවස්ථාව ලැබේ. 2023 ජනවාරි 26 වන දින විවෘත කරන ලද Pearl Bay, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත් වන අතර, එය ශ්‍රී ලංකාව තුළ යුරෝපා සංගමයේ ප්‍රමිතීන්ට අනුව ඉදිකළ ප්‍රථම ජල උද්‍යානය සහ FIA/CIK සහතිකලත් විනෝද සහ වෘත්තීය මට්ටමේ කාර්ටින් (karting) ධාවන පථය ස්ථාපිත කර ඇත.
Pearl Bay Water and Leisure Park සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම ගෙවීම් සේවා සම්පාදකයා DFCC බැංකුව වීම විශේෂත්වයකි. ගනුදෙනුකරුවන්ගේ රුචිකත්වයන් අනුව සැලසුම් කරගත හැකි DFCC Pinnacle, DFCC බැංකුවේ ඉහළම තලයේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන සේවාවක් වන අතර, ඒ යටතේ සෑම ගනුදෙනුකරුවෙකුටම විශේෂ සම්බන්ධතා කළමනාකරුවෙක් සහ, සිය අභිමතය පරිදි කළමනාකරණය කරගත හැකි බැංකුකරණ සේවාවන් එකතුවක් හිමි වේ. DFCC Pinnacle සාමාජිකයන්ට සියලු පහසුකම් සහිත DFCC Pinnacle සුඛෝපභෝගී බැංකු සේවා මධ්‍යස්ථානය භාවිතා කිරීමේ අවස්ථාව, ගිණුම් සඳහා සුවිශේෂී පොලී අනුපාත සහ ගාස්තු, ඩිජිටල් බැංකු සේවාවන් සහ තවත් විශේෂ ප්රතිලාභ රාශියක් හිමි වන අතර, ඊට අමතරව වාර්ෂික ගාස්තු කපාහැරීම, ඉන්ධන, ආපනශාලා, උපයෝගීතා බිල්පත් සහ විදේශ රටවලදී සිදුකරන වියදම් සඳහා 3% ක Cashback දීමනාවක්, පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම, ගුවන්තොටුපළේ විශේෂ මගී පර්යන්ත විවේකාගාර නොමිලේ භාවිතා කිරීමේ අවස්ථාව, භාරකාර සේවාවන්, නොමිලේ හිමිවන සංචාරක රක්ෂණ සේවාවන් සහ ජීවිත රක්ෂණ සඳහා ලැබෙන විශේෂ සැලසුම් ඇතුළු තවත් ප්රතිලාභ රාශියක්ද හඳුන්වා දී ඇත.
“අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ විනෝදාස්වාද සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දිය යුතු බව අප විශ්වාස කරනවා. Pearl Bay සමග මෙවැනි හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීමට අප පියවර ගත්තේ ඒ නිසයි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීමට අප සෑම විටම උත්සාහ දරන අතර, ඒ වෙනුවෙන් ඉදිරියේදී තවත් මෙවැනි හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමට අප සූදානම්. Pearl Bay හිදී 30% ක වට්ටමක් ලබාදෙන ප්‍රථම සේවා සම්පාදකයා බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම දීමනාවෙන් අපගේ ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි කියා අප සිතනවා. Pearl Bay Water and Leisure Park හි විනෝදාස්වාද ක්‍රියාකාරකම් සියල්ල අපගේ Pinnacle කාඩ්පත් හිමියන්ට ඉමහත් සතුටක් ගෙනෙනු නො-අනුමානයි.” DFCC බැංකුවේ Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය.
බණ්ඩාරගම පිහිටි මෙම විනෝදාස්වාද සංකීර්ණය ප්‍රධාන වශයෙන් SplashBay (ජල ක්‍රීඩා), SpeedBay (විනෝදාත්මක කාර්ටින්) සහ TargetBay (වායු රයිෆල් කලාපය) යනාදී කලාපවලින් සමන්විත වන අතර, ඊට අමතරව පවුලේ සාමාජිකයන්ට එකට එක් වී විවිධ ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා තවත් ස්ථාන රැසක් වෙන්කර ඇත. DFCC Pinnacle කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී SplashBay, SpeedBay සහ TargetBay යන කලාප වෙත ඇතුළු වීමේ ටිකට්පත් සඳහා පමණක් 30% ක ස්ථාවර වට්ටමක් හිමි වේ.
SplashBay යනු ‘වෝටර් ස්ලයිඩ්ස්’ සහ පිහිනුම් තටාක ඇතුළු ස්ථානවලින් සමන්විත කලාපයක් වන අතර, එය පවුලේ සැමට එක් වී විනෝද විය හැකි ස්ථානයකි. FIA/CIK සහතිකලත් කාර්ටින් ධාවන පථයක් වන SpeedBay, වඩාත් උද්වේගකර අත්දැකීම් සොයන්නන්ට සුදුසු වන අතර, වායු රයිෆල් කලාපයක් වන TargetBay, ඉලක්කයට වෙඩි තැබීමේ කුසලතාවන් උරගා බැලීමට කැමති ඕනෑම කෙනෙකුට සුරක්ෂිත සහ විනෝදාත්මක අත්දැකීම් පෙළක් ලබාදෙයි.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.