DFCC Pay Merchant

DFCC Pay Merchant

DFCC බැංකුව හඳුන්වා දෙන DFCC Pay Merchant App එක හරහා ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය භාවිතා කර විකුණනු ලබන භාණ්ඩ සහ සේවා සඳහා QR කේත සමඟින් මුදල් රහිත ගෙවීම් ක්ෂණිකව සහ ආරක්ෂිතව අදම කරගන්න.

පාරිභෝගිකයෙකු ලෙස ලියාපදිංචි වීම

පාරිභෝගිකයෙකු ලෙස ලියාපදිංචි වීම

විශේෂාංග හා වාසි

  • ඕනෑම කෙනෙකුට මෙම යෙදවුම (Application) බාගත (Download) කරගෙන ලියාපදිංචි විය හැකිය.
  • කාඩ්පතක් නැතත් බැංකු ගිණුමක් භාවිතයෙන් ජංගම දුරකථනය ඔස්සේද ගනුදෙනු කළ හැකි වේ.
  • මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ හිමි වන සේවාවකි.
    සේවාව සමග එක්වී සිටින සියලුම දේශීය බැංකු වල ඉතුරුම් ගිණුම් හා ජංගම ගිණුම් මෙයට එක්කළ හැක.
  • DFCC ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමේ තොරතුරු සහ ගනුදෙනු පරීක්ෂා කළ හැකි වේ.
  • DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට DFCC Pay App භාවිතයෙන්, මෙරටදී මෙන්ම විදේශයන්හිදීද VISA QR පහසුකම් සහිත අලෙවිසැල් වලදී ගෙවීම් කළ හැකි වේ.
  • Customer initiated digital payments (මුදල් රහිත සහ කාඩ්පත් රහිත) සක්‍රීය කර ඇත.
  • ගනුදෙනු සම්බන්ධ සවිස්තර වාර්තා සහ Alert සේවාවන් ලබාගත හැකි වේ.
  • ඇමතුම් මධ්‍යස්ථානය මගින් දිනපතා පැය 24 පුරා සහය සේවය

 

ලියාපදිංචි වන ආකාරය

  • Play Store හෝ Apple Store වෙතින් DFCC Pay app යෙදවුම (Application) බාගත (Download) කරගන්න.
    App එක තුළ ලියාපදිංචි වන්න.
  • ලියාපදිංචි වීම සඳහා, වලංගු පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්න.
  • ලියාපදිංචි ජංගම දුරකථන අංකයට ලැබෙන තහවුරු කිරීමේ කේතය ඇතුළත් කරන්න.
  • ඉලක්කම් 8 කින් යුත් රහස්‍ය අංකයක් ඔබම සකසාගන්න.

 

ගෙවීම් උපදෙස් ඇතුළත් කරන ආකාරය

DFCC ක්‍රෙඩිට් කාඩ්පතක් ඇතුළත් කිරීම

  • Menu තුළින් ‘Payment Methods’ තෝරන්න.
  • කාඩ්පතේ මුහුණත ස්කෑන් කිරීම මගින් හෝ කාඩ්පත් අංකය සහ අනෙකුත් අවශ්‍ය තොරතුරු ඇතුළත් කිරීම මගින් ඔබගේ DFCC ක්‍රෙඩිට් කාඩ්පත ලියාපදිංචි කරන්න.
  • කාඩ්පත් ගිණුමට අදාළ ජංගම දුරකථන අංකයට එවන ලද, ඉලක්කම් 6 කින් යුත් තහවුරු කිරීමේ කේතය ඇතුළත් කරන්න.

ඕනෑම බැංකුවක ජංගම හෝ ඉතුරුම් ගිණුමක් ඇතුළත් කරන ආකාරය

  • Menu තුළින් ‘Payment Methods’ තෝරන්න.
  • ‘ADD NEW ACCOUNT’ ක්ලික් කරන්න.
  • බැංකුව තෝරා ගිණුම් අංකය ඇතුළත් කරන්න.
  • ගිණුම් වර්ගය සහ ගිණුම් අංකය ඇතුළත් කරන්න.
  • SMS Alert සේවාවට එවන ලද අහඹු අංකය ඇතුළත් කර ඉදිරියට යන්න.

 

වෙළඳ නියෝජිතයෙකු ලෙස ලියාපදිංචි වීම

විශේෂාංග හා ප්‍රතිලාභ

  • ව්‍යාපාරය අනුව අවශ්‍ය වන ලිපිලේඛන ඉදිරිපත් කළ යුතු ය.
  • DFCC බැංකුව සමග වෙළඳ නියෝජිතයෙකු ලෙස ලියාපදිංචි වීමේ ගිවිසුම සහ, අදාළ පහසුකම ඉල්ලා ඉදිරිපත් කරන අයදුම් පත්‍රය ඕනෑම DFCC ශාඛාවකින් ලබාගෙන, සම්පූර්ණ කර, ඉදිරිපත් කළ යුතු ය.
  • ගෙවීම් භාරගැනීම සඳහා DFCC ගිණුමක් තිබිය යුතු වේ.
  • QR Payment ක්‍රමය සඳහා, අදාළ තාක්ෂණය භාවිතා කළ හැකි ජංගම දුරකථනයක් හෝ උපාංගයක් තිබීම ප්‍රමාණවත් වන අතර වෙනත් අතිරේක උපාංග කිසිවක් අවශ්‍ය නොවේ.
  • Static QR ක්‍රමය සහ Dynamic QR ක්‍රමය යන ක්‍රම දෙකම භාවිතයෙන් ගනුදෙනු සිදුකළ හැකි වේ.
  • දේශීය හා විදේශීය ක්‍රෙඩිට් කාඩ්පත් වලින් මෙන්ම, Lanka QR ගනුදෙනු ඇතුළුව QR ගෙවීම් පහසුකම ලබා දෙන වෙනත් ක්‍රම භාවිතයෙන් ගෙවීම් භාරගත හැකි වේ.
  • ගෙවීම් භාරගැනීම ආරම්භ කිරීම සඳහා බැංකුවේ සහයෝගය ලැබෙනු ඇත.

 

වෙළඳ නියෝජිතයන් සඳහා වන ගිවිසුම

අලෙවිකරුවන් සඳහා වන අයදුම්පත්‍රය

නියමයන් හා කොන්දේසි

සේවා ගාස්තු

  • DFCC බැංකුවේ සිට වෙනත් බැංකු ගිණුමකට මුදල් මාරු කිරීම – රු. 30.00
  • DFCC Pay App හි සිට වෙනත් ගිණුමකට මුදල් මාරු කිරීමේදී එක් ගනුදෙනුවක් සඳහා උපරිම මුදල් සීමාව – රු. 1,000,000.00
  • DFCC ගිණුම් අතර මුදල් හුවමාරුවේදී එක ගනුදෙනුවක් සඳහා උපරිම මුදල් සීමාව – රු. 500,000.00