
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
ඔබගේ ඔන්ලයින් හරහා කෙරෙන ගනුදෙනු සුරක්ෂිත සහ ආරක්ෂිත බව ඔබට සහතිකද?
February 9, 2023

වර්තමානයේ අන් කවරදාටත් වඩා ඔන්ලයින් හා ජංගම දුරකථන භාවිතාකර කෙරෙන ගනුදෙනු සිදුකිරීම ආරක්ෂාකාරී, පහසු මෙන්ම ඉතා සරලය. ඉතා ඉහළම මට්ටමේ සුරක්ෂිතතාවයක් හා ආරක්ෂාවක් තහවුරු කරනු පිණිස අප බැංකුව තුළ දියුණුතම සහ නවීන තාක්ෂණය උපයෝගී කර ගන්නා අතරම ඉහළම ආරක්ෂක විධිවිධාන මේ සඳහා යොදා ගෙන ඇත. කෙසේ වුවද, ඔබගේ ඔන්ලයින් ගනුදෙනු සෑමවිටම සුරක්ෂිත හා ආරක්ෂාකාරීව කෙරෙන බවට වග බලා ගැනීමට ඔබටද ගත හැකි පියවර කිහිපයක් ඇත.
කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) සේවාව ක්‍රියාත්මක කරන්න.
කෙටි පණිවුඩ සේවාව ක්ෂණිකව ක්‍රියාත්මක වන අතර, ඔබගේ ගිණුම තුළ ගනුදෙනුවක් සිදු වූ වහාම ඔබට සැණෙකින් ඒ බව දැනුම් දෙයි. මෙම සේවාව ක්‍රියාත්මක කළ විට, ඔබගේ ගිණුමෙහි සැක කටයුතු හෝ අවසර නොමැති ගනුදෙනුවක් සිදු වුව හොත්, ඒ බව ඔබට එසැණින් කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ලබන අතර, එවිට ඔබට ඒ බව අප වෙත එම අවස්ථාවේදීම දැනුම් දීමේ අවස්ථාව උදා වනු ඇත. එබඳු අහඹු සිදුවීමක් සිදු වූ විට, ඔබ ඒ බව අප වෙත දැනුම් දීම ඉක්මන් වන තරමටම, ඔබගේ මුදල් ආරක්ෂා කර දී, අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීම සඳහා අප ක්‍රියා කිරීම වඩාත් වේගවත් වනු ඇත. එනිසා, ඔබ දැනටමත් කෙටි පණිවුඩ සේවාව ක්‍රියාත්මක කර නොමැතිිනම්, ඉක්මණින්ම අපගේ වෙබ් අඩවිය වෙත පිවිස එය සිදු කරන්න.
ඔන්ලයින් බැංකුකරණය සඳහා සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්න.
සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදයේදී ගිණුමට පිවිසීමට යොදාගන්නා උපාංගය භාවිතා කර එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් ලබාදෙන අතර එය ඔබගේ ගිණුමට සම්බන්ධ කළ විට, ඔබට ගිණුමට පිවිසීමට ඔබගේ මුරපදය සහ එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපදය යන දෙකම අවශ්‍ය වනු ඇත. මෙය ද්විත්ව-සාධක තහවුරු කිරීමේ ස්වරූපයක් වන අතර, එමගින් ඔබගේ ඩිජිටල් බැංකු කටයුතු සම්බන්ධයෙන් කිසිවකුටත් විනිවිද යා නොහැකි ආරක්ෂක ස්ථරයක් එක් කරන බැවින් සොරකමක් කිරීමේ චේතනාව ඇති අයකුට ඔබගේ ගිණුමට පිවිසීමට ඔබගේ මුරපදය දැන සිටීම පමණක් නොව, ඔබගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයද තමා සන්තකයට ගැනීමටද සිදු වනු ඇත. ඔබ සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කැමති නම්, අපගේ ඕනෑම ශාඛාවකට පිවිසීමෙන් හෝ දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක අපගේ පාරිභෝගික මධ්‍යස්ථාන අංකය වන 0112 350000 ඇමතීමෙන් හෝ ඔන්ලයින් බැංකු සේවාව භාවිතා කරමින් විද්‍යුත් තැපෑල හරහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීම මගින් ද එය සිදු කරගත හැකිය.
ඔබගේ මුරපදය නිතිපතා වෙනස් කරන්න.
ඔබගේ මුරපදය නිතර වෙනස් කිරීම මගින් වෙනත් පාර්ශවයන් විසින් අනවසරයෙන් ගිණුමට පිවිසීමට ඇති අවකාශය අඩු වන අතරම මෙමගින් අපරාධකරුවන්ට ඔබගේ මුරපදය ලබා ගැනීමට ඇති හැකියාව අඩු වේ. එය ඔබට යම් අපහසුවක් වුවද, අපි දැඩි සේ නිර්දේශ කරන්නේ ඔබ ඔබගේ මුරපදය නිතර වෙනස් කළ යුතු බවයි.
පරිශීලක නාමය, මුරපදය හා එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපදය කිසිවකුටත් ලබා නොදෙන්න.
කිසිසේත්ම ඔබගේ පරිශීලක නාමය, මුරපදය හෝ එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපදය DFCC බැංකුවද ඇතුළු කිසිදු අයකු වෙත ලබා දීමෙන් වළකින්න. DFCC බැංකුව, DFCC නියෝජිතයින්, කිසිදු රාජ්‍ය දෙපාර්තමේන්තුවක්, ව්‍යවස්ථාපිත ආයතනයක් හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් කිසිදු දිනක ඔබ අමතා හෝ වෙනත් ආකාරයකින් ඔබ සම්බන්ධ කර ගෙන ඔබගේ ගිණුම හෝ අනන්‍යතාව පිළිබඳ සංවේදී තොරතුරු, විශේෂයෙන්ම ඔබගේ පරිශීලක නාමය, මුරපදය හෝ එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපදය විමසන්නේ නැත. එබඳු කිසිදු විමසීමකට කිසිදු විටක ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න, ඒ වෙනුවට වහාම අපගේ පාරිභෝගික මධ්‍යස්ථාන අංකය වන 0112 350000 ඔස්සේ අමතා ඒ පිළිබඳව වාර්තා කිරීමට වග බලාගන්න.
සෑමවිටම ඔන්ලයින් හා ජංගම දුරකථන බැංකු සේවාව වෙත ඍජුවම පමණක් පිවිසෙන්න.
ඔබව අපගේ ඔන්ලයින් හෝ ජංගම දුරකථන පහසුකම් වෙත ඔබ යොමු කරවනවා යැයි පවසන හෝ ඔබට ලැබෙන කිසිදු ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් වළකින්න. ගූගල් ප්ලේ (Google Play) හෝ ඇපල් ඇප් ස්ටෝ (Apple App Store) වෙතින් පමණක් ඔබගේ ජංගම ඇප් එක ස්ථාපනය කර ගන්නා බවට වග බලා ගන්න. ඇප් එක බාගත කර ගැනීමට පෙර ප්රකාශකයාගේ නම පරීක්ෂා කිරීම මගින් ඔබ ස්ථාපනය කර ගන්නා ඇප් එකෙහි සැබවින්ම ‘‘DFCC බැංකුව පී.එල්.සී.’’ වෙතින්ම ලැබෙන්නක් දැයි තහවුරු කර ගන්න.
ඔන්ලයින් බැංකුකරණයට පිවිසීමේදී, කිසිදු ලින්ක් එකක් මත ක්ලික් කරනු වෙනුවට, යූ.ආර්.එල්. එක ඔබම ටයිප් කිරීමට, එසේත් නැති නම්, DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය වන www.dfcc.lk වෙත පිවිසීමට වග බලා ගන්න. එමෙන්ම හඳුනා ගත නොහැකි හෝ පෞද්ගලික වින්ඩෝ එකක් (incognito) භාවිත කිරීමට සෑම විටම කටයුතු කරන්න. තවද, ඔන්ලයින් බැංකුකරණය සඳහා පිවිසීමේදී පොදු සහ/හෝ විවෘත රැහැන් රහිත (Wi-Fi) ජාලයක් භාවිත කිරීමෙන් වළකින්න. සැම විටම සේවාවට පිවිසීමට පෙර යූ.ආර්.එල්. මුල් කොටස එය තිිබිය යුුතු අයුරින්ම ඇති බවට, එනම් http://online.dfcc.lk/ හෝ https://dfcciconnect.lk/ වන බවට වග බලා ගන්න.
සැක කටයුතු හෝ අවසර නොදුන් ගනුදෙනු පිළිබඳව වහාම වාර්තා කරන්න.
ඔබ සැක කටයුතු හෝ අනවසර ගනුදෙනුවක් දුටුව හොත් හෝ සොයා ගත හොත්, වහාම ඒ පිළිබඳව වාර්තා කරන්න. එබඳු දෙයක් ඔබට අනාවරණය වූ විට, ඔබ ඒ බව අප වෙත දැනුම් දීම ඉක්මන් වන තරමටම, අපට අපරාධකරු අත්අඩංගුවට ගෙන ඔබගේ සොරා ගනු ලැබූ මුදල් ආරක්ෂා කර දීමට ඇති අවස්ථාව වැඩි ය. එබඳු කටයුත්තක් පිළිබඳව වාර්තා කිරීමට, දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක අපගේ පාරිභෝගික මධ්‍යස්ථාන අංකය වන 0112 350000 ඔස්සේ DFCC බැංකුව අමතන්න.
රවටා තොරතුරු ලබා ගැනීම (Phishing) පිළිබඳ සටහනක්
Phishing ප්‍රහාර යනු තුන්වන පාර්ශ්වයන් විසින් DFCC බැංකුව මෙන් හෝ වෙනත් නීත්‍යානුකූල සංවිධානයක් මෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින්, ඔබගේ පුද්ගලික තොරතුරු සහ/හෝ ගිණුමට පිවිසීමේදී ඉදිරිපත් කළ යුතු තොරතුරු ලබා ගනු පිණිස, ඔබගේ සංවේදී තොරතුරු ඇතුළත් කිරීමට හෝ ලබා දීමට සලස්වමින් ඔබ රැවටීමයි.
එබඳු ප්‍රහාරකයින් විද්‍යුත් ලිපි, දුරකථනය, වට්ස්ඇප්, කෙටි පණිවුඩ (එස්.එම්.එස්.), වෙබ් ලින්ක්, හෝ වෙබ් දැන්වීම් ඔස්සේ හෝ ඇතැම් විට පුද්ගලිකව පැමිණ පවා ඔබ සම්බන්ධ කර ගැනීමට ඉඩ ඇත. සෑම විටම ඔබ ක්ලික් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධයෙන් සිටින්න. ඔබ අදාළ අන්තර්-මුහුණත (ඉන්ටර්ෆේස්) සැබෑ ලෙසම DFCC බැංකුව බව දන්නේ නම් හැර කිසිදු තොරතුරක් ඇතුළත් කරන්න හෝ ලබා දීමෙන් වළකින්න.
අප බැංකුව විසින් කිසිවිටෙකත් කවර හෝ තාක්ෂණික සහායක් දීමට හෝ කවර හෝ පුද්ගලික තොරතුරු තහවුරු කර ගැනීමට ඔබ සම්බන්ධ කර ගන්නේ නැත. ඔබට එබඳු සහායක් අවශ්‍ය නම්, නිල මාර්ගයක් ඔස්සේ අප සම්බන්ධ කර ගැනීමට ඔබටම සිදු වනු ඇත. ඔබ අපව සම්බන්ධ කර ගත හොත් එවිට පමණක් ඔබගේ අනන්‍යතාව තහවුරු කර ගනු පිණිස අපි ඔබගේ යම් පුද්ගලික විස්තර විමසීමට ඉඩ ඇත. කෙසේ වුවද, අපි කිසිදු විටෙක ඔබගේ ගිණුමට පිවිසීමේදී ඉදිරිපත් කළ යුතු තොරතුරු, සී.වී.වී. අංකය (ඔබගේ ඩෙබිට්/ක්‍රෙඩිට් කාඞ්පත පසුපස ඇති ඉලක්කම් 3 ක අංකය) හෝ ඔබට ලබා දී ඇති ඩිජිටල් බැංකුකරණ පහසුකම් භාවිත කරමින් ගනුදෙනුවක් සම්පූර්ණ කරනු පිණිස තහවුරු කිරීමට භාවිත කළ හැකි අන් කවර හෝ තොරතුරු ඔබෙන් ඉල්ලන්නේ නැත.
ඔන්ලයින් ගනුදෙනු කිරීමේදී ආරක්ෂා වීම හා ඩිජිටල් ගනුදෙනු සුරක්ෂිතව සිදු කර ගැනීම සම්බන්ධයෙන් ගත් කල, අපගේ හොඳම ආරක්ෂකයා හෝ නරකම දුර්වලතාවය වන්නට අපම විය හැකිය. එම නිසා සැමවිටම දැනුවත්කමින්, අවබෝධයෙන් හා අවධානයෙන් කටයුතු කරන්න. ක්ලික් කිරීමට පෙර සිතා බලන්න. 3 වන පාර්ශ්වයකට පුද්ගලික තොරතුරු ලබා දීමට පෙර දෙවරක් සිතන්න.