ලංකා මනී ට‍්‍රානස්ෆර් (LMT)

ලංකා මනී ට‍්‍රානස්ෆර් (LMT)

ලංකා මනී ට‍්‍රානස්ෆර් (LMT) සේවාව යනු DFCC බැංකුව සතු ඊශ‍්‍රායලය, ඕමානය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු තවත් බොහෝ රටවලින් ශ‍්‍රී ලංකාවට මුදල් එවීමට හැකි ආරක්ෂිත ක‍්‍රමවේදයකි.

හැඳින්වීම

හැඳින්වීම

ලංකා මනී ට‍්‍රානස්ෆර් (LMT) සේවාව DFCC බැංකුව හඳුන්වාදුන් සුවිශේෂී සේවාවක් වන අතර ගිණුම් වෙත සෘජුවම මුදල් පේ‍්‍රෂණය කිරීමට හැකියාව ඇති ක‍්‍රමවේදයකි. DFCC බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ බැංකු 11ක් සමඟ හවුල්කාරිත්වයෙන් දිවයින පුරා පිහිටි විශාල බැංකු ජාලය සහ ශාඛාවන් සමඟින් ඉහල සේවාවක් සැපයීම සඳහා කටයුතු කරනු ලබයි.

LMT හවුල්කරුවන්

1. DFCC බැංකුව

2. HDFC බැංකුව

3. හැටන් නැෂනල් බැංකුව

4. පෑන් ඒෂියා බැංකුව

5. ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව

6. ලංකා ඔරික්ස් ලීසිං සමාගම

7. යූනියන් බැංකුව

8. සණස සංවර්ධන බැංකුව

9. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස්

10. සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනය

11. අමානා බැංකුව

ප‍්‍රතිලාභ

ලංකා මනී ට‍්‍රානස්ෆර් (LMT) සේවාවේ ප‍්‍රතිලාභ (විදේශ මුදල් පේ‍්‍රෂණ සඳහා)

1. මුදල් කෙලින්ම ඔබ සමීපතමයකුගේ බැංකු ගිණුමට බැර වීම.

2. අමතර කාලයක් නොමැතිව පේ‍්‍රෂණ එසැනින් ගිණුමට බැර වීම.

3. රටපුරා ශාඛා1300කට අධික සංඛ්‍යාවකින් මෙම සේවාව ලබාගත හැකි වීම.

4. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඕමානය, ඊශ‍්‍රායලය, දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල ස්ථාන 500කට අධික සේවා ජාලයකින් සමන්විත වීම.

5. මුදල් පේ‍්‍රෂණය කිරීමේ ආරක්ෂිතම සහ පහසුම ක‍්‍රමවේදය වීම.

6. ඔබ DFCC ඩෙබිට් කාඞ්පතක් සහිත ගිණුම් හිමියෙක් නම්, LankaPay හා සම්බන්ධ ATM යන්ත‍්‍ර 4100කට ආසන්න ප‍්‍රමාණයකින් මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව.

විදේශ මුදල් හුවමාරු නියෝජිත මධ්‍යස්ථාන

අදාළ රට අනුව විදේශ මුදල් පේ‍්‍රෂණ සඳහා නියෝජිත හුවමාරු මධ්‍යස්ථාන තීරණය වේ.

DFCC බැංකුව විදේශීය නියෝජිතයන් ගණනාවක් සමඟ හවුල්කාර වී සිටින අතර විදේශයන්හි සේවය කරන සහ වෙසෙන අයට ශ‍්‍රී ලංකාවේ තම පවුලේ සාමාජිකයන්ට ඉක්මනින් හා ආරක්ෂිතව මුදල් යැවීම සඳහාම නිර්මාණය කර ඇති අතර අමතර සේවා රැසක්ද පිරිනමයි.

NO. Country Country Flag Exchange Company Logo
1 Israel
2 Oman
3 Qatar
4 UAE
5 South Korea
6 Hong Kong
7 Italy
8 Singapore
9 Australia
10 New Zealand
11 Japan

විදෙස් නියෝජිතයන්

විදෙස් නියෝජිතයන් හෝ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන්

  • විදේශයන්හි සේවය කරන සහ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම කැපවුණු සේවාවක් සැපයීම සඳහා DFCC බැංකුව පහත සඳහන් කාර්ය මණ්ඩලය යොදවා ඇත.
නම: සජිත කෙවිටියාගල – ඊශ්‍රායලය

ජංගම දුරකථන: 054-899-8878

ඊමේල්: sajitha.kevitiyagala@dfccbank.com

නම: විරාජ් උඩුගම – ඩුබායි

ජංගම දුරකථන: +971551223859

ඊමේල්: viraj.udugama@dfccbank.com

නම: ලලීන් රුබේරු – කටාර්

ජංගම දුරකථන: +97466651567

ඊමේල්: laleen.ruberu@dfccbank.com