ව්‍යවසායක සංවර්ධන
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ මුල් හා අවදානම් සහිත ආරම්භක අවධියේදී සහය ලබා දී ඊළඟ මට්ටමට ළඟා වීමට සහාය වීම සම්බන්ධයෙන් DFCC බැංකුව ප්‍රසිද්ධ වී ඇත. බොහෝ දෙනා අද විශාල සමාගම් බවට පරිණාමය වී ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා බැංකුව මුදල් ආධාරයෙන් පමණක් නොව ව්‍යාපාරයක් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරන ව්‍යවසායකයින් ගොඩනැගීමේ පුහුණු වැඩසටහන් හරහා ද සහාය වේ. මෙය 2018 දී “සහය හමුව” ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සමඟ අඛණ්ඩව ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහය ඇතිව වසර පුරා මෙවැනි වැඩසටහන් 20 ක් පමණ රට පුරා පවත්වන ලදී.
වසර 60 කට වැඩි කාලයක් තිස්සේ ව්‍යවසාය සහ කුඩා කර්මාන්ත පෝෂණය කිරීම වෙනුවෙන් DFCC බැංකුව කැපවිය. මූල්‍ය සහායකයකුගේ භූමිකාව පමණක් ඉලක්ක නොකරගනිමින් විශේෂඥ දැනුම සහ නිවැරදි නිපුණතා වලින් ජනතාව බලගන්වන්නට බැංකුව කටයුතු කළේය. එසේ සහය දුන් බොහෝ පිරිස් අදවන විට රටේ නමක් දිනාගත් ව්‍යවසායකයන් ලෙස වැජඹෙයි.
තමන් සතු සාර්ථකත්වයේ උරුමය ඉදිරියට ගෙනයමින් 2017 වසරේ දී DFCC බැංකුව දිවයින පුරා විහිදී සිටින සුළු, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සහ ව්‍යවසායකත්ව සංවර්ධනය මෙන්ම ගුණාත්මක සහය සැපයීම ඉලක්ක කොටගෙන ‘සහය හමුව’ නම් ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දෙනු ලැබීය. මෙහිදී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික දැනුම, මූල්‍ය කලමනාකරණ හැකියාව සහ මූල්‍ය සාක්ෂරතාව සංවර්ධනය කිරීම වෙනුවෙන් වැඩමුළු සංවිධානය කර තිබිණි.
බිම් මට්ටමේ සිටම ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වෙනුවෙන් වටිනා පුහුණුව සහ දැනුම ලබාදීමට අමතරව මෙම වැඩමුළු වලදී කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම නිර්මාණය කර තිබූ DFCC බැංකුවේ මූල්‍ය නිපැයුම් පිළිබඳව ද ලුහුඬු දැනුමක් ලබාදීම සිදුවේ.
‘සහය හමුව’ වැඩමුළුව නිසා කෘෂිකාර්මික, සේවා ක්ෂේත්රය, කර්මාන්ත ව්‍යාපාර, වෙළඳ, අලෙවිකරණ ව්‍යාපාර, කෑම බීම වෙළඳාම් මෙන්ම තවත් බොහෝ කුඩා ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර වඩාත් ශක්තිමත්ව සාර්ථකව ඉදිරියට ගෙනයාමට විශාල ආධාරයක් ලබාදෙයි. ග්‍රාමීය ව්‍යවසායකයන් සහ කලාපීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහය වීම ද මෙම මූලිකත්ව වැඩසටහනේ තවත් එක් අරමුණකි. රජය දැනටමත් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස සුළු ව්‍යවසායකයන්ව මූල්‍ය උපායමාර්ගික වශයෙන් වැදගත් කොට සළකන අතර එම මූලික ප්‍රතිපත්තිය පෙරදැරි කොටගනිමින් ගොඩනැගෙන ජාතික අරමුණට සහයවීම උදෙසා මහ බැංකුව විසින් මෙම අංශයේ වර්ධනය වෙනුවෙන් විශාල සහයක් සහ ක්‍රියාමාර්ග ගෙනයමින් තිබේ.