
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC Bank Launches an Affinity Credit Card for St. Anthony’s College, Kandy OBA
January 5, 2023

ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටින DFCC බැංකුව, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සමග එක්වී එම සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂ ක්‍රෙඩිට් කාඩ්පතක් (DFCC Bank – St. Anthony’s College, Kandy OBA Visa Affinity Credit Card) හඳුන්වා දී තිබේ. මේ යටතේ DFCC බැංකුව එම සංගමයේ කාඩ්පත් හිමියන්ගේ වියදම්වලින් ප්‍රතිශතයක් සහ වාර්ෂික ගාස්තුවෙන් ප්‍රතිශතයක් ඔවුන් සඳහා ලබා දෙනු ඇත. අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් දායක වීමට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට දිගින් දිගටම ශක්තිය ලබාදීම සඳහා, එම සංගමයේ සාමාජිකයන්ට මූල්‍යමය වශයෙන් අත්වැලක් වීමේ අරමුණින් මෙම කාඩ්පත හඳුන්වා දී තිබේ. මෙය සෑම කාඩ්පත් හිමියෙකුටම ප්රතිලාභ හා දීමනා රාශියක් මෙන්ම විශේෂ වරප්‍රසාද ද පිරිනමන සුවිශේෂී වූ කාඩ්පතක් ලෙස හැඳින්විය හැක.
මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති මාක් ස්ටීවන් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “අපගේ සංගමය දකුණු ආසියාවේ වඩාත්ම පැරණි සහ වඩාත්ම ගෞරවණීය ආදි ශිෂ්‍ය සංගම් අතරින් එකක්. අපගේ ආදි ශිෂ්‍යයන් අතරට කීර්තිමත් දේශපාලනඥයන්, විද්වතුන්, ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහ ඩොලර් බිලියන ගණනක වත්කම් හිමි දැවැන්ත ව්‍යාපාර හිමියන් ඇතුළත් වී සිටිනවා. මේ ආකාරයට DFCC බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. ඉදිරියේදී මෙම හවුල්කාරීත්වය ඔස්සේ, අපගේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ව්‍යාපාර වලට ප්රතිලාභ රාශියක් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.”
DFCC බැංකුවේ උප සභාපති සහ කාඩ්පත් ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “DFCC බැංකුවේ Visa Affinity ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීම සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සමග ඇතිකරගත් හවුල්කාරීත්වය මෙලෙස නිවේදනය කරන්නේ ඉමහත් සතුටින්. ශාන්ත අන්තෝනි විද්‍යාලය යනු වසර 168 ක සාඩම්බර ඉතිහාසයක් ඇති, මෙරට ප්රමුඛ පෙළේ විද්‍යාලයක්. DFCC බැංකුව යනු වසර 65 කට අධික කාලයක් තිස්සේ මෙරට ආර්ථිකයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන බැංකුවක්. මෙම හවුල්කාරීත්වය ඔස්සේ, මෙම ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට තම මූල්‍යමය ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීමටත්, පොදු අරමුණු වෙනුවෙන් එක්ව කටයුතු කිරීමේ අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මෙම හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම අපගේ බලාපොරොත්තුවයි.”
මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඕනෑම සාමාජිකයෙකුට DFCC Bank Visa Affinity ක්‍රෙඩිට් කාඩ්පත ලබාගත හැකි වේ. කාඩ්පත භාවිතයෙන් මුදල් වැය කරන සෑම අවස්ථාවකදීම 1% ක cashback දීමනාවක් හිමි වීම, මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැකි වීම, තරගකාරී පොලී අනුපාත යටතේ ඉක්මනින් හා පහසුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂයන් මාරු කළ හැකි වීම සහ කාඩ්පත වෙනුවෙන් ණය පහසුකම් ලබාගත හැකි වීම වැනි ප්රතිලාභ රාශියක් කාඩ්පත් හිමියන්ට මේ යටතේ හිමි වේ. තවද කාඩ්පත් හිමියන්ට ආදි ශිෂ්‍ය සංගමය තුළ මෙන්ම විවිධ උත්සව හා වැඩසටහන් වලදීද මේ ඔස්සේ විශේෂ ප්රතිලාභ පිරිනැමීමට පියවර ගෙන ඇත. සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම හොඳින් හඳුනන බැංකුවක් වශයෙන්, මේ ආකාරයට නව හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමටත්, පවතින හවුල්කාරීත්වයන් තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් DFCC බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි.

ඡායාරූපය (වමේ සිට)
DFCC බැංකුව වෙනුවෙන් එහි උප සභාපතිනි (අලෙවි හා තිරසාරත්ව) නිල්මිණි ගුණරත්න, සහකාර උප සභාපති/මහනුවර ශාඛා කළමනාකරු ශානක සිල්වා, උප සභාපති සහ ප්‍රාදේශීය කළමනාකරු ටෙරන්ස් ඇතුගල, උප සභාපති / පාරිභෝගික වත්කම් සහ වගකීම් අලෙවි ප්‍රධානී දුමින්ද සිල්වා, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ, සහ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා යන මහත්ම මහත්මීන් සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් එහි සභාපති මාක් ස්ටීවන් සහ එම සංගමයේ කොළඹ ශාඛාවේ සභාපති රෝහණ විජේසිංහ, Lanka Harness Co. (පුද්.) සමාගමේ විධායක සභාපති රොහාන් පල්ලෙවත්ත, HNB General Insurance සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයුන්දර සහ DFCC බැංකුවේ උප සභාපති සහ කාඩ්පත් ප්‍රධානී ඩෙන්වර් ලුවිස් යන මහත්වරුන්
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.