
බ්ලොග්
ඔබගේම නිවසක හිමිකරුවෙක් වීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගැනීමට ඔබ තීරණය කර ඇත. ඔබ මනා ලෙස ඒ් සඳහා පෙර සුදානම්ව සිටියත් ඔබට එය දැරිය හැකි බව දැන සිටියත්, මදක් සිටින්න. ඔබේ තැන්පතු /මූලික ගෙවීම් කිරීමට නම් ඔබ ඒ වෙනුවෙන් ඉතිරි කිරීම අවශ්‍යය වේ. මෙම ඉලක්කය ඉතා ඉක්මණින් සපුරා ගැනීමට ඔබට උපකාරී වන උපදෙස්
නිවසක් තැනීම සඳහා මූලික ගෙවීම වෙනුවෙන් ඉතිරි කිරීමට ප්‍රයෝජනවත් උපදෙස් 5 ක්
May 17, 2019

ඔබගේම නිවසක හිමිකරුවෙක් වීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගැනීමට ඔබ තීරණය කර ඇත. ඔබ මනා ලෙස ඒ් සඳහා පෙර සුදානම්ව සිටියත් ඔබට එය දැරිය හැකි බව දැන සිටියත්, මදක් සිටින්න. ඔබේ තැන්පතු /මූලික ගෙවීම් කිරීමට නම් ඔබ ඒ වෙනුවෙන් ඉතිරි කිරීම අවශ්‍යය වේ. මෙම ඉලක්කය ඉතා ඉක්මණින් සපුරා ගැනීමට ඔබට උපකාරී වන උපදෙස් 5 ක් මෙන්න.
වර්තමාන වියදම්
ඔබේ මුදල් මුලින් යන්නේ කොතැනට දැයි ඔබ නොදන්නේ නම් ඔබේ ඉතිරිකිරීම් සුරැකීමට හෝ ඉතිරි කිරීම් සඳහා මුදලක් නිදහස් කිරිමට උත්සාහ කළ හැකි ක්‍රමයක් ඔබට නොමැත. මූලික ගෙවීමක් සඳහා ඔබ ඉතිරි කිරීමට බලාපොරොත්තු වන විට කළ යුතු වැදගත්ම දෙය වන්නේ ඔබගේ වර්තමාන වියදම් දෙස බැලීමයි. ඔබේ වත්මන් වියදම් දෙස අවධානය යොමු කරන විට ඔබට වියදම් කිරීමට අවශ්‍ය නොවන බොහෝ දේ ඇති බව හඳුනා ගත හැක. එම අනවශ්‍ය වියදම් වලක්වා ගැනීමෙන් ඔබේ ඉලක්කය සපුරා ගැනීමට මුදලක් නිදහස් වේ. දැනට 7% ක පොලියක් ගෙවන DFCC විනර් සේවින්ග්ස් ඉතිරිකිරීමේ ගිණුමේ එය ඔබට ඉතිරි කර ගත හැකිය.
අයවැය
ඵලදායීව හා කාර්යක්ෂමව ඉතිරි කර ගැනීමට ඔබට ශක්තිමත් අයවැය ලේඛනයක් අවශ්‍ය වේ. එමගින් ඔබේ වියදම් කපා හැරිය හැකි ස්ථාන මොනවාදැයි සොයාගෙන එම මුදල් ඔබේ ඉතුරුම් ඉලක්කයට යොමු කරන්න. එසේම, ඔබ වෙනත් ඕනෑම වියදමක් දරන්නාක් මෙන් ඔබේ ඉතුරුම් අවශ්‍යතා සඳහාද යම් කොටසක් වෙන් කරන්න. ඔබටම කියා නිවසක් මිලට ගැනීමට හැකි වීම ඔබට අත්පත් කරගත හැකි සුවිසල් නිදහස් හැඟිමකි. එය ඔබගේ ජීවිතයේ විශාලතම සන්ධිස්ථානයක් විය හැක. එමනිසා, හැකි සෑම තැනකදිම අනවශ්‍ය වියදම් කපා හැරීමට ඔබ උත්සාහ කළ යුතුය. ඔබ ණයට ගැනීමට බලාපොරොත්තු වන මුදල මත පදනම්ව ඔබේ මාසික ණය වාරික ගෙවීම් අගය කොපමණ වේදැයි වඩා හොඳින් තේරුම් ගැනීමට අපගේ නිවාස ණය කැල්කියුලේටරය ඔබට උපකාරී වනු ඇත.
ණය
ඉතිරිකිරීමට මුදල් යෙදවීම ඉතා අසීරු බවක් පෙනෙන්නට තිබේ, විශේෂයෙන් ඔබට ගෙවීම සඳහා හිඟ ණය තිබේ නම් එය ඉතිරි කිරීමට බාධාවකි. ඔබට මෙය ජය ගත හැකි එක් ක්‍රමයක් නම් ඔබේ ණය තහවුරු කර ගැනීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීමයි. DFCC හි ඔබගේ දැනට පවතින ක්‍රෙඩිට් කාඩ් ශේෂයන් සහ වෙනත් ණය ඔබට වඩාත් වාසිදායක පොලී අනුපාත සහ මනාලෙස කළමනාකරණය කළ හැකි පහසුකම් වෙත මාරු කිරීමට හැකි වීම ගැන අපි සතුටු වෙමු. ඔබේ ණය කුඩා නම්, වඩාත් සුදුසු දෙය වන්නේ ඒවා ඉක්මණින් ගෙවා අවසන් කර ඉතිරි කිරීමට පටන් ගැනීමයි. නිවාස ණය සඳහා ඉල්ලුම් කිරිමේදී දැනට පවතින ණය ප්‍රමාණය අවම කර ගැනීම ඔබට ප්‍රයෝජනවත් වේ. DFCC ක්‍රෙඩිට් කාඩ් මඟින් ඔබ වියදම් කරන සෑම අවස්ථාවකම 1% ක මුදලක් ඔබට ආපසු ලබා දෙන අතර එය ඉතිරි කිරීම් සඳහා ඔබට බෙහෙවින් උපකාරී වේ . DFCC ක්‍රෙඩිට් කාඩ් වර්ග සංසන්දනය කර බලන්න.
ඇත්තටම ඉතිරි කරන්න
ඔබ කොපමණ මුදලක් ඉතිරි කිරීමට කැමතිද යන්න මත ඔබේ ඉලක්කය කරා ළඟා වීමට කොපමණ කාලයක් ගතවේදැයි තීරණය කළහැක. මෙයින් ඔබට කාල නියමයක් ලැබෙන්නා සේම මනා සංයමයක් සහිතව ඔබගේ අරමුණ කරා ප්රවිශ්ට වීමට මග සලසයි. ඔබට මෙම දේවල් පහසු කර ගත හැකි එක් ක්‍රමයක් ලෙස, මේ සඳහා විශේෂ ඉතිරුම් ගිණුමක් ආරම්භ කිරීම සහ ස්ථාවර නියෝගයක් භාවිතා කරමින් සෑම මසකම නිශ්චිත මුදලක් ස්වයංක්‍රීයව ඒ වෙත මාරු කිරීම සිදු කළ හැකිය. මෙම ක්‍රමයට අනුව ඉතිරි කිරීමෙන් ඔබට අපසුවකින් තොරව ගිණුම ශක්තිමත් කරගත හැක. අපගේ ඉහළ ප්රතිලාභ සහිත ඉතුරුම් ගිණුමක් හෝ ස්ථාවර තැන්පතු සලකා බැලීමෙන් ඔබට ඔබේ ප්රතිලාභ උපරිම කර ගැනීමට හැකියාව ලැබෙන අතර ඔබේ ඉතුරුම්වලින් වියදම් කිරීමට ඔබට ඇති පෙළඹවීම ඉවත් කිරීමට හැකි වේ.
උදව් ලබාගන්න
සමහර විට ඔබ සිටින තත්වයන් සහ අවස්ථාවන් අනුව අන් අයගෙන් උදව් ඉල්ලා සිටිමෙන් ඉක්මනින් ඔබගේ ඉතුරුම් ඉලක්කය කරා ළඟා විය හැක. එම උදව්ව ඔබේ සහකරු හෝ සහකාරියගෙන්,දෙමව්පියන් හෝ පවුලේ සමීපතම සාමාජිකයෙකුගෙන් එසේත් නැතිනම් මිතුරෙකුගෙන් ඉල්ලිය හැකිය. වරින් වර රජය පවා ඔබේ අරමුණු ඉක්මණින් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබට විශේෂිත වු ප්‍රදාන හෝ වෙනත් ආධාර ලබා දිය හැකිය. එබැවින් පරීක්ෂාකාරීව සහ නිරන්තර අවධානයෙන් සිටිම කිරීමට වග බලා ගත යුතුය. DFCC නිවාස ණය සඳහා සහාය ලබා ගැනීමට කරුණාකර අපගේ 24/7 ක්ෂණික ඇමතුම් අංකය වන 01112 350000 ට අමතන්න. අපෙන් විමසීමක් කළ විට ඔබට සහාය වීම සඳහා අපගේ අලෙවි කණ්ඩායම් සම්බන්ධ වනු ඇත.