DFCC සේවින්ස් ගෝල්ස්

DFCC සේවින්ස් ගෝල්ස්

ඔබේ ජීවිතයේ ඉලක්කයන් පහසුවෙන් යථාර්ථයක් බවට පත් කරගැනීමට උපකාරී වීම.
Savings Goals (සේවින්ස් ගෝල්ස්) සමගින් ඔබගේ ඉතිරි කිරීම් ස්වයංක‍්‍රීයව කර ගැනීමේ හැකියාව ලබා දීම.
“DFCC Online Banking” සේවාව භාවිතා කර ඔබටම තෝරා ගත හැකි ඉලක්කයක්, ඔබටම කැමති කාලයක් සහ සමාන වාරික වලින් මුදල් ඉතිරි කිරීමේ විශේෂාංග සමඟින් Savings Goals (සේවින්ස් ගෝල්ස්) ක‍්‍රියාත්මක කර ගත හැකිය.

Savings Goals (සේවින්ස් ගෝල්ස්) සුවිශේෂී වාසි

Savings Goals (සේවින්ස් ගෝල්ස්) සුවිශේෂී වාසි

  • ඔබ ඉතිරි කරන මුදල් සඳහා 7% p.a පොළියක් ලබාගත හැකිවීම
  • ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ ඉලක්කවල විස්තර ඉතා පහසුවෙන් සංශෝධනය කිරීමට හෝ එයට අවශ්‍ය සංශෝධන හෝ විශේෂාංග එකතු කිරීමේ හැකියාව
  • ඔබගේ වාරික දෛනිකව, සතිපතා හෝ මාසිකව නියම කර ගත හැකිවීම
  • ඔබගේ ඉලක්කය ඕනෑම අවස්ථාවකදී නිමා කොට ඉන් මුදල් ආපසු ලබා ගත හැකිවීම
  • අවම ඉලක්ක මුදල රුපියල් 10,000
  • උපරිම ඉලක්ක මුදල රුපියල් 10,000,000
  • ඉලක්ක සඳහා කාලසීමාව දින 30 සිට මාස 24 ක් දක්වා වේ

ඔබගේ Savings Goals (සේවින්ස් ගෝල්ස්) සේවාව ක‍්‍රියාත්මක කර ගන්නා ආකාරය

  • වම් අත පැත්තේ ඇති මෙනුව වෙතින් Savings Goals (සේවින්ස් ගෝල්ස්) නිරූපකය (icon) තෝරා ගන්න
  • “Proceed to Goals” ක්ලික් කරන්න
  • ඔබ නියම කර ගැනීමට කැමති ඉතුරුම් ඉලක්කය තෝරාගන්න
  • අවශ්‍ය විස්තර ඇතුලත් කර සම්පූර්ණ කරන්න

ඔබට Savings Goals (සේවින්ස් ගෝල්ස්) මඟින් ඉටුකර ගත හැකි අරමුණු කිහිපයක්

  • ඔබගේ විවාහ මංගල්‍යය සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කරගැනීමට
  • වාහනයක් මිලට ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කරගැනීමට
  • ඔබගේම නිවසක් මිලට ගැනීමට මුදල් ඉතිරි කරගැනීමට
  • ඔබට නව ජංගම දුරකථනයක් මිලට ගැනීම සඳහා මුදල් ඉතිරි කරගැනීමට
  • ඔබගේ සිහින නිවාඩුව ගත කිරීමට යාම සඳහා අවශ්‍ය වන මුදල් ඉතිරි කරගැනීමට
  • ඔබගේ සමීපතමයෙකු වෙනුවෙන් තෑග්ගක් මිලට ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ඉතිරි කරගැනීමට
  • ඔබ කැමති වෙනත් ඕනෑම ඉලක්කයක් සඳහා මුදල් ඉතිරි කරගැනීමට

DFCC Savings Goals (සේවින්ස් ගෝල්ස්) පිළිබඳව නිතර අසනු ලබන ප‍්‍රශ්න

  • Savings Goals (සේවින්ස් ගෝල්ස්) යනු කුමක්ද?
    • Savings Goals (සේවින්ස් ගෝල්ස්) යනු ඔබගේ ජීවිතයේ ඔබ කැමති අරමුණු හෝ ඉලක්ක ඉටු කර ගැනීම උදෙසා, යම් නියමිත මූල්‍ය ඉලක්කයක් වෙත ළඟා වනු පිණිස, දිනපතා, සතිපතා හෝ මාසිකව සමාන වාරිකවලින් මුදල් ඉතිරි කර ගැනීමට ඔබට උදව් වන “DFCC Online Banking” සේවාව තුළ ඇති විශේෂාංගයකි.
  • අපට Savings Goals (සේවින්ස් ගෝල්ස්) ඇරඹිය හැක්කේ කුමන මාධ්‍යයක් හරහාද?
    • “DFCC Online Banking” සේවාව හරහා
  • Savings Goals (සේවින්ස් ගෝල්ස්) සැලසුමක් විවෘත කිරීමට අවශ්‍ය අවම මුදල කොපමණද?
    • රුපියල් 10,000
  • Savings Goals (සේවින්ස් ගෝල්ස්) වෙතින් ගනුදෙනුකරුවන්ට ලබාගත හැක්කේ මොනවාද?
    • DFCC Savings Goals (සේවින්ස් ගෝල්ස්) ගනුදෙනුකරුවන්ට තමන් තෝරා ගත් ඉලක්කයන් ඉටුකර ගැනීම උදෙසා, තමන් කැමති කාලයක්, සමාන වාරිකවලින් මුදල් ඉතිරි කිරීමට උපකාරි වෙයි.
  • Savings Goals (සේවින්ස් ගෝල්ස්) සඳහා නියම කර ගත හැකි උපරිම කාලය කොපමණද?
    • අවුරුදු 2 කි.
  • ස්ථාපිත කර ගත හැකි Savings Goals (සේවින්ස් ගෝල්ස්) වාරික කාණ්ඩ මොනවාද?
    • දෛනික, සතිපතා සහ මාසිකව

DFCC Online Banking