
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
ගෙවිය යුතු බදු පිළිබඳව නිවැරදිව දැනගන්න: DFCC බැංකුවේ යාවත්කාලීන කරන ලද බදු ගණකය භාවිතා කරන්න
June 19, 2023

Use DFCC Bank’s Updated Personal Income Tax Calculator
DFCC බැංකුව කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා සිය නිල වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති පෞද්ගලික ආදායම් බදු ගණකය යාවත්කාලීන කර තිබේ. ගෙවිය යුතු බදු මුදල් ගණනය කිරීම සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම ගණක මෙවලම මගින් ඕනෑම කෙනෙකුට දැන් 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලසීමාව සඳහා ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය ඉතාමත් ඉක්මනින් ගණනය කළ හැක. ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද නවතම පෞද්ගලික ආදායම් බදු ප්‍රතිපත්ති සම්බන්ධ දත්ත ඇතුළත් කර මෙම ගණකය යාවත්කාලීන කර තිබේ.
“ඩිජිටල් තාක්ෂණය මගින් අපගේ ගනුදෙනුකරුවන්ගේ බැංකු සේවා අවශ්‍යතා සඳහා නවෝත්පාදන හඳුන්වාදෙන බැංකුවක් වශයෙන්, පෞද්ගලික ආදායම් බදු සම්බන්ධයෙන් රජය මෑතකදී හඳුන්වා දුන් නියමයන්ට අනුකූලව අපගේ බදු ගණකය යාවත්කාලීන කිරීමට අප වහාම පියවර ගත්තා. මෙය අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කටයුතු සරල කරන විසඳුමක් වේවි. එමෙන්ම එය අපගේ මූල්‍ය සේවාවන්ට අතිරේක අගයක් එකතු කරන පියවරක්ද වනු ඇතැයි කියා අප සිතනවා. අප උත්සාහ කරන්න කාටත් විවෘත මූල්‍ය සේවාවන් එකතුවක් නිර්මාණය කිරීමට නිසා, මෙම ගණකය ඕනෑම කෙනෙකුට අපගේ වෙබ් අඩවිය හරහා නොමිලේ භාවිතා කිරීමට පුළුවන්. එය DFCC ගනුදෙනුකරුවන්ට පමණක් සීමා වන්නේ නැහැ.” DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් බැංකුකරණ සහ ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා පැවසී ය.
ගනුදෙනුකරුවන්ට තම ආදායම් තොරතුරු ඇතුළත් කර තමන් ගෙවිය යුතු බදු ප්‍රමාණයන් ක්ෂණිකව දැනගැනීමට හැකි වන ආකාරයට මෙම බදු ගණකය සැලසුම් කර තිබේ. එමෙන්ම එය නවතම රෙගුලාසි අනුව ඉක්මනින් යාවත්කාලීන කිරීමටද DFCC බැංකුව කටයුතු කරයි. මේ ආකාරයට තමන් ගෙවිය යුතු බදු පිළිබඳව පැහැදිලි අදහසක් එකම තැනකින් ලබාගත හැකි වීම ඕනෑම කෙනෙකුට ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය.
බදු ගණකය භාවිතා කිරීම පහසු කිරීම සඳහා අදාළ ස්ථානවල උපදෙස් සහ මගපෙන්වීම් ලබා දී ඇති අතර, DFCC බැංකුවේ සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරුද එහි දක්වා තිබේ. බදු ගණනය කර අවසන් වූ පසුව අවශ්‍ය නම් එම තොරතුරු මුද්‍රණය කිරීමට හෝ PDF ක්‍රමයට ලබාගැනීමටද අවස්ථාව සලසා දී ඇත.
DFCC බැංකුවේ බදු ගණකය භාවිතා කිරීම සඳහා පිවිසෙන්න: https://www.dfcc.lk/calculators/income-tax-calculator/
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.