ගෙවීම් සහ මුදල් කළමනාකරණ විසදුම්

ගෙවීම් සහ මුදල්
කළමනාකරණ විසදුම්

DFCC iConnect ආයතනික සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතනවලට සුවිශේෂී පහසුකමක් ලබාදෙන සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ ගෙවීම් සහ මුදල් කළමනාකණ (PCM) විසඳුමකි.

DFCC iConnect

DFCC iConnect

DFCC iConnect ආයතනික සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතනවලට සුවිශේෂී පහසුකමක් ලබාදෙන සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ ගෙවීම් සහ මුදල් කළමනාකණ (PCM) විසඳුමකි. මෙම නව්‍ය මූල්‍ය විසඳුම දේශීය සහ විදේශීය වශයෙන් DFCC Bank PLC සමඟ මූල්‍ය පරිපාලනය කෙරෙන ආයතනයන්ගේ ගිණුම් පහසුවෙන් හැසිරවීම සඳහා සේවාදායකයන්ට මූල්‍ය සහ භාණ්ඩාගාර ඒකක නිර්මාණය කරයි. මෙය වැඩිදියුණු කළ ආරක්ෂිත විශේෂාංග වලින් සමන්විත වන අතර සැබෑ කාලය තුළ ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, දේශීය සහ විදේශීය ගෙවීම් සිදුකිරීම සහ දවස් 365 පැය 24 පුරා ඕනෑම මොහොතක එය ක්ලික් කිරීම මඟින් අවශ්‍ය ඕනෑම මූල්‍ය විසඳුම් මාලාවක් ලබාගත හැකිවේ.

සම්බන්ධතාවය

ඒකාබද්ධිත සහසබඳතාව සහ බලයලත් විසඳුම්

  • පද්ධති සබැඳුම

සංරචිත ගෙවීම් උපදෙස් ස්වයංක්‍රීයව DFCC iConnect එකට ඇඳා ගතහැකි පරිදි නිර්මාණය කළ සම්පූර්ණයෙන්ම පැතිරුණු ආරක්ෂිත සෘජු host-to-host (H2H) චැනල් හරහා ගෙවීම් පද්ධතිය සේවා දායකයාගේ ERP එකට සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කිරීමේ හැකියාව තිබීම. මෙමඟින් ඔවුන්ගේ එදිනෙදා මෙහෙයුම් ක්‍රියාවලියේදී අමතර කාර්යයක් ලෙස ගෙවීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනෙන අතර එය ද පද්ධතියට සම්බන්ධ කරමින් සේවාදායක පහසුව ලබාදෙයි.

  • iConnect ජංගම යෙදවුම්

DFCC iConnect ජංගම යෙදවුම, එදිනෙදා යන එන ගමන් ගෙවීම් අනුමත කිරීම සහ විස්තර බලාගැනීමේ පහසුව සේවාදායකයාට ලබාදීමේ අරමුණින් හඳුන්වා දී තිබේ. biometrics (fingerprint) නොහොත් ඇඟිලි සළකුණ හරහා අවශ්‍ය විටක දී පද්ධතියට login වීම සහ ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කිරී‍මේ හැකියාව සහිතව මෙම ඇප්එක නිර්මාණය කර ති‍බේ.

  • අත්සන් කිරීමේ උපදෙස්

සේවාදායකයාට ඔවුන්ගේ මණ්ඩ‍ලයේ අභියෝජනා වලට අනූව ඔවුන්ගේ වර්තමාන අනුමත කිරීමේ කේතයන් නිර්මාණය කළ හැකි අතර ඕනෑම සංඛ්‍යාවක අත්සන් සංයෝජනයක් සහ අත්සන් කාණ්ඩයක් DFCC iConnect පද්ධතියට ඇතුළත් කිරීමේ අවස්ථාව හිමිවේ.

  • වරප්‍රසාදිත සුවිශේෂී අනුමත කිරීමේ කේතයන්

ඔවුන්ගේ අභියෝජනා මණ්ඩලයට අනූව එකිනෙකට වෙනස් වූ සුවිශේෂීකරණයක් පදනම් කරගනිමින් නිර්මාණය කළ සුවිශේෂී අනුමත කිරීමේ කේත ප්‍රතිලාභ ලබන්නාට සකස්කර දීමේ හැකියාව සේවාදායකය‍ාට හිමිවේ. අන්තර් ආයතනික ගෙවීම් සඳහා වෙනස් වුනු සීමාවන් ඇති ‍මොහොතක තෙවන පාර්ශවයේ ගෙවීමක් සඳහා ද වෙනමම සීමාවන් පැනවීමේ අවකාශය තිබේ. ආයතනයේ අවශ්‍යතාවන්ගේ සුවිශේෂීත්වය හා වර්ගීකරණයට අනුව වෙනස් මාදිලියේ අනුමත කිරීමේ කේතයන් නිර්මාණය කර ගැනීමට ද DFCC iConnect වලට හැකියාව ඇත.

ගෙවීම

ඒකාබද්ධිත ගෙවීම් විසඳුම්

දේශීය ගෙවීම

  • චෙක්පත් මුද්‍රණය

DFCC හරහා iConnect වෙතට සේවාදායකයාගේ සියලු චෙක්පත් ගෙවීම් සහ බෙදාහැරීම් මෙහෙයුම් පැවරීමේ අවකාශය සේවාදායකයාට හිමිවීම හෝ ඔවුන්ගේ ආයතනයක් තුළ චෙක්පත් මුද්‍රණය කරගැනීමේ නම්‍යශීලීත්ව හිමිවේ. බලයලත් ඩිජිටල් අත්සන ‍ගෙවීම් විස්තරය ද සමඟ චෙක්පතේ මුද්‍රණය කර තිබෙන අතර සේවාදායක‍යාගේ ඉල්ලීමට අනුව ආවරණ සටහන පෞද්ගලීකරණය කරගැනීමේ අවස්ථාව හිමිවේ. යැවීය යුතු නිවේදනයන් අවශ්‍ය පරිදි හැඩගස්වා ගැනීමේ හැකියාව පද්ධතිය විසින් ලබාදී ඇති අතර බැංකු පාර්ශවයෙන් චෙක් එක මුද්‍රණය කිරීමෙන් පසු චෙක්පත් ලබන්නාට එම චෙක්පත යැවීමේ හෝ එකතුකර ගැනීමේ අවස්ථාව හිමිවේ.

  • අලෙවිසැල් SLIPS ගෙවීම

ගොනුවක් බාගත කිරීමකින් හෝ තත්කාර්ය තනි ගෙවීමක් හරහා සේවාදායකයාට සිය සපයන්නන්ගේ/අලෙවිසැල් වල ගෙවීම් සිදුකරගත හැක.මෙම පද්ධතිය මඟින් ප්‍රතිලාභියාවෙත වෙත විද්‍යුත් තැපැල් මඟින් හෝ කෙටි පණිවිඩයක් මඟින් ගෙවීම් කළ බව සඳහන් නිවේදනයක් යැවීමේ හැකියාව ද පවතී.

  • RTGS

උදෑසන 10 වනතුරු සිදුකරන ගෙවීම් අගය බැංකුව වෙත දැන්වීම සඳහා නම්‍යශීලී කාලයක් සේවාදායකයාට ලබාදෙයි. එම දිනයේම තනි තනි ගෙවීම් හෝ ගෙවීම් රැසක් සිදුකිරීමේ දී පිළිපැදිය යුතු මූල්‍ය උපදෙස් අනුමත කිරීම සිදුවේ.

  • ගෙවීම් නියෝග/ අයකැමි නියෝග

තනි ගෙවීමකින් හෝ ගොනුවක් බාගත කිරීම හරහා සිදුකරන ගෙවීම් සියල්ලම පද්ධතියට ඇතුළත් කළ හැක. අවශ්‍ය ගෙවීම් උපදෙස් ලැබීමෙන් පසු බැංකුව විසින් ගෙවීම් නියෝග/ අයකැමි නියෝග මුද්‍රණය කිරීම සහ විදේශ මුදල් හුවමාරු කිරීමේ ක්‍රියාවලිය සිදුවීම සඳහා ආසන්නතම බැංකු ශාඛාවෙන් මුද්‍රණය කළ ගෙවීම්පත් සකස් කරදීම සිදුකරයි.

  • පඩි ලැයිස්තු/ වැටුප් ගෙවීම්

DFCC iConnect හරහා සෘජුවම ඔවුන්ගේ පඩි ලැයිස්තු සකස් කිරීමේ හැකියාව සේවාදායකයාට හිමිවේ. ඔවුන්ට පඩි ගොනුවක් බාගත කිරීම හෝ ඔවුන්ගේ ගිණුම් පද්ධතිය (ERP) හරහා Host-to-Host සමඟ සම්බන්ධ වීම හෝ සිදුකිරීම පමණක් ප්‍රමාණවත් වේ.

  • අභ්‍යන්තරික හුවමාරු

සේවා දායකයාට අයිති ගිණුම් හරහා සැබෑ කාලයෙන් සිදුවන අන්තර්ජාල ගිණුම් හුවමාරුව හෝ තුන්වන පාර්ශවයක DFCC ගිණුමක් අතර සිදුවන තනි හෝ විශාල මුල්‍ය හුවමාරුවක් පැය 24 පුරාම සිදුකරගැනීමට මෙම පද්ධතිය හරහා හැකියාව ලැබේ.

විදේශීය ගෙවීම්

  • විදුලිලිපි හුවමාරු

තනි ගෙවීමක් ලෙස හෝ බාගත කිරීමක් ලෙස සියලු ගෙවීම් ඉදිරිපත් කළ අතර TT Form 1 ලදුපත්, පද්ධතියට සෘජුව යොමුකරන පහසුකම් ලබන්නන් සහතික කිරීමේ ලිපිය සහ සැදැහුම් සඳහා බැංකුව වෙත යොමුකළයුතු මුල් පිටපත් ආදිය තහවුරු කිරීමට අවශ්‍ය සහාය ලියකියවිලි අමුණන්නට හැකියාව ද ඔවුන්ට ලැබේ. භාණ්ඩාගාර RM / BM හරහා අත්කරගත් වැඩි කැමැත්තක් දක්වන අනුපාතයන් පද්ධතියට ඇතුළත් කිරීමේ හැකියාව සේවාදායකයාට හිමිවේ. මෙම ක්‍රියාවලිය දීමනා සැදැහුම් හඳුනාගනිමින් පද්ධතිය වෙත යැවීමට පහසුකම් සලසන අතර එමනිසා හොඳම විදේශ මුදල් හුවමාරු අගයන් සහිත භාණ්ඩාගාර අනුපාත යෝජනාවලියක් ලබාගත හැක.

  • අභ්‍යන්තරික හුවමාරු

සේවාදායකයා සතු ගිණුම් අතර හෝ DFCC බැංකුවට අයත් තුන්වෙනි පාර්ශවයක ගිණුම් අතර හෝ සිදුවන මූල්‍ය හුවමාරුවක දී පද්ධතිය හරහා තනි/ විශාල ගෙවීම් ආරම්භ කිරීමේ හැකියාව පවතී. සේවා දායකයාට භාණ්ඩාගාර/ RM / BM සඳහා තමන් කැමති පොළී අනුපාතයක් පද්ධතිය වෙත ඇතුළත් කිරීමට හැකි අතර මුදල් හුවමාරු අගය මත ඒ ඒ අවස්ථාවේදී ගෙවීම් ක්‍රියාවලිය සිදුවේ.

එදිනෙදා බිල්පත් ගෙවීම

DFCC iConnect හරහා සිය එදිනෙදා බිල්පත් ගෙවීම් හැකියාව සේවාදායකයාට ලබාදී තිබේ. සේවා දායකයාට ගෙවිය හැකි ආයතන 13 පද්ධතියේ නම් කර තිබේ. සේවාදායකයාට එක ගෙවීමක් එක වේලාවක දී පමණක් සිදුකරගත හැකි හෝ සියලු ගෙවීම් මාසිකව ගෙවීම් ලෙස සිදුකිරීම සඳහා පද්ධතියට නියෝග ලබාදීමේ අවස්ථාව ද හිමිවේ.

ලේඛණ ඇමිණුම් පහසුව

ඕනෑම දෙස් විදෙස් ගෙවීමකට අදාළව සහය ලිපිගොනු සෘජුවම පද්ධතියට ඇමිණීමේ පහසුව DFCC iConnect විසින් ලබාදී ඇත. මුද්‍රිත ගෙවීම් සටහන් විමසීමකින් තොරව ගෙවීම් අනුමත කිරීමක් සිදුකිරීමට ප්‍රථම අන්තර්ජාලය හරහා අදාළ සහය ලිපිගොනු නැරඹීම මඟින් පහසුවෙන් ගෙවීම් අනුමත කිරීමේ අවස්ථාව මේ නිසා උදාවේ.

ප්‍රතිලාභියා දැනුවත් කිරීම්

ගෙවීම් ක්‍රියාවලිය සිදුවන අතරතුර ඕනෑම ප්‍රමාණයක කෙටි පණිවිඩ හෝ විද්‍යුත් ලිපියක් ප්‍රතිලාභියා වෙත යැවීමේ හැකියාව පද්ධතියට ති‍බේ. ප්‍රතිලාභියා දැනුවත් කිරීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය ලදුපත් තොරතුරු හෝ අදාළ තොරතුරුත් යැවීමේ හැකියාව මෙහිදී ලැබේ.

ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත්

ආයතනික මට්ටමේ සහ පෞද්ගලික මට්ටමේ කාඩ්පත් හිමිකරුවන් එම මට්ටමේ දී ගනුදෙනු සිදුකළ ආකාරය බලාගත හැකි සහ ගිණුම් ප්‍රකාශ ලබාගත හැකි පහසුකම් සහිතව අදාළ ආයතනයක් යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත්කිරීමේ හැකියාව DFCC iConnect වෙත ඇත. මෙම පද්ධතිය මඟින් ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් වල ශේෂය සැබෑ කාලයෙන්ම විමසීමේ හැකියාව සහ කාඩ්පත් ගෙවීම් සම්පූර්ණ කිරීමේ අවස්ථාව ද හිමිවේ.

සාමූහික

ඒකාබද්ධ සාමූහික විසඳුම්

  • ඩිජිටල් තැන්පතු ගිණුම (Automatic Remitter Identification)

අසමසම දීමනා රැසක් iConnect හරහා මෙම නිපැයුම් විසින් ලබාදෙයි. මෙම විසඳුම් හරහා තමන්ටම අයත් ඩිජිටල් ගිණුම් අංකයක් නිර්මාණය කරන අතර සැදැහුම් වලින් තොරව ගෙවිය යුත්තන් ස්වයංක්‍රීයව හඳුනාගැනීමට සේවාදායකයාට මෙමඟින් හැකියාව ලැබෙයි. මේ නිසා සම්පූර්ණ පාරදෘෂ්‍යතාවක් සේවාදායකයාට ලැබෙයි. එමනිසා සිය එදිනෙදා වියදම් එකතුකරමින් වඩාත් පරිපූර්ණ විශ්ලේෂණාත්මක තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව සේවා දායකයාට උදාවේ.

  • මූල්‍ය සැපයුම් දාම කළමනාකරණය

iConnect වල තිබෙන මෙම වි‍ශේෂාංගය මඟින් බෙදාහරින්නන්ව සහ සැපයුම්කරුවන්ව බැංකුව විසින් අනුමත කිරීමට නියමිත සෘජු මූල්‍ය සේවා ලබාදීම උදෙසා එකම වේදිකාවකට ගෙනඒමේ හැකියාව ලැබේ. මිලදී ගැනීමේ නියෝග සහ ලදුපත් පිළිගැනීම් ආදිය සඳහා සේවාදායකයාට බෙදාහරින්නා/ සැපයුම්කරුවාට එකම වේදිකාව භාවිතා කළහැක. මෙහිදී මූල්‍ය පාරිසරික පද්ධතිය ස්වයංක්‍රීයව හැසිරවීම සහ බෙදාහරින්නා/ සැපයුම්කරුවන්ගේ අවශ්‍යතා එකම වේදිකාවක් තුළදී දැකගැනීමට ලැබීම ආදී පහසුකම් ‍සේවාදායකයාට හිමිවේ.

  • අයවියයුතු මුදල් කළමනාකරණ පද්ධතිය

අසමසම සාමූහික වාර්තා තුනක් සේවාදායකයන්ට සැපයෙන අතර එමඟින් ඔවුන්ට ඔවුන්ගේ මුදල් හුවමාරුව විශ්ලේෂණය කිරීම සහ ඔවුන්ගේ ගිණුම වලට ලැබුණ ණය මෙන්ම ඔවුන්ගේ ගිණුම් වලට ලැබිය යුතුව තිබෙන ණය පිළිබඳ වෙන වෙනම අවධානය යොමුකරමින් මුදල් ගලායාම පිළිබඳ පූර්ව නිගමන වලට එළඹීමේ අවස්ථාව උදාකරයි.

සංහිඳියාව

ඒකාබද්ධිත වාර්තා සහ සංසන්දනාත්මක විසඳුම්

  • සැබෑ කාලයේදීම ගිණුම් වාර්තා නැරඹීම සහ බැංකු ගිණුම් ප්‍රකාශ බාගත කරගැනීම

සේවාදායකයාට තමන්ගේ අවශ්‍යතාවය පරිදි සැබෑ කාලය තුළදීම ගිණුමේ ප්‍රකාශ නැරඹීම හෝ ගිණුම් ශේෂය නැරඹීම හෝ විවිධ ආකෘති (Excel/PDF වැනි) යටතේ ගිණුම් ප්‍රකාශ බාගත කිරීමේ හැකියාව ලැබේ.

  • බැංකු ගිණුම් සැසඳීම

සැසඳීම් කාර්යයන් සඳහා භාවිතා කළ හැකි පරිදි අවශ්‍ය ආකාරයට තොරතුරු සකස්කළ වාර්තා / ගිණුම් ප්‍රකාශ ඕනෑම ආකෘතියක් ලබාගැනීමේ හැකියාව DFCC iConnect විසින් සිය සේවාදායකයින්ට ලබාදී තිබේ.

මුදල් කළමනාකරණ සම්මාන