
Our Sustainability
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
පාරිසරික
DFCC බැංකුව පරිසරය පිළිබඳ සිය වගකීම සමග සමපාත වන අතර පාරිසරික මූලාරම්භයන්හි මූලිකත්වය ගෙන තිරසාර භාවිතයන් අඛණ්ඩව අනුගමනය කරයි. අපි තිරසාර බැංකු මුල පිරීමේ (SBI) ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන අතර ව්‍යාපෘති මූල්‍යකරණය සඳහා සමාජ හා පාරිසරික කළමනාකරණ පද්ධතිය (SEMS) යොදා ගනිමු. අප සහාය දක්වන ව්‍යාපෘති පාරිසරික හා සමාජ රෙගුලාසි හා ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කරමු.
අපේ පරිසරය ආරක්ෂා කිරීමට සහ එයට සිදුවන හානිකර බලපෑම් අවම කිරීම වෙනුවෙන් DFCC බැංකුව ශක්තිමත්ව පෙනී සිටී. අපේ මූලික ව්‍යාපාර කාර්යයන් මඟින් පරිසරයට ඉතා අවම බලපෑමක් වෙන නමුත් රටේ පිළිගත් මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස අපේ පාරිභෝගිකයින්, සේවකයන් සහ සේවා ලබාදෙන්නන්ව පරිසරයට සාධනීය ලෙස වගකියන ක්‍රියාකාරකම්වල යෙදවීම වෙනුවෙන් දිරිගැන්වීම සහ මඟපෙන්වීම අප විසින් සිදුකරයි.
අපේ සම්පත් පරිභෝජනය කරන ආකාරය අපි විසින් කාලීනව පුනරීක්ෂණය කරන අතර බලශක්තිය ආරක්ෂා කිරීම උදෙසා නව්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරයි. වඩාත් ගැළපෙන ආකාරයෙන් ව්‍යාපාරික විසඳුම් ලබාදීමට අමතරව සම්පත් පරිභෝජනය සහ කළමනාකරණය කිරීමේදී 3R සංකල්පය – reduce, reuse, recycle දැඩිව ක්‍රියාවට නංවයි.
අභ්‍යන්තරික සේවා කාර්යයන් කළමනාකරණය සහ ආයෝජනය තීරණ ගන්නා අවස්ථාවලදී පරිසර සහ සමාජ ආරක්ෂණ විධිවිධාන සලකා බැලීම පිළිබඳව ඉහළ ප්‍රමුඛතාවක් බැංකුව විසින් ලබාදෙයි. මෙහිදී ආර්ථික සංවර්ධනය හේතුවෙන් පාරිසරික සහ සාමාජීය බලපෑම පිළිබඳව බැංකුව මනාව දැනුවත් වී තිබේ. එමෙන්ම පාරිසරික සහ සමාජ කළමනාකාර පද්ධතියක් (SEMS) අප විසින් ස්ථාපිත කර තිබෙන අතර එයින් සමාලෝචනය කළ දැනට පවතින/ යෝජනා කළ ව්‍යාපෘති වල සමාජ/පාරිසරික බලපෑම පිළිබඳව සහ නියමකර ඇති පාරිසරික තත්ත්වයන් පවත්වාගෙන යනවා ද නැද්ද පිළිබඳව අධීක්ෂණය කිරීම සිදුවේ.
පරිසරය සංරක්ෂණය කිරීමේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම බැංකුවේ තිරසර ඒකකය විසින් සිදුකරයි. පරිසර කළමනාකරණය කිරීම සහ සාමාජීය දෘෂ්ටිය ගොඩනැංවීම තිරසර මූලිකත්වයන් ආවරණය කරමින් ක්‍රියාත්මක කර ඇති බව බැංකුවේ ණය අපේක්ෂා කිරීමකදී හොඳින් සළකා බැළෙයි.
මීට අමතරව, බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ නායකත්වයෙන් තිරසර මූලිකත්ව වැඩසටහන් සිදුකිරීමට සියලු අංශයන්ට අයත් කළමනාකරුවන්ගෙන් සැදුම්ලත් ඒකකයක් පිහිටුවා ඇත. බැංකුවේ මූලික අගයන්ට අනුව සියලු හරිත මූලිකත්ව වැඩසටහන් ක්‍රියාත්මක වේදැයි හඳුනාගැනීම මෙම කමිටුවේ වගකීමයි.
පරිසර හිතකාමී මුලපිරීම්:
- ගස් පැළ කිරීමේ වැඩසටහන්
- නැවත භාවිතයට ගතහැකි අසුරන ප්‍රවර්ධනය කිරීම
- මුහුදු වෙරළ පිරිසිදු කිරීම
- e-Waste ව්‍යාපාරය
- ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපාරය
සේවකයන්ගේ උපන්දින සැමරීම වෙනුවෙන් ගස් පැළකිරීමේ වැඩසටහනක් 2017 වසරේදී DFCC බැංකුව ආරම්භ කළේය. මෙම වැඩසටහනේ අංගයක් ලෙස අදාළ උපන්දිනය ඇති සේවකයාට සහ පවුලේ සැමට පැළ සිටුවීමට ඔවුන් වෙනුවෙන්ම සැකසූ ආරාධනාවක් යොමුකරයි. මෙම වැඩසටහනේදී සේවකයාට e-tree-dedication සහතිකයක්, තමන්ගේ ගස් පැල කර ඇති ස්ථානය නිවැරදිව සොයගත හැකි Google maps මඟින් බලගැන්වූ අන්තර්ජාල ස්ථානීය සිතියමක් ප්රදානය කරයි.
Re-forest Lanka සමඟ එකමුතුවෙන් ගස් 20000කට වඩා පැළ කිරීමට බැංකුව කටයුතු කළ අතර මී, කුඹුක්, කරඳ, ගම්මාලු, කොස්, වීර, ඇහැළ, රත් හඳුන්, සුදු හඳුන්, හොර, රණවරා, ඇටඹ, වරා, ඔළිඳ ආදී අපටම ආවේණික ශාක සහ ඉතා දුර්ලභ ශාක වර්ග පැළ කිරීමට කටයුතු කළේය.
සමාජයට හොඳ වනාන්තරයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම උදෙසා දිවයින පුරා වන විනාශයට ලක්වීමේ අවධානම ඇති ප්‍රධාන ප්‍රදේශ වල පැළ වැවීමේ මෙම වැඩසටහන පැවැත්වීය. පාංශු ඛාදනය නැතිවීමට සහ පසේ තත්ත්වය වර්ධනය වීමට ගස් වැවීම වැදගත් මෙහෙයක් සිදුකරන අතරම පරිසරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ශාක විසින් ලබාදෙයි.
පොලිතින් බෑග් භාවිතය අවම කිරීමට සහ ‘Take Your Own Bag (TYOB)’ සංකල්පය පවත්වා ගැනීමට දිරිදීම වෙනුවෙන් DFCC බැංකුවේ සියලු සේවකයන් අතර නැවත භාවිතයට ගතහැකි DFCC සන්නාමය සහිත බෑග් බෙදාදීම සිදුවිය. මෙම වැඩසටහන් හරහා වාර්ෂිකව මිලියනයක් පමණ පොලිතින් බෑග් භාවිතාව අවම කිරීම DFCC බැංකුවේ අරමුණයි.
DFCC බැංකුවේ සාමාජිකයන් සහ ඒ පවුල්වල සහභාගීත්වයෙන් නිතර නිතර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වේ.
2017 වසරේ සිට බැංකුව විසින් e-Waste වැඩසටහන සංවිධානය කරන අතර එහිදී සිය සේවකයන්ට තමන්ගේ e-Waste නිවැරදිව බැහැර කිරීමේ අවස්ථාව ලබාදී එය දිරිමත් කරයි. මෙම e-Waste එකතු කරන්නේ සහතික ලත් e-Waste එකතුකිරීමේ ආයතනයක් මඟිනි.
DFCC බැංකුවේ තිරසර ඒකකය විසින් 2018 සැප්තැම්බර් මාසයේදී “Plastic Recycling Day” නම් කළේය. මෙහිදී බැංකු සීමාවේ තිබෙන බැහැර කළයුතු ප්ලාස්ටික් සහ සිය සේවකයන්ගේ නිවෙස් වලින් බැහැර කළයුතු ප්ලාස්ටික් ගෙනැවිත් නිසි පරිදි බැහැර කිරීම සිදුකරයි. මෙම ප්ලාස්ටික් කොටස් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සිදුකරන වැඩබිමක් වෙත යැවෙයි. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු DFCC සේවකයන් අතර නිවැරදිව ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳ දැනුවත්භාවය ඇතිකිරීම මෙන්ම අවම ප්ලාස්ටික් භාවිතාවක ඇති වැදගත්කම සහ නිවැරදිව ප්ලාස්ටික් බැහැරකිරීමේ දැනුවත්භාවය ඇතිකරමින් පරිසර හිතකාමී ක්‍රියාකාරකම්වල වැදගත්කම සේවකයන්ට කියාදීමයි.