
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
ATM හෝ CRM යන්ත්‍ර භාවිතාකර ඔබගේ ගනුදෙනු නිවැරදිව කිරීම සඳහා ඔබ සැලකිය යුතු කරුණු
February 27, 2023

ඔබට ATM හෝ CRM යන්ත්‍ර භාවිතාකර බැංකු ශාඛාවක් වෙත නොගොස් තම බැංකු ගිණුම් භාවිතාකර ගනුදෙනු සිදුකිරීමට පහසුවෙන් ඉඩසලසයි. එසේ වුවද, DFCC බැංකුවේ ATM / CRM යන්ත්‍ර හෝ වෙනත් බැංකුවල ATM යන්ත්‍ර භාවිතා කිරීමේදී ප්‍රථම අවස්ථාවේදීම ගනුදෙනු සාර්ථක ලෙස සම්පූර්ණ කිරීම සඳහා පහත සඳහන් කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
01. ඔබගේ කාඩ්පතේ පින් (PIN) අංකය මතක තබාගන්න.
පළමුව, තමන් සතුව ATM කාඩ්පත සහ පින් (PIN) අංකය තමා ළඟ ඇති බවට තහවුරු කරගත යුතුයි. කාඩ්පත සහ පින් (PIN) අංකය නොමැතිව සිය ගිණුම් වෙත පිවිසීමට හා ගනුදෙනු සිදු කිරීමට නොහැකි වනු ඇත. ඔබගේ පින් (PIN) අංකය මතක තබා ගැනීම සුරක්ෂිත ක්රමවේදයකි. එනමුත්, ඇතැම් විට ඔබගේ මතකය ගිලිහී යන්නට ඉඩ තිබෙන අතර ඔබගේ පින් (PIN) අංකය ලියා ගෙන ඔබ සමග ගෙන යාමට වඩා, එය සටහන් කර ගෙන, මතක තබාගෙන, සුරක්ෂිත තැනක තැබීම වඩා යෝග්‍ය වේ.
02. සෑම විටම ATM / CRM යන්ත්‍ර අවට යම් සැකකටයුතු යමක් සිදුවේදැයි විමසිලිමත් වන්න.
ඔබගේ කාඩ්පත යන්ත්‍රය තුළට ඇතුළු කිරීමට පෙර, යන්ත්‍රයට හානි සිදු කර හෝ වැරදි සහගත ලෙස භාවිතා කර තිබේදැයි කියා සහ යන්ත්‍රය අවට යම් සැකකටයුතු යමක් සිදුවේදැයි කියා සොයා බැලිය යුතුය. කවර දෙයක් වුවද සාමාන්‍ය පරිදි නොපවතී හෝ නොවේ යැයි පෙනෙන්නේ නම් හෝ අසාමාන්‍ය යමක් සිදුව තිබේ නම් හෝ සිදු වේ නම්, ඔබ යන්ත්‍රය භාවිතා කිරීම නොකළ යුතු අතර, ඒ පිළිබඳව අදාල බැංකුව වෙත වහාම වාර්තා කළ යුතුය.
03. ඔබ පින් (PIN) අංකය නිවැරදිව ඇතුළත් කළ යුතු බවට වග බලාගන්න.
කාඩ්පත යන්ත්‍රයට ඇතුළු කළ වහාම, ඔබගේ පින් (PIN) අංකය ඇතුළත් කරන මෙන් උපදෙස් ලැබෙනු ඇත. ATM / CRM යන්ත්‍ර සඳහා නිවැරදි පින් (PIN) අංකය ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දෙන්නේ අවස්ථා තුනක් පමණක් බවත්, එම තුන් අවස්ථාවේම නිවැරදි පින් (PIN) අංකය ඇතුළත් කිරීමට ඔබ අසමත් වුව හොත්, යන්ත්‍රය ඔබගේ කාඩ්පත රඳවා ගන්නා බවත්, මතක තබා ගැනීම ඉතා වැදගත්ය. එම නිසා පළමු අවස්ථාවේදීම පින් (PIN) අංකය නිවැරදිව ඇතුළත් කිරීමට වග බලාගන්න. තම පින් (PIN) අංකය ඇතුළත් කිරීමෙන් පසුව, ගනුදෙනුව තෝරා ගැනීම සඳහා වූ විකල්ප තේරීම් මෙනුවක් තිරයේ දිස් වනු ඇත. මෙම විකල්ප මෙනුව අදාළ බැංකුව හෝ ATM / CRM යන්ත්‍ර වර්ගය මත වෙනස් වුවද සාමාන්‍යයෙන් එයට මුදල් ආපසු ගැනීම, මුදල් තැන්පත් කිරීම, ගිණුම් ශේෂය පරික්ෂා කිරීම හා ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම යන තොරතුරු සඳහන් වේ.
04. ගිණුමෙන් මුදල් ආපසු ගැනීමට පෙර, ඔබගේ ගිණුම් ශේෂය පරික්ෂා කිරීමට වග බලාගන්න.
සෑම අවස්ථාවකදීම ATM / CRM යන්ත්‍ර තුළ ඇති ශේෂය පිරික්සීමේ විකල්ප පහසුකම හරහා ඔබගේ ගිණුමේ ශේෂය පරික්ෂා කිරීමෙන් ඔබගේ මුදල් ආපසු ගැනීම සාර්ථක වන බවට සහතික වනු පිණිස, ගිණුම තුළ ප්‍රමාණවත් මුදල් තිබේදැයි පරික්ෂා කරන්න. එයට අමතරව, ඔබගේ වියදම් හා ඉදිරි ගෙවීම් වලට අවශ්‍ය වන පරිදි නිතිපතා ඔබගේ ගිණුම් ශේෂය පරික්ෂා කරන්න.
05. ගිණුමෙන් මුදල් ආපසු ගැනීමේදී ඔබ ලබාගැනීමට අවශ්‍ය වූ මුළු මුදලම තිබේදැයි සහ රිසිට්පත සමඟ එය යලි පරික්ෂා කර බැලීමට වග බලාගන්න.
ගිණුමෙන් මුදල් ආපසු ලබා ගැනීමේදී, ලබාගැනීමට අවශ්‍ය වූ මුළු මුදල, ATM / CRM යන්ත්‍ර මඟින් නිකුත් කරන රිසිට්පත හා පිටතට පැමිණ තවමත් නොගෙන ඇත්දැයි පරික්ෂා කළ යුතුය. ගිණුමෙන් ආපසු ලබා ගත් මුදල, රිසිට්පත හා සන්සන්දනය කොට පරික්ෂා කර බැලීමත් ඉතා වැදගත් වේ.
06. මුදල් තැන්පත් කිරීමේදී නිවැරදි තැන්පත් මුදල හා තැන්පතු රිසිට්පත දෙවරක් පරික්ෂා කරන්න.
මුදල් තැන්පත් කිරීමේදී, නිවැරදි විවරය තුළට මුදල්/චෙක්පත් ඇතුළත් කරන බවට හා තිරයේ දිස් වන උපදෙස් නිවැරදිව අනුගමනය කිරීමට වග බලාගත යුතුය. යන්ත්‍රය වෙතින් නික්ම යාමට පෙර, නිවැරදි තැන්පත් මුදල, තැන්පතු රිසිට්පත සමඟින් නිවැරදිද යන්න නැවත පරික්ෂා කිරීම ඉතා වැදගත් වේ.
07. මුදල් ගනුදෙනුව සිදු කිරීමට පෙර, ගිණුම් අංකය හා මුදල සැමවිටම නැවත වරක් පරික්ෂා කරන්න.
තම ගිණුම් ශේෂය පරික්ෂා කිරීමේදී හෝ ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමේදී ගනුදෙනුව තහවුරු කිරීමට පෙර ගිණුම් අංක හා මුදල් ප්‍රමාණයන් නැවත වරක් පරික්ෂා කළ යුතුය.
08. ATM / CRM යන්ත්‍ර මඟින් නිකුත් කරන රිසිට්පත් තබා ගැනීමටත්, ගිණුම් ශේෂ යලි පරික්ෂා කිරීමටත් වග බලාගන්න.
තම ගනුදෙනු නිවැරදිව සිදු කරන ලද බවට සහතික වනු පිණිස, ATM / CRM යන්ත්‍ර මඟින් නිකුත් කරන රිසිට්පත් ළඟ තබා ගැනීමටත්, මාර්ගගතව (ONLINE) හෝ ජංගම දුරකථන යෙදවුම් (ඇප්) භාවිතා කර ගිණුම් ශේෂය නැවත වරක් පරික්ෂා කිරීමටත් වග බලාගත යුතුය.
09. ATM / CRM යන්ත්‍ර වල ඇති විය හැකි ගැටළු අවබෝධ කර ගැනීම.
ඊ.එම්.වී (EMV) මාර්ගෝපදේශයන්ට අනුකූල නොවීම හා ඇතැම් ක්‍රෙඩිට් කාඩ්පත් මත ඇති චිප් (CHIP) එක යන්ත්‍රයට කියවීමට නොහැකි නිසා යන්ත්‍රය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබීම වැනි තාක්ෂණික ගැටළු ඔබට ඇති වීමට ඉඩකඩ ඇත. ඇතැම් විට ඔබගේ ගිණුමෙන් මුදල් හර වන නමුදු, යන්ත්‍රයෙන් මුදල් පිටතට නොපැමිණීම සහ ස්වයංක්‍රීය ලෙස එම ගනුදෙනුව අවලංගු නොවීමට ඉඩ ඇත. ඔබ කෙටි පණිවුඩ සේවාව (SMS) සඳහා ලියාපදිංචි වී තිබේ නම්, එය ඔබට සැණෙකින් දැන ගත හැකිය. ඔබට උපකාර අවශ්‍ය වන්නේ නම්, ඔබ කළ යුතු වන්නේ අපගේ පාරිභෝගික සම්බන්ධතා මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමය.
පසු සටහන
ATM / CRM යන්ත්‍ර භාවිතාකර ඔබගේ ගිණුම් වෙත පිවිසීමට හා ගනුදෙනු කිරීමට පහසුවෙන් ඉඩසලසන අතර සෑම විටම ඔබගේ වටපිටාව පිළිබඳව අවබෝධයෙන් සිටීමත්, මුදල හා ගිණුම් අංක යලි පරික්ෂා කිරීමත්, ඔබගේ මුදල් හෝ ගිණුම් වාර්තා සඳහා රිසිට්පත් සුරැකිව තබා ගැනීමත් සිදු කරන්න. මෙම සැලකිය යුතු කරුණු අනුගමනය කිරීම මගින්, ඔබට ප්‍රථම අවස්ථාවේදීම නිවැරදි ලෙස එම ගනුදෙනු සිදුකිරීමට හැකිවනු ඇත.