
Our Sustainability
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
අධ්‍යාපනික
දරුවන්ට සහ තාරුණ්‍යයට අධ්‍යාපනය ලබාදීමෙන් කිසිදා නොනවතින සාධනීය ප්‍රගතියක් සමස්ත ජාතියටම ලැබෙන බව DFCC බැංකුව දැඩිව විශ්වාස කරයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්ත්වය නංවාලීමට සැමදා සක්‍රියව දායකත්වය ලබාදෙන DFCC බැංකුව අනාගත පරම්පරාවේ නායකයන් සහ සක්‍රිය දායකත්වය ලබාදෙන්නන් දැනුමෙන් සන්නද්ධ කිරීමට කටයුතු කරයි.
“Samata English” අධ්‍යාපනික ව්‍යාපෘතිය
2017 වසරේදී ගම්පහ සහ කළුතර කේන්ද්‍රකරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කළ “Samata English” ව්‍යාපෘතිය එතැන් පටන් වැඩිදියුණු කරමින් , ව්‍යාප්ත කරමින් බැංකුව විසින් දිගටම පවත්වාගෙන යයි. විශ්වාසයෙන් යුතුව වෘත්තීය ලෝකයට ඇතුළුවීම උදෙසා අවුරුදු 16 – 22 අතර තරුණ තරුණියන් ඉංග්‍රීසි දැනුමෙන් සන්නද්ධ කිරීම ඉලක්කොටගෙන මෙම වැඩසටහන පවත්වයි. 2018 අප්‍රේල් සිට අගෝස්තු දක්වා ගාල්ල, කළුතර සහ කුරුණෑගල යන නගර වලදී මෙම ව්‍යාපෘතිය පැවැත්වීය. එහිදී පූර්ව තෝරාගැනීමේ පරීක්ෂණයක් මඟින් තෝරාගත් සිසු සිසුවියන් 96 දෙනෙක් ඉංග්‍රිසි පංතියට සහභාගී වූ අතර Gateway Language Centre සමඟ ඒකාබද්ධව ඉගැන්වීම් කටයුතු සිදුකළේය. මාස 3ක අධ්‍යයන කාලය අවසන්වීමෙන් පසු පැවැත්වුනු අවසන් වාර පරීක්ෂණයෙන් සිසු සිසුවියන් 96 දෙනා අතරින් 87 දෙනෙක් පළමු පන්තියේ සාමාර්ථ ලබාගැනීමට සමත්විය. ඉංග්‍රීසි කථාකිරීමේ පුහුණුව සමඟ තරුණ තරුණියන්ගේ ජීවිතවලට සාධනීය බලපෑමක් ඇතිකිරීමට මෙම ව්‍යාපෘතිය කෙතරම් සහයක් වී ඇත්දැයි ලබාගත් ප්‍රතිඵල වලින් මනාව පැහැදිළි වේ. Gateway ආයතනයේ පූර්ණ අධීක්ෂණය සහිතව අවසන් පරීක්ෂණය පැවැත්වූ අතර සාමාර්ථ ලබාගත් සිසුන්ට Colombo Academy of Language Skills and Dramatic Art (CALSDA) ආයතනයෙන් සහතිකපත් නිකුත් කළේය.
‘Samata English’ දෙවන වැඩසටහන සාර්ථකව අවසන් කරමින් ඉහළම ලකුණු ලබාගත් සිසුසිසුවියන් 6 දෙනා බැංකුවේ සීමාවාසික පුහුණුවකට ඇතුළත් කරගන්නා ලදී. ඔවුන්ගේ වෘත්තීය අත්දැකීම් වැඩිදියුණු කරගැනීමට සහ හැකියාවන් සංවර්ධනය කරගැනීමට මෙන්ම වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීමත් මෙමඟින් අවස්ථාවක් නිර්මාණය වූ බව නොරහසකි.