DFCC Express Home Loans

DFCC Express Home Loans
ඔබේ කාලය රන් හා සමාන බැවින්

අපගේ කාර්යක්ෂම ක්‍රියාපටිපාටිය හේතුවෙන් අයදුම්පත ලැබුණු දිනයේ සිට දින 10 ක් වැනි කෙටි කාලයක් ණය මුදල නිකුත් කෙරේ. ලිපිලේඛන ගැටලු, ප්‍රමාදයන් සහ අවිනිශ්චිතතා තවදුරටත් අදාළ නැත. ඉතාමත් පහසු, විනිවිදභාවයෙන් යුත්, අධිවේගී ක්‍රියාවලියක් තුළින් ඉක්මනින් ඔබේ සිහින නිවසට උරුමකම් කියන්න.

සුදුසුකම්

සුදුසුකම්

  • මාසික දළ වැටුප රු. 50,000 ට වැඩි වීම (මූලික වැටුප + ස්ථාවර දීමනා + විචල්‍ය දීමනාවලින් 50%)

අරමුණු

  • නිවසක් මිලදී ගැනීම, ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම
  • ඉඩමක් මිලදී ගැනීම
  • සහධිපත්‍ය දේපළක් (Condominium Property) මිලදී ගැනීම
  • දැනට තමන් සතු නිවසක ඉදිකිරීම් සම්පූර්ණ කිරීම හෝ එයට අලුත් කොටසක් එක්කිරීම
  • නිවස වැඩිදියුණු කිරීමේ කටයුතු (උදා: සූර්ය බලශක්ති පද්ධතියක් සවිකිරීම)

අවශ්‍ය ලිපිලේඛන

  • අයදුම් පත්‍රය
  • විකුණුම් මිල සඳහන් කරමින් විකිණුම්කරු විසින් ලබාදෙන ලද අනුමැතිය (ඉඩමක් හෝ ගෘහස්ථ දෙපළක් මිලදී ගැනීම සඳහා පමණි).

රැකියා නියුක්තිකයෙකු නම්

  • තනතුර, වැටුප, දීමනා හා සේවා කාලය තහවුරු කිරීමේ ලිපිය
  • වැටුප ගනුදෙනුකරුගේ DFCC බැංකු ගිණුමට බැර කිරීමට එකඟත්වය පළකරමින් සේවායෝජකයා විසින් නිකුත් කරන ලද ලිපිය
  • පසුගිය මාස 6 ක වැටුප් පත්‍රිකා
  • වෙනත් ආදායම් ලබන්නෙකු නම්,
    • පසුගිය මාස 6 ක බැංකු ප්‍රකාශ
    • අදාළ නම්
      • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
      • පසුගිය වසර 3 ක ආදායම් බදු වාර්තා
      • පසුගිය වසර 3 ක මූල්‍ය ප්‍රකාශ
  • නීතිමය ලිපිලේඛන:
    • ඉඩම් ඔප්පුවේ පිටපත්
    • පළාත් පාලන ආයතනය විසින් නිසි පරිදි අනුමත කරන ලද ඔප්පුවේ සඳහන් මිනින්දෝරු සැලැස්ම
    • පසුගිය වසර 30 ට අදාළව දේපළෙහි ඔප්පුවල සහතික කළ මුල් පිටපත් (අයදුම් කළ දින සිට මාසයකට නොඅඩු කාලයක් තුළ ලබාගත්)
    • අදාළ පළාත් පාලන ආයතනය මගින් නිකුත් කළ සහතික (මාස 6 ක කාලයක් ඇතුළත ලබාගත්)
      • ගොඩනැගිලි සීමා/වීදි රේඛා සහතිකය
      • නොපවරා ගැනීමේ සහතිකය
      • හිමිකාරීත්ව සහතිකය
      • බදු ලදුපත්/තක්සේරු දැනුම් දීම්
  • ගෘහස්ථ දේපළක් මිලදී ගැනීම හෝ නිවසක් ඉදිකිරීම සඳහා නම් :
    • අනුමත ගොඩනැගිලි සැලැස්ම (අනුමැතිය ලබාගැනීම අනවශ්‍ය නම් ඒ බව තහවුරු කරමින් අදාළ පළාත් පාලන ආයතනය මගින් නිකුත් කරන ලද ලිපියක්)
    • අනුකූලතා සහතිකය – ගෘහස්ථ දෙපළක් මිලදී ගැනීමේදී පමණි
  • රක්ෂණය:
    • ණය මුදල ආවරණ සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ලබාගත්, බැංකුව වෙත පැවරු රක්ෂණයක් [Decreasing Term Assurance Policy (DTA)]
    • ගිනි අනතුරු, කැරලි කෝලාහල සහ කඩාකප්පල්කාරී ක්‍රියා ආවරණය වන, බැංකුව වෙත පැවරූ රක්ෂණයක් (Fire, SRCC and subversive insurance cover)

    කොන්දේසි: අවශ්‍ය වුවහොත් බැංකුව මගින් අමතර ලිපිලේඛන ඉල්ලා සිටීමට ඉඩ ඇත.

DFCC Express Home Loans ණය පහසුකමේ ප්‍රධානතම ලක්ෂණ:

  • ණය අයදුම්පත ඉදිරිපත් කළ දිනයේ සිට දින 10 ක් ඇතුළත මුදල් නිකුත් කෙරේ.
  • ණය අනුමැතිය එක් දිනකින්
  • අවශ්‍යතාව අනුව නීතිමය මගපෙන්වීමක්
  • උකස් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේපළ සම්බන්ධ ලියකියවිලි, ගනුදෙනුකරු වෙනුවෙන් ගාස්තුවක් යටතේ ලබාගැනීම – පළාත් පාලන ආයතන මගින් ලබාගත යුතු ලිපිලේඛන, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලබාගත යුතු ඔප්පු, සැලසුම් පිටපත් සහ උධෘත ආදිය
  • ගනුදෙනුකරුවන්ට මුල් තැන දෙන නව්‍ය ප්‍රවේශයක්
  • ලිපිලේඛන සම්බන්ධයෙන් උපරිම පහසුවක්

අයදුම් කළ යුතු ආකාරය

නිතර අසන ප්‍රශ්න

01. Express Housing Loan යනු කුමක්ද?

    Express Housing Loan යනු නිවාස හෝ දේපළ මිලදී ගැනීම සඳහා ඉක්මනින් ණය මුදලක් ලබාගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති අධිවේගී නිවාස ණය පහසුකමකි. පහසුවෙන් ඉල්ලුම් කළ හැකි වීම, ඉක්මනින් අනුමැතිය හිමි වීම සහ දින 10 ක් ඇතුළත ණය මුදල ලබාගත හැකි වීම එහි විශේෂ ලක්ෂණ වේ.

02. ණය මුදල නිකුත් කිරීමට කෙතරම් කාලයක් ගතවනවාද?

    අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රාජකාරි දින 10 ක් ඇතුළත මුදල් නිකුත් කෙරේ. (අයදුම්පත භාරගැනීමේ සිට ණය මුදල නිකුත් කිරීම දක්වා රාජකාරි දින 10 ක් පමණි).

03. Express Housing Loan ක්‍රමයේ වාසි මොනවාද?

  • කඩිනමින් ණය:දින 10 ක් ඇතුළත ණය මුදල නිකුත් කෙරේ.
  • සරල ක්‍රියාවලියක්:සරල හා පහසු අයදුම් කිරීමේ ක්‍රියාවලියක්
  • පහසුව:ඉක්මනින් මුදල් අවශ්‍ය නිවාස ගැනුම්කරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති පහසුකමකි.
04. මෙම සේවාව සඳහා ගාස්තු ගෙවිය යුතුද?

    පහත සඳහන් සේවාවන් සඳහා අමතර ගාස්තු අය කෙරේ.

  • ඔප්පු සෙවීම සහ නීතිමය කටයුතු
  • දේපළ විකුණුම් ගිවිසුම් පිළියෙල කිරීම හා සමාලෝචනය කිරීම
  • ගනුදෙනු කළමනාකරණය සහ නීතිමය මගපෙන්වීම්
  • උකස් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේපළ සම්බන්ධ ලියකියවිලි ගනුදෙනුකරු වෙනුවෙන් ලබාගැනීම – පළාත් පාලන ආයතන මගින් ලබාගත යුතු ලිපිලේඛන, ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලබාගත යුතු ඔප්පු, සැලසුම් පිටපත් සහ උධෘත ආදිය
05. DFCC Express Housing Loan සඳහා සපුරාලිය යුතු සුදුසුකම් මොනවාද?

    මාසික දළ වැටුප රු. 50,000 ට වැඩි විය යුතුය. (මූලික වැටුප + ස්ථාවර දීමනා + විචල්‍ය දීමනාවලින් 50%)

06. දැනටමත් නිවාස ණය හෝ වෙනත් මූල්‍යමය පහසුකම් ලබාගෙන ඇති ගනුදෙනුකරුවන්ට DFCC Express Housing Loan සඳහා අයදුම් කළ හැකිද?

    ඔවු. එවැනි ගනුදෙනුකරුවන්ටද Express Housing Loan සඳහා අයදුම් කළ හැක. කෙසේ නමුත් ඒ සඳහා ඔවුන් සුදුසු ණය සේවා ආවරණ අනුපාතයක් ඇතුළුව අදාළ සුදුසුකම් සපුරාලිය යුතුය.

07. Express Housing Loan සඳහා අයදුම් කළ යුත්තේ කෙසේද?

    ඕනෑම DFCC ශාඛාවක් වෙත ගොස්, අපගේ විකිණුම් නිලධාරීන්ගෙන් විමසන්න.නැතිනම් info@dfccbank.comඔස්සේ ඊමේල් මගින් විමසන්න.

08. ණය පහසුකමට අදාළ මූලික කටයුතු දින 10 ක් තුළ සපුරාලීමට නොහැකි වන අවස්ථාවකදී සිදුවන්නේ කුමක්ද?

    ණය පහසුකමට අදාළ මූලික කටයුතු දින 10 ක් තුළ සපුරාලීමට නොහැකි වන අවස්ථාවකදී බැංකුව විසින් ඊට හේතු ගනුදෙනුකරු වෙත දන්වා, කිසියම් ගැටලුවක් ඇත්නම් එය විසඳීමට අවශ්‍ය පියවර ගනු ඇත.

09. මෙම ණය පහසුකම භාවිතා කරමින් වෙනත් ආකාරයක දේපළක් මිලදීගත හැකිද?

    Express Housing Loan භාවිතා කරමින් නිවාස, මහල් නිවාස සහ දේපළ ඇතුළුව අලුත් හෝ දැනට භාවිතයේ පවතින ගෘහස්ථ දේපළ මිලදී ගත හැක. අදාළ දේපළ බැංකුවේ නියමයන්ට සහ තක්සේරුකරණ විධිවිධානවලට අනුකූල විය යුතුය.

10. මෙම ණය පහසුකම වැටුප් ලබන පුද්ගලයන්ට මෙන්ම ස්වයං රැකියාවල නියුක්ත පුද්ගලයන්ටද ලබාගත හැකිද?

    නැත. දැනට Express Housing Loan ලබාගත හැක්කේ නිසි සුදුසුකම් සපුරාලන, වැටුප් ලබන පුද්ගලයන්ට පමණි.

11. ණය මුදලේ වටිනාකම තීරණය කරනු ලබන්නේ කෙසේද?

    ගනුදෙනුකරුගේ ආදායම, ණය ලකුණු, දේපළෙහි වටිනාකම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැනි සාධක අනුව ණය මුදල තීරණය වේ.

12. ණය අයදුම්පතේ ප්‍රගතිය පරීක්ෂා කළ හැක්කේ කෙසේද?

    ඔබගේ ණය අයදුම්පතේ ප්‍රගතිය දැනගැනීම සඳහා අදාළ ශාඛාව හෝ සම්බන්ධතා කළමනාකරු හා සම්බන්ධ වන්න.

13. අදාළ ණය මුදල කල්තබා ගෙවා අවසන් කළ හැකිද? එවිට කිසියම් දඩ මුදලක් අයවනවාද?

    ඔබට අවශ්‍ය නම් ණය මුදල කල්තබා ගෙවා අවසන් කළ හැක. ඔබගේ ණය ගිවිසුමේ සඳහන් කොන්දේසි අනුව ඒ සඳහා කිසියම් ගාස්තුවක් අයකරනු ලැබේ.

14. ගනුදෙනුකරුවෙකු මෙම ණය පහසුකම ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ දැයි දැනගැනීම සඳහා කිසියම් පූර්ව සුදුසුකම් පරීක්ෂාවක් හෝ පූර්ව අනුමත කිරීමේ ක්‍රියාවලියක් සිදුකෙරෙනවාද?

    ඔවු. මේ සඳහා පූර්ව සුදුසුකම් තක්සේරුවක් හෝ පූර්ව අනුමැතියක් ලබාගත යුතුය.

15. Express Housing Loan පහසුකම සියලුම DFCC ශාඛා වෙතින් ලබාගත හැකිද?

    ඔවු Express Housing Loan පහසුකම ඔබ කැමති ඕනෑම DFCC ශාඛාවකින් ලබාගත හැක. ඔබත් අදම ඔබට කැමති DFCC ශාඛාවක් වෙත ගොස් Express Housing Loan පහසුකම සඳහා අයදුම් කරන්න.