
MSME පිළිබඳව නිතර අසන ප්‍රශ්න
MSME FAQs
DFCC සහය ණය ග්‍රාමීය හා නාගරික ආර්ථිකයන්හි නැගී එන ව්‍යවසායකයින්ට, විශේෂයෙන්ම ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයින්ට, උරදීමේ අරමුණ සඳහා කැපවූ ණය යෝජනා ක්රමයකි.
නව ව්‍යාපාරයක් ඇරඹීම, ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කිරීම, යන්ත්‍ර හා උපකරණ මිලට ගැනීම සහ වෙනත් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා.
ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 300,000 සිට රුපියල් 4,000,000 දක්වා. එසේවුවත්, එක් එක් ඉල්ලීම හා අවශ්‍යතාව අනුව ඊට අඩු ණය මුදල් සඳහා වන ඉල්ලුම්පත්ද සලකා බැලීමට ඉඩ ඇත.
නැත. එසේවුවත් තමාගේ ව්‍යාපාරය සැබැවින්ම පවතින එකක් බවට සාක්ෂි සහ සිය ක්‍රියාකාරිත්වය පිළිබඳ සනාථ කළ කාර්ය වාර්තාවක් ණය ගැනුම්කරු සැපයිය යුතුය.
නැත. එසේවුවත්, ණය ගැනුම්කරුට ඉතිරි කිරීමේ ගිණුම් දෙකක්: එනම් ණය ආපසු අයකර ගැනීමේ ගිණුමක් සහ අනිවාර්ය ඉතිරි කිරීමේ ගිණුමක්, පවත්වා ගෙන යාමට නියම කෙර්.
සිය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගනුෙදනුකරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරනු පිණිස සියලුම ණය ගැනුම්කරුවන් මාසික පදනමින් සිය අනිවාර්ය ඉතිරි කිරීමේ ගිණුම් තුළ යම් කලින් නිශ්චය කර ගත් මුදලක් ඉතිරි කිරීම අනිවාර්ය වේ. ණය මුදල පූර්ණ වශයෙන් ගෙවා අවසන් කරන තෙක් මෙම ගිණුමෙන් එහි එකතු වී ඇති ඉතුරුම් මුදල් ලබා ගැනීමට ණය ගැනුම්කරුවන්ට ඉඩ හරිනු නොලැබේ.
බැංකුවක් විසින් රඳවා ගනු ලැබිය යුතු අවම මුදල් ප්‍රමාණයක් ඇති අතර එම මුදල ණය මුදලට සමානුපාතික විය යුතුය. රඳවා ගත් අනිවාර්ය මුදල් ප්‍රමාණය යටතේ එක් ණය වාරිකයක් ආවරණය කිරීමට ප්‍රමාණවත් විය යුතුය. ණය ගැනුම්කරුවන්ට ණය මුදල මුළුමනින්ම ගෙවා දමන තෙක් මෙම අනිවාර්ය මුදල් රැඳවුම ආපසු ගිණුමෙන් ලබා ගැනීමට ඉඩ හරිනු නොලැබේ.
DFCC බැංකුව, රජය හා පිරිසැකසුම්කරුවන් / අනාගත ගැනුම්කරුවන් වැනි විවිධ කොටස්කරුවන් සමග හවුල්කාරිත්වෙයන් ග්‍රාමීය ගොවි ජනතාවගේ අභිවෘද්ධිය සඳහා සහ ඔවුන් වෙත අවතීර්ණ වීම සඳහා භාවිතා කරන ක්රමවේදයකි.
තේ වගාව, පැෂන් ෆෘට් වගාව, මල් වගාව හා කිරිපට්ටි පාලනය.
ඔව්. DFCC බැංකුවේ නිත්‍ය ආදායම් උපයන්නන්ගේ ණය (FIEL) යෝජනා ක්‍රමය විශේෂයෙන් සැලසුම්කර ඇත්තේ සෑම වෘත්තියකටම අයත් නැගී එන ව්‍යවසායකයින් සඳහාය.
එය ණය ආපසු ගෙවීමේ කාලය සහ ඉදිරිපත් කෙරෙන ඇපය අනුව 16.5 % සිට 18.5 % දක්වා වූ (වෙනස්වීමට යටත්) පරාසයක පවතී.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 25 සිට 50 දක්වාය. එසේවුවද, ව්‍යාපාරයේ / ව්‍යාපෘතියේ ජීව්‍යතාව (සාර්ථකව පැවතිය හැකි බව) පදනම් කර ගනිමින් එක් එක් ඉල්ලීම අනුව වයස් සීමාව සලකා බලනු ලැබේ.
රුපියල් 500,000/- ට වඩා අඩු ණය සඳහා පුද්ගල ඇප ඉදිරිපත් කළ හැකි අතර, එයට වඩා වැඩි ණය මුදල් සඳහා බැංකුවට පිළිගත හැකි නිශ්චිත (දේපළ වැනි) ඇපයක් අවශ්‍යවේ.
නැත. එසේවුවත්, ඇපකරුට ණය ගැනුම්කරුට සමානව ආපසු ගෙවීමේ හැකියාව හා ස්ථාවරත්වයක් තිබිය යුතුය.
උපරිම කාලය අවුරුදු 5 ක් වන අතර අවම කාලය ණය මුදලේ ප්‍රමාණය හා අරමුණ අනුව වෙනස්වේ. තවද, ණය වාරිකය රඳාපවතින්නේ ණය මුදලේ ප්‍රමාණය, පොළී අනුපාතිකය හා ආපසු ගෙවීමේ කාලය මතයි. වැඩි විස්තර සඳහා ගනුෙදනුකරුවන්ට තමාට ආසන්නතම ශාඛාව සමග සම්බන්ධ විය හැකියි.
ඔව්. එහෙත් එම අවස්ථාවේදී ණය ගැනුම්කරු වෙතින් ගාස්තුවක් ගෙවීම අපේක්ෂා කෙරන අතර එය එම ණය මුදලේ ගතව ඇති කාලය මත රඳා පවතී. ණය මුදලේ අනාගත පොළිය නොගෙවා ඉතිරි කර ගත හැකිවීම හැරුණු විට විශේෂිත ප්‍රතිලාභයක් නොමැත.
නවතම ගාස්තු අය ක්‍රම සම්බන්ධයෙන් කරැණාකර අපගේ වෙබ් අඩවිය (www.dfcc.lk) වෙත පිවිසෙන්න.
ණය ගැනුම්කරැ හා ව්‍යාපාරය ආශ්රිත විස්තර
- ණය ඉල්ලුම් පත්‍රය
- ව්‍යාපාරික සැලැස්ම
- ණය ගැනුම්කරුගේ ජාතික හැඳුනුම් පතේ ඡායා පිටපතක්
- ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් (තිබේ නම්)
- දේපළ / ව්‍යාපාරය පිළිබඳ අයිතිය සනාථ කිරීමේ ලිපිලේඛන
- පදිංචිය සනාථ කිරීමේ ලිපිලේඛන
- ආදායම සනාථ කිරීමේ ලිපිලේඛන
- ව්‍යාපාරය සිදුකර ගෙන යාම සඳහා අනුමැතිය ලබා ගත් ලිපිලේඛන
- අන් කවර හෝ අදාළ ලිපිලේඛන(සේවා ලිපි / පුහුණු සහතික / අධ්‍යාපනික සහතික ආදිය)
- ව්‍යාපාරික සැලැස්ම
දේපළ ඇපමත තබා ගනු ලබන ණය මුදල් සඳහා
- අවසාන ඔප්පුව
- පළාත් පාලන ආයතනය විසින් අනුමත කරන ලද මිනින්දෝරු සැලැස්ම
- මාස 3 ක් ඇතුළත ලබාගෙන ඇති නවතම උද්ධෘත / පත්තිරු
- පළාත් පාලන ආයතනය විසින් අනුමත කරන ලද මිනින්දෝරු සැලැස්ම
පුද්ගලයින් ඇපකරුවන් ලෙස තබා ලබාගන්නා ණය මුදල් සඳහා
- ඇපකරුවන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත්
- ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කිරීමේ ලිපිලේඛන
- ඇපකරුවන්ගේ ආදායම සනාථ කිරීමේ ලිපිලේඛන
- ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කිරීමේ ලිපිලේඛන
මූලික සුදුසුකම් පිළිබඳ නිර්ණායක හැරුණුවිට, බද්ධ ණය ගැනුම්කරු මූලික ණය ගැනුම්කරු සමග ඇති විධිමත් සබඳතාව තහවුරු කළ යුතුය.
සියලුම ණය ගැනුම්කරුවන් නොමිලේම සැපයෙන රක්ෂණ ආවරණයකින් ආවරණය කෙරේ. එමගින් ණය ගැනුම්කරු හදිසි අභාවයට හෝ පූර්ණ ස්ථිර අකර්මණ්‍යතාවට පත්වුවහොත් ණය ගැනුම්කරුගේ සියලුම යැපෙන්නන් කවර හෝ ණය වගකීම් භාරයන්ගෙන් නිදහස් කෙරන බවට සහතික කරනු ලැබේ. එයට අමතරව, ණය ගැනුම්කරුවන් මූලික සුදුසුකම් නිර්ණායක සපුරන්නේ නම්, ඔවුන්ට DFCC බැංකුව විසින් ඉදිරිපත් කරනු ලබන අන් සියලුම නිෂ්පාදන / සේවා භුක්ති විදීමේ නිදහස තිබේ.
ණය ගැනුම්කරු අවශ්‍ය සියලුම ලිපිලේඛන සහ තොරතුරු ඉදිරිපත් කරන්නේ නම්, ණය මුදල සති 2 ක් ඇතුළත සැකසෙනු ඇත.
ඔව්. සියලු ප්‍රායෝගික කාරණා සඳහාම, සාමාන්‍ය ආපසු ගෙවීම් ක්‍රමය වන්නේ සම වාරික ක්‍රමයයි. එසේවුවද, ණය ගැනුම්කරුගේ විශේෂ ඉල්ලීම මත සමාන වාරික (හීනවන ශේෂ) ක්රමයද පිරිනැමිය හැකිය.
සම පොළී වාරික ක්‍රමයක් තුළ පොළී අනුපාතිකය ගණනය කරනු ලබන්නේ මුල් ණය මුදල මතයි. හීනවන ශේෂ ක්‍රමය තුළ, පොළී අනුපාතිකය ගෙවීමට ඉතිරිව ඇති ණය මුදල මත පමණක් මාසික පදනමකින් පොළී අනුපාතිකය ගණනය කෙරේ. එම නිසා ප්‍රායෝගිකව ගත් කළ හීනවන ශේෂ ක්‍රමය සම පොළී වාරික ක්‍රමයට වඩා ප්රතිලාභ දායකය.
උදාහරණයක් වශයෙන්, ඔබ අවුරුදු 3 ක කාලයක් සඳහා 10 % ක සමවර්ත පොළී අනුපාතිකයක් යටතේ රැපියල් ලක්ෂයක (රැ. 100,000/- ක) මුදලක් ණයට ගත හොත්, මුළු පොළිය රුපියල් 130,000 ක් වනු ඇත
(රු. 100,000 X 10 % X 3). එය රුපියල් 3,611 (රු. 130,000 / 36) බැගින්වූ සම මාසික වාරික වලින් (EMI)
ගෙවිය යුතුය. හීනවන ශේෂ ක්‍රමය යටතේ, පොළී අනුපාතිකය 17.92% ක් බවට පත්වනු ඇත.
ණය ගැනුම්කරු සිය ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් දක්වන කැපවීම හා බැංකුව කෙරහි ඇති හිතෛෂීභාවය සැලකිල්ලට ගෙන, ණය ගැනුම්කරු වෙත බාධාවකින් තොරව, තවත් ණය මුදලක් පිරිනැමෙනු ඇත.
බැංකුව ණය වාරිකයේ ප්‍රමාණය, නියමිත දිනය හා ආපසු අයකර ගැනීමේ ගිණුම් අංකය වැනි අවශ්‍ය සියලුම විස්තර සහිත තොරතුරු පත්‍රිකාවක් සපයනු ඇත.
ඔව්. එබඳු ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේනම්, එය ණය ගැනුම්කරු වෙත ණය මුදල ලබා දීමට පෙර කළ යුතුය.
දැනට ඇති ප්රතිමූල්යකරණ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් කරුණාකර අපගේ වෙබ් අඩවිය (www.dfcc.lk) වෙත පිවිසෙන්න.