ජාත්‍යන්තර මුදල් ප්‍රේෂණය

ජාත්‍යන්තර මුදල් ප්‍රේෂණය

ලොව පුරා විහිදී ඇති අපේ රෙමිටන්ස් සේවා නියෝජිත බැංකු හරහා ශ්‍රී ලංකාවෙන් එපිට ඇති මුදල් ඉතා පහසුවෙන් මෙරටට ගෙන්වාගැනීමේ හැකියාව ඇති අතර අපේ කාර්යසූර සහ අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලය සමඟ අසමසම පාරිභෝගික සේවාවක් ඔබට ලබාදීම‍ට අප බැඳී සිටී.

අභ්‍යන්තර මුදල් ප්‍රේෂණය

අභ්‍යන්තර මුදල් ප්‍රේෂණය

ලොවපුරා විහිදී ඇති අපේ රෙමිටන්ස් සේවා නියෝජිත විදේශ බැංකු හරහා ලෝකයේ ඕනෑම තැනක සිට අභ්‍යන්තර මුදල් ප්‍රේෂණය පහසුවෙන් ක්ෂණිකව සිදුකර ගැනීමේ හැකියාව ඔබට උදාවේ. විදේශයක සිට එවන මුදල් වඩාත් ආකර්ෂණීය හුවමාරු අනුපාතයකට සහ කොමිස් මුදලකට යටත්ව ඉතාම පහසුවෙන් සහ එසැණින් ලබාගැනී‍මට දිවයින පුරා විහිදුණු අපේ පාරි‍භෝගික මධ්‍යස්ථාන හරහා ඔබට පහසුකම් සළසා දී තිබේ.

බාහිර මුදල් ප්‍රේෂණය

අපේ හිතවත් පාරිභෝගිකයන් වෙනුවෙන් SWIFT (TT) සහ demand drafts (DD) හරහා බාහිර මුදල් ප්‍රේෂණ පහසුකම් ද සළසා දීමට DFCC බැංකුවට හැකියාව තිබේ. ආකර්ෂණීය විදෙස් මුදල් හුවමාරු අනුපාතයකට සහ කොමිස් මුදලකට  USD, GBP, EUR, AUD, CAD, JPY සහ SGD මුදල් හරහා දැනටමත් සියලු ගෙවීම් කිරීමේ හැකියාව අප සතුය. අයදුම්පත් රටපුරා විහිදි ඇති අපේ ශාඛාවලින් ලබාගත හැකි අතර නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පතක් ඉදිරිපත් කිරීමේන් වඩා පහසුවෙන් අවශ්‍ය කාර්යය කරගැනීමේ අවස්ථාව හිමිවේ. 

ඔබට ප්‍රයෝජනවත් පහත දැක්වෙන සේවා අප විසින් සිදුකරයි

  •  අත්තිකාරම් ගෙවීම් – ආනයන
  • විවෘත ගිණුම් ප්‍රකාශ – ආනයන
  • අධ්‍යාපන
  • සෞඛ්‍ය
  •  වීසා
  • සංක්‍රමණ
  • වෙනත් සේවා ආදී

අපව අමතන්න

කාර්‍ර‍යාල වේලාවන්හිදී උපකාර සඳහා කරුණාකර සම්බන්ධ වන්න

අභ්‍යන්තර ප්‍රේෂණ / බාහිර සේවා ප්‍රේෂණ
Nimaali De Mel – Senior Manager: Trade & International Remittances +94 112371433
බාහිර වෙළඳ ප්‍රේෂණ
Chathuri Creasy – Manager: Trade & International Remittances +94 112371425