පහසු ගෙවීමේ සැලැසුම්

පහසු ගෙවීමේ සැලැසුම්

රු. 10,000 / - ට වැඩි ඕනෑම මිලදී ගැනීමක් වාරික සැලැස්මක් බවට පරිවර්තනය කර, සාමාන්‍ය සේවා ගාස්තු යටතේ මාස 3 සිට 60 දක්වා නැවත ගෙවීමේ හැකියාව.

  • රු.10,000 / – ට වැඩි ඔබේ ඕනෑම ගනුදෙනුවක් සේවා ගාස්තුවකට යටත්ව පහසු ගෙවීමේ සැළසුම් සඳහා මෙම සේවාව යටතේ පරිවර්තනය කළ හැකිය.

  • මේ සඳහා වූ අවම මිලදී ගැනීමේ මුදල රු.10,000 / – ක් වන අතර, උපරිම මුදල රු.1,000,000/- කි.

  • කාඩ්පත් හිමියන් සඳහා සේවා ගස්තු සමග මාස 3, 6, 7, 9, 12, 18, 24, 36, 48 සහ 60 දක්වා සමාන මාසික වාරික වශයෙන් ආපසු ගෙවිය හැකිය.

  • හිමිකරගතහැකි සැකසුම් ගාස්තු පහත පරිදි වේ:
  • කාලසීමාව 03 මසකට 06 මසකට 07 මසකට 09 මසකට 12 මසකට 18 මසකට 24 මසකට 36 මසකට 48 මසකට 60 මසකට
    මසකට සැකසුම් ගාස්තු 3.00% 1.80% 1.58% 1.34% 1.30% 1.14% 0.94% 0.81% 0.80% 0.72%

  • ගනුදෙනුවක් පහසු ගෙවීමේ සැලැසුමකට පරිවර්තනය කිරීමේදී ක්‍රෙඩිට් කාඩ් ගිණුමෙන් රු 1,500 ක සම්මත සැකසුම් සේවා ගාස්තුවක් අය කෙරේ.

  • ගනුදෙනුවක් පහසු ගෙවීමේ සැලැසුමක් බවට පරිවර්තනය කිරීම සඳහා කඩ්පත් හිමියා විසින් ගනුදෙනුව සිදුකර 0112350000 යන දුරකථන අංකය ඔස්සේ අපගේ 24 පැය සබඳතා මධ්‍යස්ථානය වෙත ඇමතිය යුතුය.

  • ලබාගතහැකි කාඩ් ශේෂයෙන් සැලසුමේ අන්තර්ගත මුළු මුදල අවහිර කරනු ඇත.

  • මාසික වාරික කාඩ්පතට හර කරනු ලබන අතර එය ලබාගත් මුළු ණය මුදලේ එක් කොටසක් සහ සේවා ගාස්තු නියෝජනය කරනු ලබයි.

  • කාඩ්පත් හිමියා විසින් නියමිත දිනයට අවම ගෙවීම පැහැර හරිනු ලැබුවහොත්, පහසු ගෙවීමේ සැලැසුම් ගෙවුම් හිඟ මුදල් කල්තියා පුරෝකථනය කිරීමට සහ මුළු හිඟ මුදල හර කිරීමට බැංකුවට පූර්ණ අයිතිය ඇත.

  • ලබා දී ඇති කාලසීමාව ඉකුත්වීමට පෙර කාඩ්පත් හිමියෙකු සම්පූර්ණ ණය මුදල පියවීමට අපේක්ෂා කරන්නේ නම්, පහසු ගෙවීමේ සැළසුමෙහි හිග මුදල් මත 4% ක පූර්ව පියවීමේ ගාස්තුවකට යටත්ව කාඩ්පත් හිමියා විසින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

  • ඉන්ධන, කැසිනෝ සහ සූදූ වැනි ගනුදෙනු සඳහා පහසු ගෙවීමේ සැලැසුම් වලංගු නොවේ.

  • මුදල් අත්තිකාරම් සහ වාණිජමය ගනුදෙනු සඳහා පහසු ගෙවීමේ සැලැසුම් වලංගු නොවේ.

  • සැකසුම් ගාස්තුව ඇතුළත්ව, ගනුදෙනුවක් පහසු ගෙවීමේ සැලැසුමකට හැරවිය හැක්කේ පවතින ණය සීමාව තුළ පමණි.


අයදුම් පත්‍රය