නිවසේ ආරක්ෂිතව සිටිමින් DFCC බැංකුවේ සේවාවන් ලබාගන්නේ කෙසේද?
July 16, 2020
COVID-19 රෝගය ලොව පුරා ව්‍යාප්ත වීම නිසා, බැංකු සේවා අවශ්‍යතා සඳහා බැංකු ශාඛාවන් වෙත යාම වැනි සාමාන්‍ය එදිනෙදා කටයුතු පවා අවදානමක් ගෙනෙන දේවල් බවට පත්වී තිබේ. කෙසේ වුවත් DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් එම අවදානම ගැන සිතමින් කාලය ගතකිරීමට අවශ්‍ය නැත. පුද්ගලයන්ට මෙන්ම ව්‍යාපාර වලටද දුරස්ථ ක්‍රමයට සේවාවන් ලබාගත හැකි වන ආකාරයට ඩිජිටල් බැංකු සේවාවන් රාශියක් හඳුන්වා දීමට DFCC බැංකුව දැනටමත් කටයුතු කර තිබේ.
ඔබගේ එදිනෙදා බැංකු සේවා අවශ්‍යතා සඳහා වැදගත් විය හැකි ඩිජිටල් බැංකු සේවාවන් කිහිපයක් පිළිබඳ විස්තර පහත දක්වා ඇත. සතියේ ඕනෑම දිනයක, ඕනෑම වේලාවක ක්ෂණිකව මෙම සේවාවන් වෙත පිවිසිය හැකි අතර, දත්ත වල ආරක්ෂාව උපරිමයෙන් සහතික වන පරිදි, නවීනතම තාක්ෂණයන් භාවිතයෙන් ඒවා සැලසුම් කර තිබේ.
DFCC Virtual Wallet
DFCC Virtual Wallet යනු බැංකු සේවාවන් රාශියක් ඔබේ දෝතටම රැගෙන එන සුවිශේෂී සේවාවකි. නවීන සහ පහසුවෙන් භාවිතා කළ හැකි App එකක් භාවිතයෙන් මුදල් යැවීම හා ලබාගැනීම, භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවීම් කිරීම, බිල්පත් ගෙවීම, සහ තමන් භාවිතා කරන මූල්‍ය සේවාවන් (DFCC කාඩ්පත්, ගිණුම්, ණය තොරතුරු ආදිය) සම්බන්ධ තොරතුරු පරීක්ෂා කිරීම වැනි සේවාවන් රාශියක් මෙමගින් ලබාගත හැක. එමෙන්ම මෙය භාවිතා කරන්නන්ට Virtual Wallet භාවිතා කරන වෙනත් අයගෙන් මුදල් ඉල්ලා සිටීමද, තෑගි වවුචර වලට සමාන ආකාරයට ලබන්නාට භාවිතා කළ හැකි තෑගි කාඩ්පත් යැවීමද සිදුකළ හැකි වේ. නොසිතූ මුදල් අවශ්‍යතාවන් හදිසියේ මතුවන මෙවැනි කාලයක මෙබඳු සේවාවක වැදගත්කම අමුතුවෙන් කිවයුතු නැත.
දැනටමත් DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් වන පුද්ගලයන්ට කිසිදු ගාස්තුවකින් තොරව අන්තර්ජාලය ඔස්සේ DFCC Virtual Wallet සඳහා ලියාපදිංචි විය හැකි වේ. නව ගනුදෙනුකරුවන්ට වුවද DFCC Virtual Wallet සඳහා අයදුම් කළ හැකි අතර, ගිණුමක් විවෘත කිරීම ඇතුළුව ඒ සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා බැංකුවේ නියෝජිතයෙකු අදාළ ගනුදෙනුකරු සමග ඉක්මනින්ම සම්බන්ධ වනු ඇත. දැනටමත් DFCC ගිණුමක් හිමි පාරිභෝගිකයන්ට තම ඩෙබිට් කාඩ්පත් භාවිතා කිරීම මගින් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි වේ. Android සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා DFCC Virtual Wallet බාගත (Download) කළ හැකි ය. DFCC Virtual Wallet app බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
අන්තර්ජාල බැංකුකරණ සේවාව
DFCC බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවාව වෙතින් ඔබට, කිසිදු අතිරේක ගාස්තුවකින් තොරව, ඉහළම මට්ටමේ පරිපූර්ණ ඩිජිටල් බැංකු සේවාවක අත්දැකීම හිමි වේ.
සියලුම DFCC ගිණුම් කළමනාකරණය කිරීම, SLIPs හෝ CEFT ඔස්සේ ක්ෂණිකව බාහිර හෝ අභ්‍යන්තර මුදල් හුවමාරු සිදුකිරීම, බිල්පත් ගෙවීම හා කළමනාකරණය කිරීම, ස්ථාවර නියෝග ලබාදීම, ණය වාරික ගෙවීම, බැංකුව වෙත ප්‍රමුඛතා පණිවිඩ යැවීම සහ බැංකුව වෙතින් එවැනි පණිවිඩ ලබාගැනීම, සහ ගිණුම් ප්‍රකාශ, චෙක්පොත් සහ ගෙවීම් නැවැත්වීමේ නියෝග ලබාදීම වැනි සේවාවන් රාශියක් DFCC බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවාව මගින් ලබාගත හැක.
DFCC iConnect – ව්‍යාපාර සඳහා සුරක්ෂිත, දුරස්ථ බැංකු සේවා
iConnect යනු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම විශාල ව්‍යාපාර සඳහා අප හඳුන්වා දී ඇති, ක්ෂේත්රයේ ප්‍රමුඛතම මුදල් කළමනාකරණ හා ගෙවීම් සේවාවකි. මෙම සේවාව ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ට තම නිවෙස් වල හෝ කාර්යාල වල සිටම, කිසිදු සීමාවකින් තොරව, එසැණින් තම ව්‍යාපාරික ගිණුම් හා ගනුදෙනු කළමනාකරණය කළ හැකි වේ. ගිණුම් විශ්ලේෂණය, විදේශ ගෙවීම් හෝ ගෙවීම් එකතු කිරීමේ විසඳුම් ඇතුළු සේවාවන් රාශියක් DFCC iConnect වෙතින් ලබාගත හැක.
DFCC iConnect ඔබගේ ERP සමග පූර්ණ වශයෙන් ඒකාබද්ධ කළ හැකි අතර ජංගම දුරකථන සමග භාවිතා කළ හැකි වේ. චෙක්පත් මුද්‍රණය, SLIPS ගෙවීම්, RTGS, ගෙවීම් නියෝග, වැටුප් ගෙවීම්, අභ්‍යන්තර හුවමාරු, අභ්‍යන්තර පියවීම්, බිල්පත් ගෙවීම්, ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු තවත් බොහෝ දේ සඳහාද එය භාවිතා කිරීමේ හැකියාව පවතී. එමෙන්ම DFCC iConnect සේවාව ඩිජිටල් තැන්පතු ගිණුම් ඔස්සේ ගෙවීම් එකතු කිරීම් කළමනාකරණය හා සංසන්දනය, සහ මූල්‍ය සැපයුම් දාම කළමනාකරණය සඳහාද, ලැබිය යුතු ගෙවීම් කළමනාකරණය කිරීමේ පද්ධතියක් ලෙසද භාවිතා කළ හැකි අතර එය සජීවී නිරීක්ෂණ හැකියාවන්ගෙන්ද යුක්ත වේ.
DFCC iConnect පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතැන ක්ලික් කරන්න. නැතිනම් 011 2 35 00 00 අමතන්න.
DFCC Pay – සෑම දෙනාටම ඩිජිටල් බැංකු සේවා
කිසිදු ගාස්තුවකින් තොරව, ඕනෑම කෙනෙකුට DFCC Pay බාගත (download) කර ලියාපදිංචි විය හැක. ඉන් අනතුරුව ගනුදෙනුකරුවන්ට සිය DFCC බැංකු ගිණුම් හෝ, මෙම සේවාව හා එක්වී සිටින අනෙකුත් බැංකු වල ගිණුම් DFCC Pay සමග සම්බන්ධ කළ හැකි වේ. එසේ කිරීමෙන් පසුව, ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ LANKAQR භාවිතා කරන අලෙවිසැල් වෙතින් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා වලට මුදල් ගෙවීමද සිදුකළ හැක.
මීට අමතරව DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට DFCC Pay භාවිතයෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල VISA QR පහසුකම සහිත අලෙවිසැල් වලට ගෙවීම් කළ හැකි වේ. ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ඉතාමත් ඉක්මනින් බැංකු සේවාවන් ලබාගත හැකි පහසු මගක් වන DFCC Pay, Android සහ iOS මෙහෙයුම් පද්ධති සමගද භාවිතා කළ හැක.
ආරක්ෂාව අපට ඉතාමත් වැදගත්
ඔබේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව වෙනුවෙන්, බැංකු ශාඛා වෙත යාමේ අවශ්‍යතාව අවම කරවමින්, විශිෂ්ට මට්ටමේ ඩිජිටල් සේවාවන් ඔබ වෙත සමීප කරවීම සඳහා DFCC බැංකුව කැපවී කටයුතු කරමින් සිටී. එමෙන්ම දත්ත වල ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම අප හොඳින් හඳුනන අතර, එම නිසා අපගේ සියලුම සේවාවන් ජාත්‍යන්තර තලයේ දත්ත හා සයිබර් ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගෙන යාමට අපි කටයුතු කරන්නෙමු.
ගමන් බිමන් යාම සහ පොදු ස්ථාන වල ගැවසීම හැකිතාක් අවම කරමින්, ඔබගේ බැංකු සේවා අවශ්‍යතා සඳහා අපගේ ඩිජිටල් සේවාවන් හැකිතාක් භාවිතා කරන්න. කෙසේ වුවත්, බැංකු ශාඛාවක් වෙත පැමිණීම අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී, විශ්වාසයෙන් යුතුව ඔබට අවශ්‍ය සේවාව ඉටුකරගත හැකි වන ආකාරයට, ගනුදෙනුකරුවන්ගේත් කාර්ය මණ්ඩලයේත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ගද ගෙන ඇති බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු.
DFCC බැංකුවේ ඩිජිටල් සේවාවන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න. ඩිජිටල් සේවාවන් සම්බන්ධයෙන් කිසියම් සහයෝගයක් අවශ්‍ය නම්, 0112 35 00 00 අංකයෙන්, පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.