DFCC කාන්තා ව්‍යවසායක ජංගම ගිණුම

DFCC කාන්තා ව්‍යවසායක ජංගම
ගිණුම

DFCC කාන්තා ව්‍යවසායක ජංගම ගිණුම යනු DFCC බැංකුව විසින් ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා හඳුන්වා දෙන ලද සුවිශේෂී ජංගම ගිණුමකි. මෙමගින් ව්‍යවසායිකාවන්ට ‘DFCC ආලෝකා’ හරහා පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් ලබාගත හැකි වේ.

කාන්තා ව්‍යවසායක ආයතනික ජංගම ගිණුම හඳුන්වා දීම

කාන්තා ව්‍යවසායක ආයතනික ජංගම ගිණුම හඳුන්වා දීම

ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා ‘DFCC ආලෝකා’ සේවාව හරහා ඔවුන්ට පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් පිරිනැමීමේ අරමුණින් මෙම ගිණුම හඳුන්වා දී ඇත.

මේ යටතේ මූල්‍ය සේවාවන්ට අමතරව, කාන්තාවන් ඉලක්ක කරගත් ආයතන, සංවිධාන හා සංගම් ආදිය සමග අත්වැල් බැඳගෙන, ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමද සිදු කෙරේ.

අපගේ අරමුණු වන්නේ ආර්ථික වර්ධනය දිරිගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමානත්වය ප්‍රවර්ධනය කිරීම සහ රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම යනාදියයි.

‘DFCC ආලෝකා’ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා

මෙතැන ක්ලික් කරන්න

කාන්තා ව්‍යවසායක ජංගම ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම්

  • ලියාපදිංචි තනි පුද්ගල ව්‍යාපාරයක් හිමි කාන්තාවක් වීම
  • කාන්තාවන් සතුව 50% කට වැඩි හිමිකාරීත්වයක් හෝ කොටස් හිමිකාරීත්වයක පවතින ව්‍යාපාරයක් වීම
  • රු. 10,000/- ක අවම තැන්පතුවක්

කාන්තා ව්‍යවසායක ජංගම ගිණුමේ විශේෂ ලක්ෂණ

ණය හා ලීසිං සේවාවන් සඳහා විශේෂ පොලී අනුපාත

විශේෂ ප්‍රතිලාභ

  • ප්‍රතිමූලය ණය යෝජන ක්‍රම යටදේ සහනදායි පොලී අනුපාත සහිත ණය පහසුකම්
    • රජයේ අරමුදල්වලින් ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම
    • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂ ණය යෝජනා ක්‍රම
ණය රේඛාව SMELOC – අතිරේක මූල්‍යකරණය III (වෙන් කිරීම 7) උත්තේජක පැකේජය
MSME අංශය නැවත බලගැන්වීම සඳහා
SMELoC 2
සුදුසුකම් ඇති අංශ කණ්ඩායම් පිරිවැටුම LKR බිලියන 1 ට අඩු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති නිෂ්පාදනය, ඉදිකිරීම්, අපනයනය නැඹුරු, සංචාරක, ඇඟලුම්, ධීවර,
සත්ව පාලන, කෘෂිකර්ම, කෘෂි පදනම් වූ සංස්කෘතිය සහ සියලුම කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ඕනෑම කුඩා හා
මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමූහයේ පිරිවැටුම LKR බිලියන 1 ට වඩා අඩුය
කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, නිෂ්පාදන, තාක්ෂණය, අපනයන නැඹුරු ඕනෑම
MSME සහ
LKR බිලියන 1 ට අඩු සමූහ පිරිවැටුමක් සහිත ඕනෑම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් මෙහෙයවනු ලැබේ
පොලී අනුපාත 9% p.a. 7% p.a. 8% p.a.
ණය අරමුණ
  • කාරක ප්රාග්ධන අවශ්යතාව
  • ආයෝජන (යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ මිලදී ගැනීම)
  • ප්රතිසංස්කරණයට සහාය වීම සඳහා
  • ආයෝජන (යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සහ
    උපකරණ, ගෘහ භාණ්ඩ සහ තාක්ෂණය හඳුන්වාදීම)
  • ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම
  • කාරක ප්රාග්ධන ණය
  • මූල්‍ය අර්බුදයෙන් ඇති වන බලපෑම් මඟහරවා ගැනීම සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා
ධුර කාලය 2 to 5 years 10 years 3 years
ණය ප්රමාණයන් Maximum LKR 50 Mn Maximum LKR 15 Mn Maximum LKR 10 Mn
සුදුසුකම් ලියාපදිංචි SME (වෙළඳාම හැර, කුලියට දීම, බදු දීම) ලියාපදිංචි SME හෝ තනි පුද්ගල (වෙළඳාම, කුලියට දීම, බදු දීම හැර) 8% p.a.ලියාපදිංචි SME (වෙළඳාම, කුලියට දීම, බදු දීම හැර)
ණය ආයතනය ADB අරමුදල් රජයේ අරමුදල් ADB අරමුදල්

වැඩි විස්තර සඳහා කරුණාකර රේණුකා අමතන්න- 0768 756 894

වෙනත් ප්‍රතිලාභ

  • POS යන්ත්‍ර සහ ගෙවීම් ද්වාර (Payment Gateways) – ගනුදෙනු පිරිසැකසුම් කටයුතු කඩිනමින් සිදුවීම සහ මුදල් ඉක්මනින් DFCC බැංකුවේ ජංගම ගිණුමට බැර වීම
  • ආයතනික ණයපත්

මූල්‍යමය නොවන ප්‍රතිලාභ

  • සුහද හමු සහ සම්මන්ත්‍රණ ආදිය
  • විශේෂ මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව
  • වැඩමුළු සහ පුහුණු සැසි
  • පැය 24 පුරා ක්‍රියාත්මක ‘ආලෝකා’ ක්ෂණික ඇමතුම් අංකය: සෑම දිනකම පැය 24 පුරා භාෂා තුනෙන්ම බැංකු සේවා සහය ලබාගැනීමේ හැකියාව

නියමයන් හා කොන්දේසි